දේශපාලන

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව වෙළඳ දැන්වීම්

POLY + TRICKS = POLITICS

මසුරන් වටින කියුං

මගෙන් මුදල් ඇමතිකම ගන්නවා නම් මට ඇල්කඩුව වතු සමාගමත්,ජාතික ලොතරැයි මණ්ඩලයත් ඕනෑ.මහපොල අරමුදලත් ඕනෑ

(ජනතාවට සේවය කරන්නට තියෙන්නෙ පුදුම ආසාවක්)

ඇමති තනතුරු මාරු කළොත් සියල්ල හෙළි කරනවා.

( සොරකම් කිරීමත් , හොර බඩු ළඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක් )

ලංකාවේ පරිපාලනය බිඳ වැටීමට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ දෙපාර්තමෙන්තු/ අමාත්‍යාංශ වල මුල් පුටු වලට එම ක්ෂේත්‍රය ගැන දැනුමක් නොමැති අය පත් කිරීමය.

පසුගිය රජයේ නිවාස , පොදු පහසුකම් , ඉංජිනේරු සහ ඉදිකිරීම් ඇමති වූයේ අ:පො:ස: සාමාන්‍ය පෙළ පමණක් සමත් විමල් වීරවංශය. එවැනි උදාහරන රාශියකි.
මෙසේ වූ විට සිදුවන්නේ එම ආයතනවල සේවය කරන උගත් අනෙකුත් නිලධාරීන්ට සාමාන්‍ය පෙළ සමත් අයෙකු යටතේ සේවය කිරීමටය. ඔහුට "සර්" කීමටත්ය.
හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රේමදාස මහතා කීවේ අය-වැය හදන එක මහ කජ්ජක් නොවන බවත් ඔහුට එය බස් ටිකට් එකක අනික් පැත්තේ වුවද සාදා පෙන්විය හැකි බවත්ය. 
ඒ එතුමාගෙ උගත්කමය.
මෙවන් මැටි මෝලුන්ට රට භාර දීමෙන් සිදුව ඇති ව්‍යසනය දැන්වත් ඔබට පැහැදිලි වන්නේද ?

Samaraweera is the son of Mahanama Samaraweera, who was a Cabinet Minister of Local Government, Housing,Communications,Posts and Telecommunications in Sirimavo Bandaranaike's government, and Khema Samaraweera, a member of the Matara Urban Council. A graduate in Clothing Design and Technology from St. Martin's School of Art in London, he served as a design consultant to the National Design Center of Sri Lanka prior to his political career.

නව මුදල් ඇමතිතුමාගේ පැටිකිරිය ඉහතින් සඳහන් වේ. ඔහුට ඇත්තේ (ගැහැණු)ඇඳුම් නිර්මාණය පිළිබඳ උපාධියකි. රටේ ආර්තිකයට ඔහුගෙන් ඉටු විය හැකි සේවය කුමක්ද ?

 
කරවල හොරෙන් කා දුවන බැල්ලීට , උම්බලකඩයකින් දමා ගැසීම හෙවත් නව කැබිනට් සංශෝධනය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මාසිකව දොකෝටි හතලිස් ලක්‍ෂයක කුලී මුදලට ගෙන ඇති රාජගිරියේ ගොඩනැඟිල්ලේ කාමර වෙන් කිරීමට රුපියල් දාහතර කෝටි දාහතර කා්ටියක මුදලක් වැය කර තිබේ.
ඇමති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ලේඛණයක මේ බව දැක්වෙයි.
එහි කාමර වෙන්කිරීම, ගෘහ භාණ්‌ඩ හා කාර්යාලයීය උපකරණ මිලදී ගැනීමට වැය කර ඇති මුදල රුපියල් දාහතර කෝටි දාහතර ලක්‌ෂ විසිහය දහසක්‌ බවද එහි සදහන්ය.
මෙම ගොඩනැගිල්ල ප‍්‍රවිණ සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත එකකි.
මහ බැංකු වාර්තාවට අනුව කෘෂිකර්මාන්තයෙන් ලැබෙන වාර්ෂික ආදායම බිලියන 80.59 කි.


Berty Chandradasa



Flag Counter