දෝන කුසුමාවතී

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව වෙළඳ දැන්වීම්


දෝන කුසුමාවතී
දෝන කුසුමාවතීගෙ සම්පූර්ණ නම අත්තනායක ආරච්චිලාගේ දෝන කුසුමාවතීය. මුලදී ඇය සිතන්නේ මේ “දෝන” කියන කොටසත් තම නමේම කොටසක් කියලාය. මොකද එයාගෙ අයියට දෝන කෑල්ලක් නොතිබිණු නිසා.
ඉතාම කුඩා කාලෙදි එයා මේ දෝන කෑල්ලට ගොඩක් ආස කළා. වැඩියෙන්ම ආස කළේ හසලක පදිංචි තමන්ගේ පුංචි අම්මා , “ඩිංගි” අවුරුද්දකට වතාවක් බඩ ඉරිඟු- පැපොල් අඹ- තල- කැකිරි වගේ දෙවල් ගෝනි කීපයක් අරන් ආ දාට.
ඇයට දෝණි කියලත් සමහරදාට ආදරේට කිරි දෝණි කියලත් කතා කරනවා.ඒත් පුංචි අම්මා තමන්ට දෝණි කියන්නේ ඇය දෝන නිසා නොව “දුවනි” කියන එක කොට කරල බව තේරුම් ගියේ ගොඩාක් පස්සෙ.
ගමේ ඉස්කෝලෙ ප්‍රාථමික අධ්‍යාපනය නිම කළ ඇය ටවුමෙ ආගමේ ඉස්කෝලෙට ගියේ අර ඈලි මෑලි ගසා දාල ලොකුම ලොකු ගෑණු ළමයෙක් උනාට පස්සෙ. ඒ ඉස්කෝළෙ ගැණු-පිරිමි දෙගොල්ලම හිටියා. තමන් ආස කරන දෝන කෑල්ල කන් කරච්චලයක් උනේ අළුත් ඉස්කෝළෙට ආවට පස්සෙ. කාඩ පෙනුමක් ඇති ගුණපාල කුසුමාවතීගෙ පිරි ගෙන එන පපුව දිහා අමුතු විදියට බැලුවේ සැරයක් දෙකක් නොවේ. ඒ නිසාම තමා ඇය නිකම්ම නිකම් දෝන නොවී කිරි දෝන වුනේ. ඒත් කොල්ලන් අතරේ විතරයි.

ලොකු ළමයෙක් උනාට පස්සෙ කුසුමාවතීට නිදහසේ එහෙ මෙහෙ ඇවිදින එකට තහංචි වැටුනා. ඉඳල හිටලවත් ගියේ වත්තේ දළු කැඩූ දාට වත්තේ හොෆ්මන් මහත්තයගෙ බංගලාවට . කුසුමාවතිලට තේ අක්කර දෙක හමාරක් විතර තිබුනා.
දෙසැම්බර් ජනවාරි කාලෙට ටිකක් සීතලයි. ඒ කාලෙට තේ ගස් කප්පාදු කරන්නටත් , ගස් වටේට මුල්ලු කරල පෝර දැමීමටත්, දළු ලියලන කාලෙට දළු කැඩීමටත් වත්තේ දෙමළ ගෑණු පිරිමින්ගේ උදව්ව ඕන උනා.

උන්ගෙන් තමා කුසුමාවති දෙමළ කතා කරන්න ඉගෙන ගත්තෙ. ඒත් උන් වැඩියෙන් කියල දුන්නෙ කුණුහරප.

තේ පඳුරු අතරින් පතර හිටවන ලද සබුක්කු ගස් දිගේ අඩි තිහක් – හතළිහක් ඉහළට නැග තිබුණු ගම්මිරිස් වලිනුත් එයාලට ආදායමක් ලැබුණා. ඉදුනු ගම්මිරිස් කරල් කුඩා බඩ ඉරිඟු කරල් වගේ ගහ දිගේ බේරෙන කොට කුසුමාවතීගෙ හිතට ආවෙ තමන්ලත් පොහොසත් අය කියලා. ගම්මිරිස් කඩල මිදුලේ පැදුරු උඩ වේලන කාලෙට තමා පන්තියෙ යාළු කෙල්ලන්ට ගෙදරට එන්ට ආරාධනා කළේ.

සති දෙකකට වරක් එයාලගෙ කෑල්ලෙ දළු කැඩුනා. තද කොළ පාට දළු පරදවමින් ඉහලට ඇදෙන ලා දල්ල තමා හොඳ. ඒත් ටිකක් මෝරපු කොළ යටට දාල උඩින් උඩින් වගේ ලා දලු දැම්මත් කිරන වෙලාවට දළු අවුස්සන ගැටයා කුසුමාවතිලගෙ දළු අහක දැම්මෙ නැහැ. ඌ ගෑණු පෙරේතයෙක්. කුසුමාවතිත් , කරුපයියගෙ දුව මාරිත් එක්ක පිටේ කූඩයක් බැඳගෙන හරි හරියට දළු කැඩුවා.

