දේශපාලන

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
***********************************
POLY+TRICKS = POLITICS
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවණයේදී තමනට ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් නොදෙන්නේ නම් පිටකොටුවේ දුම්රියපල ඉදිරිපිට නිරුවතින් විරෝධතාවක යෙදෙන්නේ යයි රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ පැවසූ බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම හා සමාජ ජාලා කිහිපයකම පුවත් පල වෙයි.
මදූෂා රාමසිංහ
මේ හේතුවෙන් ඇය කලේ යයි එම වාර්තාවන්හි සදහන් වන්නේ මෙම ප්‍රකාශයයි.
"ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවා නම් ඡන්දෙට ලින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.ඒකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා. මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.
ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා. මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්"
*****************************************************************************
දේශපාලන වේදිකාවල මරා ගන්නා අය- එකට කන බොන හැටි.
ඒ ලොකු මිනිසුන්ගේ හැටිය.


දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.  ඒ හා සමඟම ගැලපෙන පැරණි ප්‍රස්තා පිරුළක් තමා.. "ලැජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයි " කියන එක.
එහාට පනිනවා. මෙහාට පනිනවා.
අපේ ගොන් වාහෙලාට දැන්වත් තේරෙන්නෙ නැද්ද මුන් සේරෝම එකයි කියල.
2020 ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට හා හූවක් යනවා.  දැනටමත් තිදෙනෙක් ඉදිරිපත් වන බවට රාවයක් පවතිනවා.
1 ශ්‍රී ලංකාව විදෙස් රටවලට ඇති ණය සියල්ල ගෙවා දමන බවට ආකර්ශණීය පොරොන්දුවක් දෙන මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙක් වන ඒ වගේම ව්‍යාපාරිකයෙක්ද වන රොහාන් පල්ලෙවත්ත.
රොහාන් පල්ලෙවත්ත
2 නීතිවේදියෙක් වන දැනට එංගලන්තයේ පදිංචි නාගානන්ද කොඩිතුවක්කු
නාගානන්ද කොඩිතුවක්කු
3
මදූෂා රාමසිංහ
මදූෂා කියන කතාව ඇත්ත. අපි ලිං මැඩියෝ වාගේ. ඔන්න මගේ ඡන්දෙ නම් මදූෂා... ඔයාට..
ගංගා සුදර්ශනී හෙවත් ගංගා මෑණියෝ
හැබැයි මම නං වඩාත් කැමති කෙනෙක් ඉන්නවා. ඒ තමා ගංගා සුදර්ශනී හෙවත් ගංගා මෑණියෝ. ඇයි අප්පා  ? සුළු පටු බලයක්ද එතුමියට ඇත්තේ. ? ඇයට ක්‍රිකට් තරඟ දිනවන්න පුළුවන්. සුනාමියක් ආවොත් ඒක නවත්වන්න පුළුවන්. ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන්.
පඩයක් ගියත් වර්ජනය කරන දොස්තරල- නර්ස්ල ටික ගෙදර යවල ඉස්පිරිතාල වහල දාල ගංගා මෑණියන් ලවා ලෙඩ සුව කරන්න පුළුවන්. සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවට වෙන් කරන සම්පුර්ණ මුදලම ඉතිරියි නේද ?
********************************************************************************
නාම යෝජනා නැති වීමෙන් නිසා පපුව පැලී මිය යයි.. අන්තිම මොහොතේ පොහොට්ටුවෙන් නම කපලා..
December 21, 2017  lanka C news
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිට අවසන් මොහොතේ ඊට අවස්ථාව නොලද පුද්ගලයෙකු හදිසි හෘදයාබාධයක් ඇතිවී මරණයට පත්ව තිබේ.
මොහුගේ නම මුලින් අපේක්‍ෂක ලයිස්තුවේ තිබී පසුව එය ඉවත් කර වෙනත් නමක් ඇතුළු කර ඇතැයිද කියති.
තමනට නාම යෝජනා නොලැබෙන බව දැනගත් මොහොතෙක්ම ඔහුට හදිසි හෘදයාබාදයක් හටගෙන ඇති අතර පසුව පානදුර මූලික රොහලට අතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ නිමල් අජන්ත විජේසේකර නම් 56 වියැති අයෙකි.
බලන්න .. මිනිසුන් මේ තරම් කැප වී කටයුතු කරන්නේ ජනතාවට සේවය කිරීමට නොවේද ?

