කවි පිටුව

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන වෙළඳ දැන්වීම් රේඩියෝව
                                මෙහෙමයි අපේ හැටි     
  
අසනීපයෙන් ඉන්නා - එක්
තැන්වීලා
උදවිය ලඟට ගොස් මොහොතක්
නැවතීලා
දුක සැප නොබැලු අය - සුදුවට
සැරසීලා
වැලපෙති මළ ගෙදර - කඳුලැලි
පුරවාලා


ජීවත් වෙලා ඉන්නා විට දුක
අතරේ
සොයලා බලනවා වෙනුවට දිවි
කතරේ
පණ නළ ගෙවී ගියදා අතහැර
සසරේ
මළ කඳ දකින්නට නම් රැස් වෙති
මිතුරේ

බුහුමන් දක්වන්න අවසන්
වතාවට
කෙතරම් දුරක් යනමුත් උව
මනාවට
මරණෙට කලින් දුක සැප දැන
ගැණීමට
අපි නැහැ යන්නෙ - කාලය මදි
නිසාවට

පිදුමක් මල් මිටක් කිසි දින ලැබුනෙ
නැතී
වැඳුමක් ලබන්නට වත් පින් කරල
නැතී
දිවියක් නිම කරපු මළකඳ මතට
නිතී
දහසක් මල් හෙලති - එහෙමයි අපගෙ
ගතී

සතියෙන් මාසයෙන් අවුරුද්දෙන්
පස්සේ
දන් පින් කරන්නයි හැම එලියට
බැස්සේ
බඩ හැකිලී ගොසින් ඇලිලා පිට
අස්සේ
කුස ගින්නෙනි හිටියෙ සති ගනණක්
තිස්සේ

හැරමිටි වාරුවෙන් ඉස්පිරි
තාලයට
ගියමුත් බේත් ටික ගන්නා
කාරියට
පිලිතුරු පිණිස ලැබෙනා අව
මානයට
වාහන පෙරහැරකි මිණියේ
කාරයට

ගොම මැටි ගාපු කටු මැටි ගෙපැලේ

ඉද්දී
වහලේ හිල් වලින් වැහි දිය ගෙට
එද්දී
නොබලපු පවුලෙ අය - මළ කුණ වල
ලද්දී
හදවති සොහොන් කොත් `මාබල් දිලි
සෙද්දී
ආනන්ද ගුණතිලක - Melbourne
*********************************************************************************

දඬුවම

මේ සුවඳ  මෙහෙමම
රෝමයක් පාසාම
තැවරිලා විසිරිලා
හිතම මත් කළ දවස්
මට තවම මතකයි

නූල්පොටකට පවා 
එන්න ඉඩ නෑ කියා
කිටි කිටියේ ලය මතම 
තෙරපවා ගත් අරුම
තවම ඉඳ හිට රැයක
හීනියට හීගඩු
පිපෙනවා සත්තයි

ප්‍රේමයේ හෝඩියේ
මහප්‍රාණාක්ෂර
ලියන්නට කියවන්න 
දැන නොවුන් පාපයට
තනිව ගෙන මට මෙසේ
මතකයක් එක්ක රුදු 
දඩුවමක් නියමයි
කඳුලටම හෙට බාරයි...

පූර්ණිමා කුලතුංග
****************************************
සාමාන්‍ය ආදරයකට එහා ගිය ආත්මීය බැඳීමක්..
මරණය අප වෙන්  කරන තුරු...

හන්දියෙ දොස්තර යන්නට කළියෙන් 
රෑ බිම් කළුවර එන්නට මතියෙන්
මහ වැහි බීරුම වැටුමට බියැකින්
එගොඩහ ගොස් එන්නෙමු අපි සැනකින්.....

ලොකු කොල්ලා මහනුවර වසන්නේ
උන්ගෙ පොඩි එවුන් පාසැල් යන්නේ
ටියුෂන් නැති දා ගොස් පිහිනන්නේ
ඒ දන්ඩෙන් මොන කාරද එන්නේ.....

ලොකුපොඩි මගෙ කෙළිපොඩිත්තො දෙන්නා
රට හැර නුපුරුදු දෙසක වෙසෙන්නා
හදිසියකට කොයි ලෙසකින් එන්නා
උන්ගෙ සිතුම් මට නොම තේරෙන්නා........

බඩ පිස්සා මගෙ හොද පොඩි කොල්ලා
කොලොම්පුරේ සරසවියක ඉන්නා
ඉහ මත්තට ඉගෙනුම් වැඩ හින්දා
කලකින් ගම රට නෑවිත් උන්නා......

අතැගිළි බැද පෝරුව පිට කැන්දා
ආ කුළ කුමරිය රුව මන බන්දා
දිවි මග දුක සැප සමසේ වින්දා
සසරේ බැදි පෙම යළි උපදින්දා......
වර්ෂ පවන් දිසාසේකර
****************************************

මනරම්ද ප්‍රේමය...?









ආපහු හැරෙන්නයි ඉඟි කලත් ඔබ  මට
ආ දුර වැඩියි මා ඔබෙ සෙවනැල්ල යට
රිදෙයි හදවත, දැනෙයි  කඳුලක තෙත
වදන් නිති හෙලයි මා රුදුරු  හෙලකට

කෙලසකද  එකලස් කරන්නේ
බිඳී විසිරුනු  මගෙ අහිංසක  හිත
මගෙම දෑතින් එක්කාසු කර
මගේ සෙනහස ඔබ දෙපාමුල

පුදසුනක් කල ඒ අතීතය
නටබුන්ව ඇත කිසිදු සලකුනකුදු
සොයාගත නොහැකි ලෙස
ප්‍රේමය මනරම්ද කෙතරම්...?

සුමනා සත්කුමාර
North Hills
******************************************
සරුවපිත්තල ලෝකයට උඹ කැන්ද ගන්නට      අතවනයි
උඹේ කරවට බෙලෙක් කැබිලිති රත්තරන් සේ    පළඳවයි
අරුත්සුන් පද සීනි තවරා නිතර දෙසවන            පුරවලයි
නින්දෙනුත් ඇස් ඇරන් හිටපන් - දුවේ ලෝකය බිහිසුණුයි
Nimal Perera - Las Vegas