” දෝණි දළු කඩන්න එපා ෆින්ගර්ස් සේරම කැත වෙනව. කහට....... කහට....
හොෆ්මන් මහත්තය දවසක් කීවා.
ඇත්ත තමා..
හොෆ්මන් මහත්තයගෙ සාලෙ ලස්සන සුදු නෝන කෙනෙකුගෙ පින්තූරයක් එල්ලල තිබුණා. එයා ඇඳල හිටියේ හිරවුනු දිග කළිසමක් සහ පිරිමි අඳින ජාතියේ අත් දිග ටෙරිලින් කමිසයක්. එයාගෙ අතේ බාගෙට දැල්වුනු සිගරට්ටුවක්ද තිබුනා. නියපොතු රතුම රතු පාටයි. ඇඟිලි දිගයි. දුම් වළළු පිට කරන ආකාරයට එයා තොල් උල් කරන් හිටියා. 
"දැක්ක නේද ? ගෑණු ළමයි ෆින්ගර්ස් ලස්සනට තියා ගන්න ඕන.." හොෆ්මන් මහත්තයා වැඩි දුරටත් කියා හිටියා.

හොෆ්මන් මහත්තයගෙ නෝන අන්තරාවෙලා. එංගලන්තෙදි.. රිය අනතුරකින්. ඊට පස්සෙම විවාහයක් කර ගෙන නැහැ. ගමේ ගෑණු නම් නොයෙක් කතා කියනවා.

ඒත් මේ වගේ සුවඳ ගහන සුදු මහත්තයෙක් වත්තෙ ගෑණියක් එක්ක බුදියයිද ? කරුපයියගෙ ගෑනි ? රාමසාමිගෙ ගෑණි එක්ක ? මේ වත්තෙ බලු බෙටි ඇහිඳින ගෑණු එක්ක. ? මොන බොරුද ?

දවසක් හොෆ්මන් මහත්තයා කුසුමාවතීට උඩුමහළට කතා කළා.
“මේ දැක්කද ? මගෙ පේන්ටින්ග්ස් ? සේරම මම ඇඳපුවා”
පන්සලේ ලොකු හාමුදුරුවෝ , ඒ. රත්නායක මහත්තයා , ලෙව්ලේ මහ දිසාව , නිත්තවෙල ගුණයා ජීවමානව වගේ හිටියා. ඊ ළඟට.. ඊයා…. උඩු කයට මොකවත් නැති කළු පාට ගෑණියක් !

කුසුමාවතී ආයෙම බැලුවා.රාමසාමිගෙ ගෑණි – ලෙච්චිමී.? කරුපයියගෙ ගැනි ආනම්ම? නෑ වෙන්න බෑ.. උන් දෙන්නගෙ තන් ඔයිට වඩා ලොකුයි. හැබැයි ලස්සන පින්තූරෙ, දිග දම්වැලක එල්ලුනු පහනක් අතින් ගත් ගැහැණියගෙ මුහුණට පහනේ ආලෝකය වැටෙන විදියටයි ඇඳල තිබුණේ. හොෆ්මන් මහත්තයා නන් හැබෑ දක්ෂයෙක්.
තේ දළු කඩන වැඩේට වඩා ගම්මිරිස් කඩන වැඩේටයි කුසුමාවතී වඩා කැමති. සබුක්කු ගහට හේත්තු කරන ලද උණ ගහේ රිකිලි වලට වාරු දෙමින් කුසුමාවතිත් ගම්මිරිස් කැඩුවා. ගෙදර හිටිය එකම කොල්ලා ජයසේන, කුසුමාවතිගේ අයිය නිකමටවත් ගෙදර වැඩට හවුල් උනේ නෑ. සමහරදාට කරුපයිගෙ කොල්ල බාලනුත් ආවා උදව්වට.
කුසුමාවති ගහේ ඉන්න කොට ගහ යටට ආ බාලන් උඩ බලල කට කොණට හිනාවක් නගා ගෙන පැත්තකට ගිහින් තොල කට ලෙව කෑව.

කුසුමාවතියි , ජයසේනයි එක පැදුරෙ නිදා ගත්තෙ. ආයෙ මොනව වෙනවද ? තාම නොදරුවොනේ. ඇරත් අයියයි නංගියි. පෑලිස්ගෙ පවුල- බේබි නෝනා– කුසුමාවතිගෙයි ජයසේනගෙයි අම්ම එහෙම හිතුව .

