කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
අපේ ළමයි Kids' Corner ගීත කතන්දර Advertisements HOME

ZUMBA සුම්බා යනු  ටිකක් වේග රිද්මයේ කොළොම්බියානු නැටුමකි. ඇමරිකානු කාන්තාවන් අතර මෙය ජනප්‍රිය වී ඇත්තේ ශරීරය කෙට්ටු කරන ව්‍යායාමයක් ලෙසටය.

ඇමරිකානු ගැහැණුන්ගේ වැඩේ නිතරම කන එකය. මා සමඟ එකම ආයතනයේ සේවය කරන ජීන් ටිකක් විසේකාර අම්මණ්ඩි කෙනෙකි. " What am I going to eat today ?"
උදේ වැඩ පටන් ගන්නේ දවල්ට කන දේ ගැන සිතමින්ය. ඇමරිකානු ගැහැණියක් කෑම සඳහා හෝටලයකට හෝ රෙස්ටොරන්ට් එකකට ගෙන ගියහොත් , කෑම වේලක් අරන් දුන්නොත් ඇය සමඟ ඕනෑම දෙයක් කළ හැකිය. ඕනෑම දෙයක් ?... ඔව් ඕනෑම දෙයක්.
දවස පුරාම හොඳින් කන බොන උන් summer එක කිට්ටු වෙන කොට ඇඟ කෙට්ටු කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරයි. ඇඟ කෙට්ටු කර ගන්නේ බිකිනි ඇඳීමටය.

ගිය සතියේ සෙනසුරාදා දිනයක මා El Dorado පාක් එක පැත්තට ඇවිද ගියේ කම්මැලි කමටය. එදින එහි විශාල උත්සවයකි.එළිමහන් වේදිකාවක මැදි වයසේ ගැහැණුන් රොත්තක් වේග රිද්මයේ රැඟුමක යෙදෙයි. ඒ සුම්බාය.

පසු පස පේලියේ , කළු දිග කොණ්ඩයක් සහිත ශ්‍රී ලාංකික පෙනුමක් ඇති ගැහැණියක්ද නටයි.
ඇය කතාවට අල්ලා ගැනීමට මට මහත් ඕනෑ කමක් විය. හරියට පැය 1/2 කට පසු  රංගනය නැවතුනා. මා ඇය අසළට ගියා. ඇය බෝතලයකින් ගුඩු ගුඩු ගා වතුර බී , තුවායකින් ගෙල වට දහදිය පිස දැම්මා.
"නමස්කාර්" නොදන්න හින්දියට ගිහින් වරිගේ නහ ගන්නේ මොකටද කියා සිතුන'මුත් ඇය ඉන්දියන් කතක් යැයි සිතා මා ඇයට එසේ ආචාර කළා.
" නමස්කාර්... හැබැයි මම ඉන්දියන් නෙවේ. ලංකාවෙ" ඇය ඉංග්‍රීසියෙන් උත්තර දුන්නා.
" හා.. හරි ෂෝක්.. අපි එහෙනම් සිංහළෙන් කතා කරමු"
" ඇයි සුම්බා කරන්නේ.. ඔයා එතරම් මහතත් නැහැනේ.."
" ඒත් බයයි.. මහත් වෙයි කියල. මම වැඩ ඇරිලා සුම්බා ක්ලාස් යනව. මහන්සි බලන්නෙ නැතිව. සුමානෙකට දවස් තුනක්. අද අපේ performance එකක් තිබුනා.
ගැහැණුන් ඉක්මණට වයසට ගියත් පිරිමින් , ගැහැණුන් තරම් ඉක්මණට වයසට නොයයි.
" සීයා මනමාලයා  - නාකි ඉලංදාරියා"
පිරිමියා සිතන්නේ තම බිරිඳ/ පෙම්වතිය හැමදාම  තරුණ පෙනුමෙන් ලස්සනට තබා ගැනීමටය. හැම පිරිමියාගේම මානසිකත්වය එයයි.
" පුංචි පුතේ උඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
සුදු කොට රැළි ගවුම් ඇඳන් පාසැල් ගිය කාලෙ වගේ
කෝල බැලුම් දැන් හෙලන්නෙ නෑ"
( දයාරත්න රණතුංගගේ ගීයකින් ..)

" මගෙ හොඳම යාළුවට වෙච්චි දේ ඇහුවම මට බය හිතුනා. එයා ටිකක් මහත් උනා බබා හම්බ උනාම. ඇඟ ගැන සැළකිළිමත් උනේ නැහැ. එයාගේ මහත්තයා වෙනත් ගෑණියක් එක්ක සම්බන්ධ කමක් ඇති කර ගත්ත."
ලංකාවේ ගැහැණුන් විවාහ වී දරුවෙක් දෙන්නෙක් ලැබුණාම ජීවිතය එතනින් ඉවර යැයි සිතයි. තම ශරීර පෙනුම ගැන නොසිතයි.
ඔබේ සැමියාගේ ආදරය.. ආකර්ෂණය හැමදාම ඔබ වෙත රඳවා ගැනීමට එකම පිළියම..

නිවීර