කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
විචාර Kids' Corner ගීත කතන්දර ලොව වටා පුවත් HOME
දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් අවට ජීවත්වන හැමෝම හොඳින් දන්නා හඳුනන , අප සමාජයට විශාල සේවයක් කරන මොරාන් පෙරේරාගේ මෑණියන් වන සීතා වීරසිංහ මාතාව මැයි මස 11 වන දින ශ්‍රී ලංකාවේදී පරලෝ සැපත් වූවාය. අපි ඇයට නිවන් සුව පතමු.
එහි හත් දවසේ දානමය පින්කම Pasadena විහාරයේදී  Sri Lankan-American සංගමයේ  හා හිතවතුන්/හිතවතියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.
මේ එහි අවස්තා කීපයක්'



Pictures by Sarath Gunatilake


****************************************

ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර්  කේ. ජේ. ජයවීර හා ලුතිනන් කර්නල් බී ඒ ජී ලියනගේ මහත්වරුන් විසින් එවන ලද යාපනයේ වෙසක් පිළිබඳව මේ කෙටි සටහන;

අප ඔබට ණය ගැතිය. තව මාස 6 ක් ගතවූවා නම් අප , අපේ රටේම ආගන්තුකයන් වීමට ඉඩ තිබිණ.
ලෝකයේ හතරවන විශාලතම හමුදාව ලෙස සැලකෙන ඉන්දියන් හමුදාවටද පැරදවීමට නොහැකි වූ , ලොව නොම්මර එකේ හමුදාව ලෙස සැලකෙන ඇමරිකන් හමුදාවේ ආධාර නොගෙන; ලොව බිහිසුනුම ත්‍රසතවාදීන් මුලින් උපුටා දමීමට හැකිවීම නිසා උන් අපට ඉරිසියා කරයි.

අපට ඇති සම්පත් අනුව බලන කල ලොව දක්ෂතම හමුදාව අපේය. ලොව විනීතම හමුදාව අපේය.
එක බඩවැල කඩා ගෙන ආ සහෝදරයන් අතරත් විවිධ ගති ගුණ ඇති උන් ඉන්නා එකේ , ලක්ෂ ගණනක් ඉන්නා හමුදාවක නහර කාරයින් එකෙක් දෙන්නෙක් ඉන්නට පුළුවන. එකෙක් දෙන්නෙක් කරනා වැරදි වලට මුළු හමුදාවම පලි නැත. 
මිය ගිය ඉරාක සෙබළුන්ගේ මළ කඳන් වලට හුජ්ජ කරන ඇමරිකන් සෙබළුන්ගේ ඡායාරූප මා දැක ඇත.
මිනිසුන් අතරට යන්න. මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න.තමාට පහර දීමට එන අයට මිස අන් අයට පහර නොදෙන්න. තමා මැරීමට එන අය මිස අන් අය නොමරන්න.

යාපනයේ පසු ගි දා පැවති වෙසක් උළෙලේ රූප මේ.






දමිළ දැරියන් දමිළ බසින් භක්ති ගී ගයන ආකාරය