දේශපාලන

2017 නොවැම්බර් - ඉල් මස කලාපය
විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
දේශපාලනයද ? ද්වේෂ පාලනයද ?
පොළිස් පහරදීම් නවතමු !

ශ්‍රී ලංකා පොලිසිය

ධර්ම චක්‍රය අතේ ගසා ගත් පොළිස් නිලධාරියෙක්

පොලිසිය යනු රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට , දේපළ ආරක්ෂා කිරීමට සහ තවත් ආකාරයකට කියනවා නම් රජයේ ප්‍රතිපත්ති ඒ ආකාරයටම ක්‍රියාත්මක කෙරෙනවාදැයි විමසිල්ලෙන් සිටින ආයතනයයි
ප්‍රතිපත්ති = Policy
පොළිස් යන වචනය සෑදී අත්තේ Policy යන අදහසිනි.
අද ලංකාවේ පුවත්පතක් අරන් බලන්න. කී දෙනෙක් පොළිස් පහර දීම් වලින් මිය යනවාද කියා.
මේ තත්වය නැවැත්විය හැක්කේ කෙසේද?
* අත් අඩංගුවට පත් වන හැම කෙනෙකුටම නීතිඥ සහාය ලබා දෙන්න.
   ( අද නඩු නැතිව වේලෙන නීතිඥයන් මේ සඳහා යොදා ගැනීමට පුළුවන් )
අත් අඩංගුවට පත් අයට පහර දෙන නිලධාරීන්ට ස්තාන මාරු ලබා දීමෙන් පලක් නැත.
ඔවුනට දැඩි දඬුවම් දිය යුතුය.
* ඔවුන්ගේ විශ්‍රාම වැටුප අත්හිටුවිය යුතුය.
* වෙනත් කිසිම රජයේ රැකියාවකට යා නොහැකි වන ලෙස නීති සම්පාදනය කළ යුතුය.
පොලිස්ද ? පොලිෂ්ද ?
ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරියෙකු , පහල නිලධාරියෙකු ලවා තම සපත්තු පොලිෂ් කරවා ගන්නා වීඩියෝවක් දෙමළ වෙබ් අඩවියක පළවී තිබුණු අයුරු.
*****************************************************************
හැම මහ ඡන්දයකටම පසුව දිනන දේශපාලකයා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය දුන් පොරොන්දු ඉටු කිරීමය. රැකියා ප්‍රශ්නය. රටේ සංවර්ධනයක් නැති කොට රැකියා මවන්නයැ ? උගත් වෘත්තිකයන්ගේ ප්‍රශ්නය නම් කොහොම හරි විසඳන්න පුළුවන් කියල කියමුකෝ ? ඒත් තාප්ප වල පාප්ප ගෑ හෙන්චයින්ටත් මොනවා හරි දෙන්න එපායැ?
ශ්‍රී ලං.ග.ම.ය සහ දුම්රිය සේවය එවන් හෝදාපාළුවන් පිරවීමට සුදුසුම තැනය.
ජනසතු කලදා පටන් අද දක්වාම මෙම ආයතන දෙක පාඩු පිට පාඩු ලබන්නේ මේ හේතුවෙන්ය. බස් රතයකට සේවකයන් දෙදෙනෙකි. එහෙත් එක බසයකින් ලබන ආදායමින් නඩත්තුවන සේවකයන් 8 දෙනෙකි. ඒ අර ඡන්දෙට පසුදා පුරවාපු සේවකයන්ය.
ලංගමය සහ දුම්රිය තවමත් ගොඩ නැගීමට පුළුවන. අවශ්‍ය කරන්නේ මනා පරිපාලකයන්ය.
පාඩු පිට පාඩු ලබන රටේ එකම ගුවන් සේවය ද එසේමය.

පහත පෙනෙන රූපසටහන ලබා දුන්නේ  සියල්ල දන්නා google ය.
වෙනස ඔබට පෙනෙනවාද ?
ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබන ආදයමේ හැටියට ලෝකයේ අනෙක් ගුවන් නියමුවන්ට ගෙවන වැටුපම අපටත් ගෙවීමට පුළුවන්ද ? එහෙම නොකළොත් උන් රට හැර යනු ඇතැයි ඔබ කියාවි.
******************************************************************
2020 ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතය. ප්‍රතිපත්ති ගරුකව, නීති ගරුකව සිතනවා නම් වර්තමාන ජනාධිපතිට ලබා දී ඇති කාලය 2020 දී අවසන් වන නිසාය.
ඒවා එහෙම වුනොත් දැනට එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා එහි පුරවැසිභාවය අත හැර දමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම්ය.
එය වැලැක්වීමට මොන විදියේ අළුත් නීති ගෙනේදැයි කිව නොහැක.
ඔහු කියා සිටිනවා ඔහු බලයට පත් උනොත් දැනට තිබෙන අලි කැබිනෙට්ටුව 12 කට බස්සනවා කියා.
මේ අල්ලක් වගේ කුඩා රට පාලනය කිරිමට සැදී පැහැදී සිටි අලි හොරු නඩය බලන්න.
රතු පාටින් දක්වා ඇති අමාත්‍යාංශ එහෙම්ම පිටින්ම කපා දැමිය හැකි අලි විහිළුය.
ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය
ආරක්ෂක අමාත්‍යාංශය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
විදේශ කටයුතු අමාත්‍යාංශය
සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය -(උසස් අධ්‍යාපනය සහ මහාමාර්ග අමාත්‍යාංශය එකට දා ඇත්තේ ඉහළට ඉගෙන ගත්තු එකාට අයත් වන්නෙ මහාමාර්ගය බව කීමට විය යුතුය.)
විශේෂ කාර්යභාර අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
කෘෂිකර්ම අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය
බුද්ධශාසන අමාත්‍යාංශය
අධිකරණ අමාත්‍යාංශය
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය 
විදේශ රැකියා අමාත්‍යාංශය
අධ්‍යාපන අමාත්‍යාංශය
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්‍යාංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය - (හුටා ! මේ මොකක්ද ? ලංකාවෙ තෙල් තියෙනවාද ?)
ක්‍රීඩා අමාත්‍යාංශය
දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය
සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය

**********************************
අපේ රටේ විශාලත්වය ව.සැ.25000 කි. ප්‍රධාන භාෂා 2 කි. ප්‍රධාන ජාතීන් 3 කි. ප්‍රධාන ආගම් 4 කි. ජනගහණය කෝටි 2 කි.
මේ අල්ලක් වගේ රට පාලනය කිරීමට පහත සඳහන් අමාත්‍යාංශ ටික තිබුණාම හොඳටම ප්‍රමාණවත්ය.
ආරක්ෂක
සුබසාධක
මුදල්
ගමනාගමන
වරාය සහ ගුවන් තොටුපල
කෘෂිකර්ම
කර්මාන්ත
වෙළඳ
සංස්කෘතික කටයුතු.

හරියටම 9 යි. මේවාට ඇමතිවරු 9 යි. නියෝජ්‍ය ඇමතිවරු අනවශ්‍යය. ඒ වෙනුවට ස්ථිර ලේකම් වරුන් පත් කළ හැකිය.බලන්න කෙතරම් ධනස්කන්ධයක් ඉතිරිවෙනවාද කියා ? අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මැදපෙරදිග කාන්තාවන් උපයන විදේශ මුදල්ය. ඒ සල්ලි වලින් පඩි ගන්නා ඇමතියන්ට "ගරු-Honourable" කියා ඇමතීම වහා නතර කළ යුතුය.
~එල්.අයි. බර්ටි චන්ද්‍රදාස~
මුල් පිටුවට