දේශපාලන

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන වෙළඳ දැන්වීම් රේඩියෝව
POLY + TRICKS = POLITICS
අළුතින් නිකුත් වන පොතක්.
***************************************

ජනාධිපතිවරණයට පෙරදා නිල්වලා ව්‍යාපෘතියේ සල්ලි කෝටි ගණනක් හොරෙන් අරන්.. ජනපති හොරු හෙලි කරයි..
පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එනම් 2015 ජනවාරි 07 වන දින නිල්වලා ව්‍යාපෘතියේ කෝටි ගණනක මුදලක් චෙක්පතක් මගින් ලබාගෙන වංචා කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම වංචනිකයින් ලගදීම හෙලි කරන්නට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
July 7, 2017- lanka C news 
 
සොරකමක් සිදුවී ඇත. සොරුන් කවුදැයි කියා දන්නා බවද පවසයි. අවුරුදු 2 කටත් වඩා වැඩි කාලයක් සොරුන් සහ සොරකම වසන් කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල වරදකි.
වරද කරන්නා රටේ ජනාධිපති නම් දඬුවම වඩාත් බරපතල එකක් විය යුතුය.
අහා ! මගේ මොළයේ තරම. කිසිම හේතුවක් නිසා හෝ රටේ ජනාධිපතිවරයා උසාවියක් ඉදිරියට ගෙන යා නොහැක.
**************************************
අසපුවාදී චීවරධාරියෙක් මේ ළඟකදී දෙසා වදාරා තිබුණා ගෑණුන් වී උපදින්නේ පවු කළ අය කියා. මේ පහත බලන්න, ඒ මොන බොරුද කියා. ඔබටත් හිතෙන්නේ නැද්ද ලබන ආත්මයේ ගෑණු ආත්මයක් ලබා ගන්න.


රුපියල් කෝටි දෙකකට වැඩි මාසික කුලියකට වසර දෙකක අත්තිකාරම්ද ගෙවා කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාමට රාජගිරියෙන් ලබා ගෙන ඇති ගොඩනැගිල්ල වෙනුවෙන් තවත් කෝටි 26ක් වියදම් කිරීමට අනුමත වී තිබේ.
ගොඩනැගිල්ලට ලී බඩු සැපයීමට හා සවි කිරීමට රුපියල් කෝටි 14ක්, කාමර වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලිය හා වායු සමීකරණ වෙනුවෙන් කෝටි 12ක් පමණ වෙන් කර ඇති අතර ඒ සදහා මිල ගණන් කැඳවමින් ටෙන්ඩර් කැඳවා ඇත.

ප්‍රවීන සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් කෝට්ටේ පිහිටි ‘ඩී.පී.ජේ. ටවර්’ නම් එම ගොඩනැගිල්ල ආණ්ඩුව කුලියට ගෙන මාස ගණනාවක් ගියත් මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැත.


උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යාංශයේ සියළු කොන්ත්‍රාත්, ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගම ‘කැන්ඩි කන්ස්ට්‍රක්ෂන්’ වන බවත් ඔවුන් ලබා ගන්නා කොන්ත්‍රාත් පසුව ඒවා උප කොන්ත්‍රාත් ලෙස තවත් සමාගම්වලටද ලබා දෙන බවද එහි දැක්වෙයි.
මේ අතර එකම පවුලේ සිවු දෙනෙකුට එම අමාත්‍යාංශයේ උපදේශක තනතුරු තුනක් සහිතව තනතුරු හතරක් ලබා දී ඇති බවටද වාර්තා පලවෙයි.
එක් උපදේශකයෙකුට රුපියල් 65000 බැගින් මාසිකව ලබා දෙන අතර ඔවුන් සිවු දෙනාම පදිංචි වී සිටින්නේ එක ලිපිනයක වීම විශේෂය.

ලෝකෙ ඉන්න ලොකුම ත්‍රස්තවාදීන්.

අපි තුන් දෙනා එකතු උනොත් මොනවද කරන්න බැරි ?
***********************************
අනුන්ගෙ රටවල් හදන්න කලියෙන් තමන්ගෙ රටේ ප්‍රශ්න විසඳා ගනිල්ලා යකුනේ..
මේ ඇමරිකාවේ ප්‍රධාන නගරයක දර්ශනයක්.