දේශපාලන

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
දේශපාලන
අපට විදෙස් සම්බන්ධතා වලින් තොරව ජීවත් විය නොහැක. ඒ නිසා අප සුද්දාගෙ භාෂාව වන ඉන්ගිරිසිය හොඳින් උගත යුතුය. සිංහළ භාෂාවේ මෙන්ම ඉන්ගිරිසියේද කතා කරන විට හෝ ලියන විට විවිධ සංකේත භාවිතා කරයි. කොමාව, නැවතීමේ ලකුණ, ප්‍රශ්නාර්තය, විශ්මාර්තය.. මේවා නිසි තැනට යොදා නොගැනීමෙන් සිදුවන්නේ එම කියමනට වෙනත් අර්ත කතනයක් ලැබීමය.
කතා කරන විට කට හඬ අඩු කර තැන් උස් කරන තැන්, නවත්වන තැන් නිසියාකාරව දත යුතුය.
මහාචාර්ය ජී. එල්. පීරිස් විදේශ කටයුතු ඇමතිව සිටියදී ඔහු විදෙස් රටවලදී කතා කරන හැටි මා අසා ඇත. එක්සත් ජාතින්ගේ සමුළුවලදී පීරිස් මහතා කතාව අරඹන විට බොහෝ අය අසුන්වලින් ඉවත්ව යන බව මා අසා ඇත.අපට ඉංග්‍රීසි උගතුන් අවශ්‍ය වන්නේ එනිසාය.
උගතුන් දේශපාලනයට සම්බන්ධ නොවීමෙන් සිදුවන්නේ නූගතුන් අතින් උගතුන්ට පාලනය වීමට සිදුවීමය. - ප්ලේටෝ-
අද සිදුවෙමින් පවතින්නේ මෙය නොවේද ?
අපේ රටේ අධ්‍යාපන ඇමති ඉංග්‍රීසියෙන් කතා කරන හැටි අසන්න. අපට දෙයියන්ගේම පිහිටයි.


ඕනෑම අපරාධයක් කොට නීතියෙන් වසන් වී සිටිය හැකි රටවල් ඇත්නම් ශ්‍රී ලංකාව එයින් මුල් තැනක ඇත. අවශ්‍ය නම් රටින් පිටවීමටද , අවශ්‍ය වන්නේ නම් කිසිත් නොදත් සුද්දවන්තයෙකුවීමටද ලෙහෙසිම රට ශ්‍රී ලංකාවය.
ඉතා පහසුවෙන් ඇතුල්විය හැකි රටක් ඇත්නම් ඒ ද ශ්‍රී ලංකාවය. අන්තර්ජාතික නීති- ආගමන නීති රෙකුලාසි වලින් වැඩක් නැත. අවශ්‍ය වනුයේ යහමින් මුදල් ටිකක් සහ රට තුල කාගේ හෝ  දැන හැඳුනුම්කමකුත් පමණය.
අපේ අළුත්ම තර්ජනය මියැන්මාරයෙන් පලා එන රොහින්ග්‍යාවන්ය. සමහරුන්ට ඔවුන් අසරණ සරණාගතයන්ය.
අපට ද්‍රවිඩයන් හා මුස්ලිමුන් මෙන්ම ඉන්දියාවට/බංගලිදේශයට/මියැන්මාරයට තර්ජනයක්ව ඇති රොහින්ග්යාවන්ට එරෙහිව උද්ඝෝෂණ.
රොහින්ග්යා ත්‍රස්තවාදීන් විසින් මරා දමන ලද හින්දූන්ගේ සමූහ මිනී වලක්.
තොරතුරු ලබා ගත්තේ මෙතැනින්.
රොහින්ග්යාවරු බුරුම හෙවත් මියැන්මාර ජාතිකයන් නොවේ. ඔවුන්, ඔවුන් විසින්ම රොහින්ග්යා ලෙස හඳුන්වා ගනිති. මියැන්මාර හෙවත් බුරුම ඉතිහාසය තුළ ඔවුන් ගැන සඳහනක් නොවේ. ඔවුන් බංග්ලාදේශයේ ජීවත් වූ මුස්ලිමුන්ය. කතා කරන්නේද බෙංගාලි බසයි. බංග්ලා දේශය යනු අන්ත දුප්පත් රටකි. ජීවන වියදම අහස උසටය. එහි වැසියන් කොටසක් දේශ සීමාව හරහා හොරෙන් මියැන්මාරයට ඇතුළු වී කලක් ජීවත් විය. 
ඉන් පසු හැම තැනම කරනවා වාගේ පල්ලි ගොඩ නගා ගෙන ඔවුන්ගේ ආගම වූ ඉස්ලාමය පතුරුවන්නටත් ප්‍රධාන ජන කොට්ඨාශය වූ බුරුම ජාතික බෞද්ධයන්ට නොයෙක් බලපෑම් කරන්නටත්  තාඩන පීඩන කරන්නටත් පටන් ගත්හ.
තවත් වැදගත් කරුණක් වන්නේ ඔවුන්ට තලේබාන් හා අල්-කයිඩා සංවිධාන වලින් ආයුධ පුහුණුව ලබා දී ඇති බවත්ය. මෙය විකිලීක්ස් හා රොයිටර් සහතික කරයි.

පසුව සරණාගත ලේබලය අලවා ගෙන UNHCR වැනි සංවිධාන වලින් මුදල් ලබා ගෙන අලංකාර නිවාස සහ විශාල පල්ලි මියැන්මාරය තුළ ඉදි කර ඇත.
සරණාගතයන් භාර ගැනීමට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය බැඳී සිටිනවා. නමුත් ශ්‍රී ලංකාව එයට අත්සන් තබා නැහැ. ( අපිට මෙහේ ඉන්න සරණාගතයන්ගෙන් තිබෙන ප්‍රශ්න මදෑ )
රොහින්ග්යාවන්ගේ නිජබිම බංග්ලා දේශයයි. බංග්ලාදේශයත් උන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ර්මනියේ ඇත්තේ සෘණ ජනගහන වර්ධනයක්. ඒ නිසා ජර්මනිය සිරියාවෙන් පැන ආ සරණාගතයන් භාර ගත්තා. එහෙත් තමන් කර ඇත්තේ බරපතල වරදක් බව අගමැතිනි ඇන්ජෙලා මර්කල් දැන් පවසනවා.

********************************************************************************
ප්‍රංශයෙන් , එංගලන්තයෙන් අපේ රට නො ආවාට ඕනෑ තරම් අය අපේ රටට එන බව සන්නස්ගල මහත්තයා දැන ගත යුතුය.
මීට කලින් කලාපයක පෙන්වා දී තිබෙනවා ඉන්දියාවෙන් , තමිල්නාඩුවෙන්, පකිස්තානයෙන් සහ මාලදිවයිනෙන් පවා මෙරටට හොර රහසේ පැමිණ මෙහි රැකියා පවා කරන අය සිටින වග.
මාලදිවයින 2020 වන විට සම්පූර්ණයෙන්ම මුහුදට යට වන බැවින් එහි වැසියන්ට තමන් කැමති ඕනෑම රටකට ඇතුළු විය හැකි බව එක්සත් ජාතින් කියා සිටිනවා. එහෙත් උන් වැඩි දෙනා කැමති ශ්‍රී ලංකාවට බව උන් පවසා තිබෙනවා. ඒ අපේ රට තවමත් ලස්සන නිසා  නොවේද ?
 

~එල්. අයි. බර්ටි චන්ද්‍රදාස~