කවි පිටුව

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව වෙළඳ දැන්වීම්
"දියට දිය වූ කඳුළු දිය"

මිහිළිය සලිත වී අඳුරට               ඇදුනාය
ඝන කළු වළාවෙන් මිහිකත        වැසුනාය
වැස්සට කඳු ශිඛර හොඳටම       පෙඟුනාය
ගම්බිම් සොහොන් බිම් කරමින් ගියෙ නාය

සිඳීගියෙද මාණව               සංහිඳියාව?
මිනිසුන් නිදන් කෙරුවද පෙර හැදියාව?
වැනසී ගියෙද පරිසරයෙහි       සිරියාව?
වැසි යා කරන් වැනසුවෙ ඇයි වැසියාව?

Nimal Perera - Las Vegas

ඈ නමින් අම්මාය.
ලිහා අරුණෙන් දවසේ වැඩ මිට
තියා ලිප මත හිතේ ගින්දර
උයා අහරක් ඩාත් මුසු කර
දංකුඩෙන් ඇය හිත පුරවගෙන

සඳේ හාවත් නිදන මොහොතට
තෙල් බෙත් වෙත වේදනා දෙන
ලෙඩ නිවාඩුත් නැතිව වෙහෙසෙන
ඈ නමින් අම්මාය මිහිපිට


-පූර්ණිමා කුලතුංග-
************************************
හදවමු  පිළිරුවක්


ලෝකෙට රටට ජාතිය  හෝ               ආගමට
දෙස් පාලන පිලට          හෝ        ක්රීඩාවකට
සේවය කරපු විට වැඩ දායක                 ලෙසට
හදවති පිළිරුවක් කලගුණ මෙනෙහි        කොට

හිටියෙමු විරුද්ධව අවුරුදු දහ        නවයක්
චන්ද  වලින් පැරදුනි විසි නව        සැරයක්
අසරණ වෙලා  හිටි අපි - නැති කිසි බලයක්
ගත්තේ 'දිනුම' කරලයි - මහ  ජර   මරයක්

බලයේ හිටපු සංධානයෙ        එකමුතුව
බිඳ දා අප ලඟට පැන ආ  ගජ       මුතුව
කන විට ආප්පය  බොරුවට  ජය  පැතුව
මිනිහා  අපේ ලඟ හිනැහුනි කැත නැතුව

දෙසිය විසි පහක් මන්ත්රී වරු                     ඇත්තේ
එකසිය හයකි ආසන අපි ජය                       ගත්තේ
දැම්මා කොක්ක සිරිසේනගෙ  කර               මත්තේ
ඒකෙන් තමයි අපි - පක්ෂය  ගොඩ              ගත්තේ

සංධානය කඩා සාමය නැති                            කරලා
කප්පම පුරුදු තක්කඩි ටිකකුත්                       බලලා
අරගෙන ඇවිත් අපගේ  පැත්තෙන්                 තියලා
මිනිහා හිනැහුනා 'දැන් සැපදැ'යි                     අහලා

මොන ජගතෙකුට වත් කරවා ගන්න                 බැරී
මේ වගෙ උදවු ඒවිද ලොව කොතැන                 හරී
කර දුන් පිනෙන් ඉතිරුනි අපෙ මඩිය                 පිරී
එහෙමයි අපේ 'ලිඡ්ඡවි' පාලනයෙ                      සිරී

සංධානයට යන එන මං නැති                           කරලා
ඒකත් සුනු විසුනු කර ඇවිදින්                         පැනලා
'යහ පාලන' මුවාවෙන් ගොඩ එනු                    කියලා
මිනිහා පද අහයි - අප සැම රජ                         කරලා

අද අපි රජ කලත් බේගල් වල                             එල්ලී
කල ගුණ සැලකීම හොඳ ගුණයකි                      මල්ලී
දියවන්නාවෙ කණුවක ඉන්නා                            එල්ලී
හදවමු පිළිරුවක් - උන් යන්නට                       හෙල්ලී

Ananda Gunatilake - Melbourne- Australia



Flag Counter