ඒත් දවසක්..උදේ… ඒයි ජයසේනයො… උඹ ඔය සරම හොඳට තදට ඇඳ ගනින්. පලයං ගිහින් හුජ්ජ කරල ඇවිත් නිදා ගනින්. උඹ මීට පස්සෙ නංගිත් එක්ක එක පැදුරෙ නිදා ගන්න එපා.

බේබිනෝනා අල්ලපු වැටේ ඉන්න තම මලයගෙ පවුල පියවතීත් එක්ක මේක කිව්වෙ වැඩි හොඳට.
” මං ඕක එච්චරටම ගණන් ගත්තෙ නෑ.. තාම පොඩි උන් නේ කියල,, අපේ ජයසේනය උඩු බැලි අතට නිදි.. උගෙ සරම ගැලවිල. මට විලි ලැජ්ජාවයි. මං දැක්ක හැටියට නං ඌ පොඩි එකෙක් නෙවේ.

කුසුමාවති වයසට වඩා මෝරපු පාටයි. උන්ගෙ නැන්දලගෙ ආරෙට යනවද කොහෙද .
කඩේ දාං ඇද ඇද හිටි එකෙක් කුසුමාවතී නාන්ට යනව බලං ඉඳල..
” ඇර….. මේකි හොඳට මේ ගමට නෙවේ.. සිදාදියට….”

අම්මේ මේං මේකිට පිස්සු හැදී ගෙන එනවද කොහෙද .. මේකි මගෙ දුංකුණ්ඩ මිරිකල ඕං ඔය පැත්තට දිව්ව. ඔය වෙලාවෙ පියවතීත් ගෙදර.

” කුසුමාවතිගෙ කොටහළු නැකතත් හොඳ නැහැ. ඕකි කොටහළු උනේ පන්සලේ බණ මඩුවෙදි. ඔහොම ගෑණු කොහේ ගිහින් නවතීද දන්නෙ නෑ.. පියවතී මහා දැනමුත්තියක් වගේ කීවා.

පියවතී , කුසුමාවතිගේ නැන්දා , කුසුමාවතීට ඉරිසියයි. ඒ වෙන මොකවත් නිසා නෙවි, දවසින් දවස ලස්සනවෙන , හැඩවෙන කුසුමාවතිගෙ රූපෙට.
ඊටත් වඩා….
කොකුපණු බේත් දෙන්ට ආ සැන්ටිබෝට් මහත්තයත් එක්ක කුසුමාවති හරි හරියට ඉන්ගිරිසියෙන් කතා කරනවා පියවතී  බලාගෙන හිටියේ පුදුමයෙන්. හොෆ්මන් මහත්තයත් එක්කත් වත්තෙ කාමණ්ඩි දවසෙ වචනයක් දෙකක් ඉන්ගිරිසියෙන් හුවමාරු වෙනවා පියවතී දැක්කා.

” ඉන්ගිරිස් ඉගෙන ගත්ත කියල ආයෙ කවුන්සලේට යන්ටයැ.. ඕං ඔය කවුරු හරි කෙනෙක් හොයල දෙන්නෙ නැතුව.. දැන් කීයද ? 17 ක් ?”
” අනේ ඔය ඇඟ පත මේරුවාට ඒකි තාම නොදන්න කෙල්ල.. 17 කියන්නෙ මොන වයසක්ද?”

” මං උඹෙ මලය එක්ක එනකොට මට පහළොවයි. මොකද මං උඹේ මලයට අඩුවක් පාඩුවක් කළාද?”
“උඹ කැමති නං.. අපෙ නෑදැයෙක් ඉන්නවා.. හොඳ රස්සාවක් කරන. කොළඹට කිට්ටුව. යමක් කමක් තියෙන මිනිස්සු. මේ ළඟදිත් දවසක මතක් කළා කවුරු හරි ඉන්නවානං කියන්න කියල”

*****************************************************************

කුසුමාවතීල නාන්න ගියේ ඔය මැද්දෑවෙ තියෙන කුඹුක් කොටේ ළිඳට. කොයි තරම් පෑව්වත් ඒක හිඳෙන එකක් නෙවි.
ගමේ ගෑණු පිරිමි වැඩි හරියක් පිටේ කුණු උලා ගන්නෙ කුඹුක් ගහේ පිට අතුල්ලලා. පිටවල් උලලම එතන හොඳට ඔප මට්ටම් වෙලා. කිට්ටුව පාත කවුරු හරි හිටියොත් එයාට කියල පිට අතුල්ල ගන්නව. ළිඳ අහල පහල ඕන තරම් තිබුණ කුණු අතුල්ලන්ටම හැදුනු ගල් පොඩිති. කුසුමාවති නම් කවදාවත් ගල් වලින් කුණු ඉලුවෙ නෑ. එයා සඟරාවක කියවල තිබුණ ගල් වලින් කුණු අතුල්ලන එක හොඳ නෑ කියල.