1948 ලංකාව දියුණු වෙමින් පවතින රටකි
1978 ලංකාව දියුණු වෙමින් පවතින රටකි
1998 ලංකාව දියුණු වෙමින් පවතින රටකි
2018                        ?

ඇත්තටම අපට මේක ගොඩ ගන්න බැරිද ? පුළුවන්... තවමත් අප ප්‍රමාද නැහැ. අවශ්‍යව ඇත්තේ අවංක නායකත්වයක් සහ කැප කිරීමත්ය.

අප වැඩි මුදලක් පිට රටට ගෙවන්නේ ඉන්ධන - තෙල් සඳහාය.  ඒ අප රටේ තෙල් සම්පත නැති නිසාය. පිටරටට ඇදී යන මේ අසීමිත ධනස්කන්ධය අඩු කළ හැකි ක්‍රම කීපයක්.
1 අත්‍යවශ්‍ය කරුණකට හැර පුද්ගලික වාහන පාවිච්චිය සීමා කිරීම
2 වැඩි දෙනෙකුට ගමන් කළ හැකි බස් සහ දුම් රිය සේවා වැඩි කිරීම
3 විදුලි බලයෙන් දුවන වාහන හඳුන්වා දීම
4 සූර්ය ශක්තියෙන් දිවෙන වාහන හඳුන්වා දීම

පිටරටට ඇදී යන මුදල් පාලනය කිරීම
1 ආනයන සීමා කිරීම
   ලංකාවේ නිපදවිය හැකි භාණ්ඩ ආනයනය නතර කිරීම
2 ලංකාවේ වගා කළ හැකි භෝග වර්ග ආනයනය නතර කිරීම
3 අපනයන වැඩි කිරීම
   ලංකාවේ හොඳින් වැවෙන එළවළු - පළතුරු කල් තබා ගත හැකි පරිදි අසුරා රට පැටවීම.
පැරෆින් ඉටියේ බහා මඤ්ඤොක්කා දිගු කාලයක් නරක් නොවී තබා ගත හැකිය.
4 ආදේශක භෝග වගාව.
   සීනි වෙනුවට පැණි හකුරු
   ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පු වෙනුවට  පෝෂ්‍ය ගුණයෙන් අඩුවක් නැති කව්පී වගාව
   තිරිඟු පිටි වෙනුවට  පහසුවෙන් වගා කල හැකි අල-  බතල ආහාරයට ගැනීම
********************************************************************************
1946 සිට 2010 වන විට පළස්තීනය කුඩා වී ඇති හැටි ඉහත සටහනින් දැක්වේ.
පලස්තීන ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික ක්‍රි පූ 3000 තරමට දිව යයි එහෙත් ඊශ්‍රායලය රටක් හැටියට ප්‍රකාශයට පත් කර ඇත්තේ 1948 දීය.
අප ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඉගෙන ගත්තේ ටෙල් අවිව් නගරයයි. තත්වය මෙසේ තිබියදී ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙසට ප්‍රකාශට පත් කර ඇත.
පළස්තීනුවන්ද තම අග නගරය ලෙස ජෙරුසලම සඳහන් කරයි.
  
පුරා මාසයකට ආසන්න කාලයක් ගිනි ගෙන දැවෙන ඇමරිකාවේ  කැලිෆෝනියානු තෝමස් ගින්න නම් අද හෙට නිවී යනු ඇත. එහෙත් ට්‍රම්ප්ගේ මේ නව ප්‍රකාශය දෙරටක් අළුතින් ගිනි තැබීමක් නොවන්නේයයි කාට කිව හැකිද ?
~එල්.අයි.බර්ටි චන්ද්‍රදාස~

මුල් පිටුවට