කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
විචාර Kids' Corner ගීත කතන්දර ලොව වටා පුවත් HOME


සිරිපාල: අපෙ හාංදුරුවනේ.. වතුර ටිකක් බිව්වාම පවු සිද්ධ වෙනවද ?"
හාමුදුරුවෝ: නැහැ

සිරිපාල: එතකොට හාංදුරුවනේ.. රට ඉඳි ටිකක් , වරක මදුලක් දෙකක් කෑවාම පවුද ?
හාමුදුරුවෝ: නැහැ

සිරිපාල: සීනි කෑවාම පවු සිද්ධ වෙනවද ?
හාමුදුරුවො: නෑ මනුස්සයෝ නෑ.
සිරිපාල: එහෙම නං අපෙ හාංදුන්නේ.. වතුර ටිකකට සීනි ටිකක් , රට ඉඳි ටිකක් , වරක් මදුලක් දෙකක් දාල හදාපු කසිප්පු ටිකක් බොන එක  නරක වැඩක් වෙන්නෙ කොහොමද ?

හාමුදුරුවෝ:  මේ අහපන් සිරිපාල ,, වතුර ටිකකින් උඹට ගැහුවොත් රිදෙනවද ?
සිරිපාල: නෑ
හාමුදුරුවෝ: එතකොට පස් ටිකකින් උඹට ගැහුවොත් රිදෙයිද?
සිරිපාල: නෑ

හාමුදුරුවෝ: එහෙම නම්  පස් ටිකකට වතුර ටිකක් දාල අනල මැටි ගුලියක් හදල පුච්ච්ල ගඩොල් කැටයක් හදල ඒකෙන් උඹට ගැහුවොත් රිදෙයිද ?

සිරිපාල: ???????????
----------------------------------------------------

ඇම්ඩගෙ හැටි දන්නවනේ?.. දවසක් පන්තියෙ ටීචර් සාමාන්‍ය දැනීම ප්‍රශ්න අහනව.

ළමා....යි.. ගහක අත්තක කුරුල්ලො පස් දෙනෙක් වහල ඉන්නව. දඩයක්කාරයෙක් ඇවිත් එක කුරුල්ලෙකුට වෙඩි තියල බිම දානව. දැන් අත්තෙ කුරුල්ලන් කී දෙනෙක් ඉන්නවද?

1 ළමයා:  4 යි මිස්
2 ළමය : 4 යි මිස්.

ඔය විදියට පන්තියේ ළම්යි හැමෝගෙම උත්තරේ උනේ 4.

ඊ ළඟට ඇම්ඩගෙ වාරෙ.
 ඇම්ඩා: එක්කෙනෙක් වත් නෑ ටීචර්.

ටීචර්: ඒ කොහොමද?
ඇම්ඩා: ඇයි ටීචර්.. වෙඩි සද්දෙට අනික් උන් 4 දෙනාම ඉගිලිලා යනවනේ....

ටීචර්. ඒක නෙවේ හරි උත්තරේ. 5 න් 1 ක් අඩු උනාම 4 යි. ඒත් ඇම්ඩ හිතන විදියත් හරි..

මමත් ටීචර් ගෙන්  ප්‍රශ්නයක් අහන්නද?

මිස්ගෙ වයසෙ කාන්තාවන් තුන් දෙනෙක් අයිස් ක්‍රීම් ෂොප් එකකට ගිහින් අයිස් පලම් තුනක් ගන්නව.
1 කාන්තාව අයිස් පලම දත් වලින් කඩල කන්න පටන් ගන්නව.
2 කාන්තාව අයිස් පලම වටේට ලෙව කනව.
3 වන කාන්තාව අයිස් පලම සූප්පු කරනව.
මේ තුන් දෙනාගෙන් කසාද බැඳපු කාන්තාව කවුද?

