කවි පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
Cakes by Kanthi
kanthiperera@hotmail.com
310-327-7198
**************************************
කවි පිටුව
යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන් මහතා ගමන් කරමින් සිටි නල්ලුර් මාර්ගයේදී ජූලි 22, 2017 දින වෙඩි තැබීමක්  සිදු විය. විනිසුරුවරයාට ආරක්ෂාව සැලසීමට ගිය පොලිස් නිලධාරීන් ගෙන් පොලිස් සැරයන් පො.සැ 24330 ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නිලධාරියා තුවාල ලබා අද උදෑසන මියගොස් ඇත.
ඉලංචෙලියන්ලා දිනවමු
දෙමළ මුස්ලිම් සිහල සමගිය - කඩා බිඳවන    විලසිනේ
අවස්ථා වාදී පිරිස් අද - නටති රඟදෙති        හැමතැනේ
පිපිරිලා දුම යන්න පහරක් - උන්ට දී හරහා        කණේ
මහා අධිකරනයේ විනිසුරු - ඉලන්චෙලියන් පෙරමුණේ

අපේ රජයේ ඉන්න ඇත්තෝ - මේ වෙලාවෙත් බොරුව       වපුරා
කතා හද හද කියා සිටියේ - සිහල මිනිහා තමයි                    නපුරා
රජයෙ වංචා රටට පෙන්නා - උන්ගෙ කන් අඩි යන්න          පුපුරා
එඩිතරව උතුම් මිනිසා - පෙන්නුවා හරි ඇත්ත                   සපුරා

පුරා අවුරුදු දහ සයක් රැක වරණ ගෙන දුන්  දිනපතා
තමා ලඟ සේවයට හිටි - ද්රවිඩ නොවනා හිතවතා
උණ් ඩයට තම පපුව දුන් බව - ස්වාමියාගේ  දිවිපතා
අඬා වැලපී රටට කියුවා - ඇත්ත නිවැරදියට  ගොතා

පැත්ත අරගෙන ඇඟිලි දිගු කර - මඩිය පුරවන                කපටිනේ
රෙද්ද ඇඳගෙන ඉන්නෙ කොහොමද - රටක් ඉදිරියෙ අද         දිනේ
ඇත්ත හැමටම පෙනෙයි දවසක - අඳුරෙ රඟදෙන             මිනිසුනේ
ලැජ්ජ නැති කම මහ මුදලිකම - ටත් වඩා හරි                ලොකුලුනේ

මැරුණ මිනිහගෙ බිරිඳ ඉදිරියෙ - දෙදණ බිම තියලා වඳින්නට
සිහල මිනිහෙක් නිහතමානී - වෙයිද දෙමළට දණ     නවන්නට
ඒ මිනිස් කම ලොවක් ඉදිරියෙ - නිර්භයව හඬ ගා    කියන්නට
හැකි උනා නම් බැරිද එතුමට - රටේ අගමැති කම      දරන්නට

එඩිය සමගම උගත් කම සහ - නිහතමානී බවින්                පිරිපුන්
මිනිස් කම මිස වෙනත් අදමිටු - කපටි සිත් නැති මෙවැනි    මිනිසුන්
රටේ මුල් පුටු වලට අරගෙන - එලවලා හොරු රැලම          හරසුන්
අපේ මතු පරපුරට දෙන්නට - අදම අපි හැම කරමු           සැලසුන්

ආනන්ද ගුණතිලක - මෙල්බර්න්
************************************************************
මල් වගෙ අහිංසක පින් බර  කළු කොල්ලන් 
දැක්කද කවුරු හරි ඉන්නව රට    හොල්ලන්
අන්දල රවටාල මල් වැනි අපෙ     කෙල්ලන්
රිංගල යනව බඩ දරු කර බැස         පල්ලන්

~දෝන දමයන්ති~
*****************************************************************
~රාහුබද්ද ආරියවංශ~
****************************************************

දෙව් රුවක් අභියස
සත්‍ය පවසන යදින්නකු මෙන්
කමා කරවමි තොපට
නොසිතමි තොප නිසා
මට අයත්වූ ඉරණම
ගොලුවත රකින තොප
පෙලයි යලි මා නොඉවසිල්ලෙන්

නොවලහා කියව සිත
තොපට එදිරිව නොයමි මතු දින
යදින්නකු මෙන් යලි
හදවතට කන්නලවු කල සඳ
දැඩිව ගිය සිත
නොම කලේ බසකුදු වෙන
ඉහ වහා ගිය කෝප ගින්නෙන් 
ගල ග්‍රහණයෙන් ගතිමි හදවත

අතට ගත් සැනෙකින්
තොපේ ගෙල සිඳ මරා නොදමා
සපුන් කිරි පෙවුමෙන්
ඝෝර විස තොප සියො ලඟම වී
තොප වෙතින් පලා ගිය 
ඉටු දෙවිඳු හට ඉඩ සදන්නට
පුදසුන තන්නෙමි
මෙත් මලින් සරසමින් ඒ මත.
දෙවිවරුන් වන්නෙත්
ගොරබිම් යකුන් වන්නෙත්
මිනිසාම බව නොසිතන
ලොවක හිඳිනාතොප  කවුරු වෙද..?

සුමනා සත්කුමාර
නොර්ත් හිල්ස්


මුල් පිටුවට ->