කාලීන සංවාද

පන්සලක් හදමු

පන්සල් පිළිසකර කිරීම, වෙහෙර විහාර දාගැබ් තැනීම , අතරමඟ නතර නොවී කෙලින්ම චාතුර් මහා රාජිකය දක්වා ගිය හැකි කුසල කර්මයන්ය.

මාතර ගුණරතන මුදලින්ද පිරිවෙන  ගරා වැටෙමින් පවතී. එය ප්‍රතිසංස්කරණය කිරීමේ බර පැනින් කොටසක් දැරීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් අවට පදිංචි පවුල්වල කුඩා දරු දැරියන් සහ තරුණ කොටස් Blooming Flowers නම්  ප්‍රසංගයක් සූදානම් කර ඇත.





ඊයේ හවස එහි පුහුණුවීම  දැක බලා ගන්නට මට හැකි විය.  මෙම ප්‍රසංගයට ඉදිරිපත් වන කුඩා ළමුන් බොහොමයක් ඇමරිකාවේ උපන් අයයි. සමහරු  ඉංග්‍රීසියෙන් ලියා ගෙන ගොත ගසමින් සිංහළ කතා කරන අයයි.
නිකම්ම නිකම්  අනුන්ගෙන් ආධාරයක් නො ඉල්ලා , ඒ වෙනුවට ඔබට යමක් දී ආධාර ඉල්ලීම අපේ හැටිය.
එනිසා  2014 මාර්තු 8 දා ඩොලර් 20 කට ටිකට් පතක් මිළයට ගෙන එම ළමුන් ඉදිරිපත් කරන ප්‍රසංගයද නරඹා  හිත සැහැල්ලු කර ගෙන හැකි නම් තවත් ආධාරයක් කොට වැනසෙමින් යන බුදු දහම රැක ගැනීමට හවුල් වන්න.

ඔබට නිවාඩු පාඩු වෙලාවක මේ ටිකත් කියවන්න.
බුද්ධාගම ලොව පුරා විසිරී තිබුණු ආගමකි. එය යුරෝපයේද , ඇෆ්ඝනිස්තානය වැනි මුස්ලිම් රටවලද විසිරී තිබුණු බවට සාක්ෂි එමට ඇත. මධ්‍යම ඇමරිකානු රටක් වන ගෝතමාලාවෙන් , ගෝතම් සිටි , මායා වැනි වචන ඇහෙන්නේ කෙසේද කියා විද්වතුන් පරීක්ෂණ පවත්වයි. අපේ ගාතාවල " යෝනකපුරය" ලෙස දැක්වෙන්නේ සවුදි අරාබිය ප්‍රමුඛ මුස්ලිම් රටවල් මිස වෙන මොනවාද ?
එක කතුවරයෙකු පවසන්නේ බුද්ධාගම යනු Dwindling ( වඳවීගෙන යන ) ආගමක් ලෙසටය.  බුදුන් උපන් ඉන්දියාවේද බුද්ධාගම ප්‍රධාන ආගම නොවේ.
මෙයට හේතු කීපයක් ඇත.
1.  වෙනත් ආගම් වල  බලපෑම.
  ( විශේෂයෙන් ක්‍රිස්තියානි ආගම අදහන අයට විශේෂ වරප්‍රසාද හිමි විය. උසස් රැකියා , හොඳ පාසැල්. )
2.  බුද්ධාගමේ පවතින අසීමිත නිදහස.
 (මුස්ලිම්වරුන් අනිවාර්යයෙන්ම සිකුරාදා පල්ලි යා යුතුය. ඔවුන් එදාට තම ව්‍යාපාරික ස්තාන, කඩ සාප්පු වසා දමයි.   බෞද්ධයෙකු වන මා පන්සල් යන්නේ කඨිනදාට පමණය. ඒ කටට රසට කෑම වේලක් කෑමටය. ඒත් මා ද බෞද්ධයෙකි. අපේ හාමුදුරුවන් මා එළවා දමන්නේ නැත.)
3.  බුද්ධාගම ආකර්ශනීය ආගමක් නොවීම.
( මා කුඩා කළ පන්සල් ගියේ අත්තම්මා සමඟය.  පන්සල් යන්නේ වයසට ගිය පසු බවට අපගේ හිස් වලට ඔබ්බවා තිබුණි. පන්සල් ගියත් හාමුදුරුවන් වදාරන්නේ ජීවිතයේ ඇති නිස්සාර බවය.
"ජීවිතං අනියතං
මරණං නියතං
ජීවිතය දුකයි
මරණය සැපයි."

ඇත්ත මෙය වුවත් , මේ තිත්ත ඇත්තට බය ඇති අය වෙනත් ආකර්ශණීය ආගම් සොයා ඇදුනි.
4.  බුදුන් දෙසූ පරිදි සියල්ල අනිත්‍යය. බුදු දහමද ස්තිර නැත.
ඒත් බුදු දහමේ ඇති යතාර්තවාදී බව වටහා ගත් හෙන්රි ස්ටීල් ඕල්කොට් වැනි බටහිර විද්වතුන් පවා බුදු දහම නගා ලීමට විශාල සේවයක් කලහ.

අප අපගේ ගුරුවරුන්ට නම කියා කතා නොකරන්නේත් , ගුරුවරුන් , වැඩිහිටියන් දුටු විට අසුන් වලින් නැගිටින්නේත් , මව් පියන් මහළු වූ විට මහළු නිවාස වලට නොයවන්නේත් , බුදු දහම තුලින් අපගේ සිත් සරු වී ඇති නිසා නොවේද?

නිවීර.