ටීචර් ටිකක් හොල්මන් වෙලා ගියා මේ ප්‍රශ්නෙට. ටිකක් වෙලා කල්පනා කරල , ඕන එකක් කියල " අයිස් පලම  සූප්පු කරන එක්කෙනා තමා කසාද බැඳපු එක්කෙනා කියල කීවා.

ඇම්ඩා: නෑ ඒක් නෙවෙයි හරි උත්තරේ. ඇඟිල්ලක මුද්දක් දාගෙන ඉන්න එක්කෙනා තමා විවාහක. ඒත් ටීචර් හිතන විදියත් වැරදි නෑ....

----------------------------------------------
In Japan They invented a machine that catches thieves;
They took it to different countries for a test.

In USA , in 30 minutes, it caught 20 thieves;
In UK in 30 minutes, it caught 500 thieves;
In Spain , in 20 minutes, it caught 25 thieves;
In Ghana , in 10 minutes, it caught 6,000 thieves;
In Uganda , in 7 minutes it caught 20,000 thieves;
In Kenya , in 8 minutes, it caught 30,000 thieves;

In Sri Lanka, in 5 minutes..." The machine was stolen.".
---------------------------------------------
එක් ධනවත් මිනිසෙකුට පුතුන් තුන් දෙනෙක් විය.
ලොකු පුතා දොස්තරෙකි. දෙවැන්නා ඉංජිනේරුවෙකි. බාලයා ලෝයර්(Lawyer) කෙනෙකි. මිනිසා කලක් ලෙඩින් සිට මිය ගියේය. භූමදානයදා තම තමන්ගේ ධනවත්කම අනෙක් අයට පෙන්වීමට තිදෙනාම කතා කර ගත්හ.
අනේ  තාත්තේ , තාත්තට හොඳට සලකන්නත් බැරි උනා. පරලොවදී පාවිච්චියට ගන්න යයි කියා ලොකු පුතා ඩොලර් 1000 ක් පෙට්ටියට දැමුවේය. ඊළඟ පුතාද තම අයියා අනුගමනය කරමින් ඩොලර් 10000 ක් පෙට්ටියට දැමුවේය.
බාලයා අර මුදල් සියල්ලම රැගෙන ඩොලර් 100,000 කට චෙක් එකක් ලියා පෙට්ටියට දැමුවෙය.
ලෝයර්ලාගේ හැටි එහෙමය.

------------------------------------------
දිනක් තරුණ ලෝයර් කෙනෙක් තම අළුත්ම බෙන්ස් රියෙන් ගමනක් යමින් සිටියේය. ටිකක් පිටිසර පාරක ගමන් කරන විට ඔහුට දක්නට ලැබුනේ  පාර දෙපස වැවී තිබෙන තණ කොළ කමින් සිටි මිනිසුන් දෙදෙනෙකි.
මේ ජුගුප්සා ජනක දර්ශනය දුටු ඔහු වහාම රිය නතර කොට " ඇයි තමුසේ මේ තණකොළ කන්නේ"? කියා එක් මිනිසෙකුගෙන් ඇසුවේය.
" අනේ සර්.. මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. සල්ලි නෑ. බඩගිනියි . ඒකයි තණකොළ කෑවෙ"

" හොඳයි ගිහින් නගිනව මගෙ කාර් එකට"

දෙවන මිනිසා ළඟට ගිය ලෝයර් ඔහුගෙන්ද අර විදියට ඇසුවේය. ලැබුනේ කලින් වගේම පිළිතුරකි.
" හොඳයි.. තමුසෙත් නගිනව කාර් එකට .. අපේ ගෙදරට යන්න"

ගමන අතරමඟදී එක් මිනිසෙක් නිකමට මෙන් මෙසේ ඇසුවේය.
" සර්.. ඔබ කොච්චර හොඳ කෙනෙක්ද.. කොහේද මේ අපි එක්ක යන්නෙ?"
" මගෙ  ගේ පිටු පස  මිදුලෙ අඩි දෙකක් උසට තණ කොළ වැවිල තියෙනව"

ලෝයර්ලා ගේ හැටි එහෙමය.