කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
විචාර Kids' Corner ගීත කතන්දර ලොව වටා පුවත් HOME
බුදුන් අහසින් වැඩියාද ?

බුදුන් වහන්සේ තුන් වතාවක්ම ලංකාවට වැඩම කර ඇති බව ඉතිහාස කතා කියයි. උන් වහන්සේ  මුහුදු මාර්ගය ඔස්සේ නැවක හෝ බෝට්ටුවක ආ බවක් සඳහන් නොවේ.
මිහිඳු හිමියන් ඇතුළු පිරිස ආ හැටි ගැනද විස්තර නොවේ.

1980 ගණන් වල පැතිර ගිය මෝහන රංග වැඩ සටහනකදී තිලක් ප්‍රනාන්දු නම් මනෝ වෛද්‍යවරයා  ශාලාවේ උන් කෙනෙකු වේදිකාවට  කැඳවා , ඔහු පුටු තුනක් මත උඩු බැලි අතට නිදි කෙරෙව්වේය. එක් පුටුවක් මත ඔහුගේ දෙපාද , අනෙක් පුටුව  මත ඔහුගේ හිසද විය. තවත් පුටුවක් මත ඔහුගේ පසුපස පෙදෙස රැඳී තිබුණි. ඔහු මෝහනයෙන් නිද්‍රාවට පත් කල වෛද්‍යවරයා හෙමින් සීරුවෙන් දෙපා රැඳි පුටුව ඉවත් කළේය. වෙනසක් නැත. ඔහු පෙර විලසටම නිදි. ඉන් පසු , පස්සා ප්‍රදේශය රැඳි පුටුවද ඉවත් කළේය.  නිද්‍රාවට පත් තැනැත්තා කලින් මෙන්ම පොළවට සමාන්තරව නිදයි.

මෙසේ කෙනෙක් මෝහනයෙන් නිද්‍රාවට පත් කර පොළොවෙන් උඩට ඉස්සීම කල හැකි දෙයක්ය. එනම් ගුරුත්වාකර්ෂණයට විරුද්ධ අතට යම් බරක් එසවීමය. මෙයට ඉංග්‍රීසියෙන් Levitation කියා කියයි.
මෑත කාලයේ ජීවත්වූ යූරි ගෙලර් නම් ඊශ්‍රායල් ජාතිකයාට අතින් අල්ලන්නේ නැතිව හැඳි ගෑරුප්පු නැමීමටද , දුවන ඔර්ලෝසු කටු නතර
කිරීමටද හැකි විය. ඒ අධි මානසික බලයෙනි.

රහතුන්  යනු තමන්ගේ සිත පාලනය කල හැකි කෙනෙකි. එසේ නම් පාලනය කොට ගත් සිතෙන්, තම ශරීරය එසවීමට පුළුවන් බව මගේ විශ්වාසයයි. මෙය කිරීමට බෞද්ධයෙකු වීමට අවශ්‍ය නැත.  පහත වීඩියෝව බලන්න. මේ ශ්‍රී ලාංකික තරුණයා මහ පාරේ , පොළවෙන් ඉහළට ඉස්සෙන හැටි බලන්න. බැලූ බැල්මට මෙහි හොර බොරුවක් නැත.
ඒ කාලයේ අනුරාධපුරයේ රහතන් වහන්සේලා කොපමණ හිටියාද කියනවා නම්, අහසින් ගමන් කර විට ඔවුන් ගේ හෙවනැල්ලට චණ්ඩ හිරු රශ්මිය පවා ආවරණය වූ බව කියැවේ.

" එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ"