දෙරණ සිහින තරු

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
Derana Dream Star
ඇමරිකාවේ American Idol කොපි කරමින් ලෝකයේ බොහෝ රටවල සුපිරි තරු තෝරන වැඩ සටහන් අවුරුදු පතා පැවැත්වේ. අපේ රටේද මුලින්ම සිරස super star ඇතිවී ඉන් ඉක්බිතිව අනෙක් නාලිකාවන් හරහා දෙරන dream star, little star, junior super star, රණවිරු ස්ටාර් වැනි තරඟ පැවැත්වේ.
දෙරණ TV නාලිකාවේ මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් වූයේ වයස අවුරුදු 20 ක් වත් නැති රාගම කොල්ලෙකි. නමින් සුනීර සුමංගය. අති දක්ෂයෙකි. ඔහු ඉතා සංයමයකින් අනුන්ගේ ගීත ගායනය කරයි. ඔහු ගයන විට අනෙකුන් ගේ මෙන් මුහුණ විකෘති නොවේ. දෑස් උඩ නොයයි. බෙල්ලේ නහර නො ඉල්පෙයි. ඔහු දක්ෂයෙකි
සිරසින් බිහිවූ සුපිරි තරුවක් වූ ප්‍රදීප් රංගන තමාගේම ගීයක් ගයන අසීරු විලාශය බලන්න. බලා සිටින අපටත් ඔලුව කැකුම හැදෙයි.   
මෙම තරඟ වලට ඉදිරිපත් වන තරඟ කරුවන්/ කාරියන් ගයන්නේ 1970 ගණන් වල ගීතයන්ය. තවත් සමහරු පනහේ- හැටේ දශකයේ ගීතද ගයා පෙන්වයි.
අන්න ගීත. ඔවුන් සමඟම ප්‍රේක්ෂකාගාරයේ ඉන්නා පිරිස්ද ගීතය මුමුණයි. එම ගීත අපේ හදවත් වලින් කවදාවත් ඉවත්ව නොයයි.
ඊට හේතුව ගීත පදමාලාවේ ඇති සුමට බව, අරුත , යොදා ගත් සංගීතය සහ ගායකයාගේ කටහඬ.
ගීතයක් ජනප්‍රිය වීමට ගායකයා කොපමණ වෙහෙසක් ගන්නවාද ?
මෙවර සුනීර සුමංගට හිමිවූ අති දැවැන්ත තෑගි මල්ලයි මේ.
රු 100,000 ක මූල්‍යමය ත්‍යාගයක්
රු 100,000 ක Gift Voucher එකක්
තවත් රු 100,000 ක Gift Voucher එකක්
රූපවාහිනියක්
මූල්‍යමය ත්‍යාගය මිලියනයක්
ලක්ෂ 25ක ඉඩමක්
අළුත්ම මෝටර් රතයක්
අපේ කිසිම ඉරිසියාවක් කුහකකමක් නැත. මොහු මෙම තරඟයෙන් ජයගැනීමට විශාල කැප කිරීමක් කර ඇත.
එහෙත් ඔහු ගැයූ බොහොමයක් ගීතවල හිමිකරු වන පණ්ඩිත අමරදේවයන් එක්තරා කාලයක කුලී නිවසක ජීවත් වූ බවත් සමහර මාසවල ගෙවල් කුලිය ගෙවා ගැනීමට නොහැකිව හිතවතුන් ගෙන් උදව් පැතූ ආකාරයත් සිහියට එනවිට එක් ජයග්‍රහන‍යක් වෙනුවෙන් මෙපමණ තෑගි ගොඩක් දීම අනවශ්‍ය බව මට සිතේ. ජයග්‍රාහකයා ලාබාලයෙකි. නිකම් ලැබුණු මෙම ධනය නිසා සමහර විට ඔහුගේ අනාගතය අඳුරූ වීමට පුළුවන්. ඒ වෙනුවට රජයේ සංගීත විද්‍යාලයක නොමිළයේ සංගීතය හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබා දීමට තිබුනාය.


Dream Star අවසන් මහා තරඟයේ වීඩියෝව ඉහතින් ඇත. පුරා පැය 4 ක් දිග හැරෙන වීඩියෝව විවේක වෙලාවක බලන්න.  එය ඉතා උසස් නිමාවකින් යුත් නැටුම්-රැඟුම් සහ වැයුම් වලින් පරිපූර්ණය.  නිර්මාණශීලිව පෙළ ගස්වා ඇත. මගේ මතකයේ හැටියට අවසානයට තේරුනු තරඟකරුවන් 16 දෙනෙක් මෙහි නැටුම්-රැඟුම් පායි.
ප්‍රතමයා වුනු සුනීර සුමංග කෙසේ වෙතත් දෙවන සහ තෙවන තැන් වලට තේරුනු දෙදෙනාට වඩා දක්ෂ අය අතරමගදී හැලී ගොසින්ය. ඒ තමා මේ මනාප කෙරුවාවේ හැටි. මේ මනාප ක්‍රමය නිසා අපේ රටට සිදුවී ඇති හානිය බලන්න.

තරඟකාරී කොම්පනි තම ප්‍රචාරක කටයුතු සඳහා අත දිග හැර වියදම් කරන මෙම තරඟ හුදෙක් මුදල මතම රඳා පවතී. විනිසුරුවන් කියන්නේ දෙරණින් රටට අවශ්‍ය උසස් සංගීතඥයන් බිහි කෙරෙන බවකි. එහෙත් මීට කලින් dreamstar වූ එකෙකු අතින්වත් උසස් යයි කිව හැකි සංගීතයක් තවමත් බිහි වී නොමැත.
තම කණ්ඩායමේ එකින් එකා ගිලිහී යද්දී හොටු පෙරා ගෙන හඬන තරඟ කරුවන්ගේ සුරතේ ගැට ගසා ඇති පිරිත් නූල් ප්‍රමාණය දකින විට කෙතරම් අජූතද ? හැමෝම කෙලින්ම ඉලක්ක කරන්නේ අති විශාල තෑගි මල්ල මිස සිංහළ සංගීතයේ දියුණුව නොවේය.
~රංජිත් තිලකසිරි - ගුන්නෑපාන- මහනුවර~

මුල් පිටුවට