වතුර බාල්දි දෙකක් කරේ ඉඳන් පහලට නා ගත් කුසුමාවතී රෙදි කෑල්ලක සබන් ගා,එයින් පාදවල කුණු අරින්න පටන් ගත්තා. කකුලේ ඇඟිලි වලින් පටන් ගත්තු රෙදි කඩ ඉහළට ඉහළට එන විට දිය රෙදිකඩ විවර වී කලවා විවර වුනා. තමාට ඇත්තේ කෙතරම් ලස්සන පා යුගලක්ද ? කවදා හරි හොෆ්මන් මහත්තයට කියල  “අර” වගේ පින්තූරයක් අන්ද ගන්න ඇත්නම්… කුසුමාවතීට එහෙම හිතුනා.

වට පිටාවෙ කිසි හැල හොල්මනක් නෑ. ඔය පාරේ වතුර ගලන සද්දෙ ඇරෙන්ට. මොහොතක් දෙකක් ගෙවුනා. හැඩි දැඩි යමෙක් ඇගේ සබන් රෙදි කඩ උදුරා ගෙන ඇගේ දෑස් හරහා යැව්වා. සබන් වලට ඇස් දැවිල්ල ගත්තා.
ඒත් එක්කම ඒ තැනැත්තා කුසුමාවතිගේ දෑත් පිටි පස්සට අරන් අනෙක් අතින් හිර කරල අල්ල ගෙන ,ඔහුගේ දණ හිස කුසුමාවතීගෙ පිට කොන්දට තියල ඒ ඉරියව්වෙන්ම ටික දුරකට තල්ලු කර ගෙන ගියා.
ඊළඟට ඇඟේ තිබුණු දිය රෙද්ද ගැලවුනා. ඔහු ඈ බිම හොවා ගෙන පැත්තකින් ඔහුගේ සිරුරට හිර කර ගත්තා. ඇගේ යටි බඩ හරහා යම් උණුසුම් දෙයක් ශරීරය තුළ ඇතුළු වෙනව කුසුමාවතීට දැනුනා. ඈට කෑ ගැස්සුනා. ඔහු අනෙක් අතින් කට මිරිකුවා. කුසුමාවතීට රා ගඳකුත් , පීනස් තෙල් ගඳකුත් දැනුනා. ඔහොම සුළු වෙලාවක් ගත වුනා. ඈට යටි බඩේ වේදනාවක් දැනුනා. ඇගේ දෑස් විවර උනා.
… බා… ල…. න්.. කරුපයියගෙ කොල්ලා.
මොකක්ද උඹ කරපු වැඩේ බල්ලා?

"අනේ කුසුම් නෝනේ.. ඔයාගෙ ලස්සන දැක්කම මට ඉවසුම් නැතිඋනා. මම මීට කලිනුත් ඔයා නානවා බලන් ඉඳල තියෙනවා.."

කුසුමාවතී.. ඇය ලද අත්දැකීම වේදනාවක්ද .. මිහිරියාවක්ද කියන තැන අතරමං වෙලා හිටියා. ආයෙම ඒක මතක් කරන්න මහන්සියක් ගත්තා.
” පලයන් යන්න.. වනචරය”

” අනේ.. මං වඳින්නම්.. නෝනලාගෙ මාමට නං කියන්න එපා. මං මරයි. අපේ ගෙටත් ගිනි තියයි. අපේ තාත්තටත් ගහයි.. මේං වැන්දා..”

කුසුමාවතී  කුණු රොඩු පිටින්ම තෙත රෙද්ද ඇඳ ගත්තා. වතුර බාල්දියක් හලා ගත්තා. ඇගේ පය පාමුලින් වතුරට එක්වූ ලේ දහරාවක් පාට අඩුවෙලා ඔය පාරට ගලා ගියා.

*******************************************************************

ඒ සෙනසුරාදාවක්. වෙලාව උදේ අටට, අටහමාරට විතර ඇති. බේබි නෝනා හීල් බත් බෙදුවා. හතර දෙනාටම. පරිප්පු මලවල. පෑලිස් කීලං කරෝල කෑල්ලක් ලිපේ අඟුරු යට හංගල බාගෙට පුච්චල ගත්තා.
කුසුමාවතී  මුනින් අතට හරවපු වංගෙඩියේ වාඩි උනා.
” පුකේ ගෙඩි දායි.. බැහැපන් බිමට” ජයසේන කෑ ගැහුවා.
” ගෑණු ළමයි වාඩි වෙනවද වංගෙඩියේ.. මේ බංකුවට වරෙන්”

මං ගෑණු ළමයෙක් නෙවි අම්මේ.. ගෑණියක් කියල කියන්න කුසුමාවතීට ඕන උනත් වචන පිට උනේ නැහැ.

(මතු සම්බන්ධයි.)

යතාර්තවාදියා



Flag Counter