රට ගිය ගොඩයගෙ කතාව - 3

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

රට ගිය ගොඩයගෙ කතාව - 3

අළුත් ලිපිනයේ සිටියේ මාතරයෙක්. මාතරින් පැමිණ ලොස් ඇන්ජලිස් කිට්ටුව කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරන කෙනෙක්.
ඔහු ගොඩයා හොඳින් පිළිගත් අතර කන්ට - බොන්ට දී විඩා නිවා ගන්නා ලෙසට උපදෙස් දී පුසුඹා මල්ලීට ඇමතුමක් ගත්තේය.
 " මොකද බං කරන්නේ ? කොහේද ඉන්නේ ? මෙන්න මස්සිනා ඇවිත් ඉන්නවා. අතරමං වෙලා.. ඇයි බං මිනිස්සුන්ට ලණු දෙන්නේ ?"
පුසුඹා මල්ලි තව විනාඩි 15 කින් එනු ඇත.
 " මං කිව්වා කියල කිව්වත් කමක් නෑ.ඕකා මහ දසයා. ඕකත් එක්ක කී දවසක් එකට ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ. පුළුවන් තරම් ඉක්මණට ජොබ් කට්ටක් හොයා ගන්න බලන්න "
මාතරයා පුසුඹා මල්ලී ගැන කදිම රෙකමදාරුවක් දුන්නේය.
විනාඩි 15 කින් පුසුඹා මල්ලී අව් කණ්ණාඩි දෙක නළලට දාගෙන නවීන පන්නයේ කාරයකින් පැමිණියේය.
 " මට ඔයා මග ඇරුනනේ.. මම හතර පස් වතාවක්ම ගියා එයාපෝට් එකට.. දැන් ඉතින් කතා කරල වැඩක් නෑ. අපි යමු"
පුසුඹා මල්ලී පදිංචි වී සිටියේ ඉකුත්දා රෑ දුටු මන්දිරයේ පිටුපසය. ඔහුට කාමර දෙකක් සහ පොදු කුස්සියක් තිබුණේය.
 " මං හිතුවේ මල්ලි ඉන්නෙ වෙනම ගෙදරක කියල"
 " මම වෙනම තමා ඉන්නේ. not a big deal . මට වෙනම කාමර දෙකක් තියෙනවා. වෙනම එන්ට්‍රන්ස් එකක් තියෙනවා"
පුසුඹා මල්ලී ඇඳුම් මාරු කර ගත්තේය. ඒ අර අත් නැති විශාලෙට කිහිලි කැපූ බැනියමක් සහ රතු බෝල බෝල තියෙන රෙද්දකින් මැසූ කළිසම් කොටයකි. අප්පා උගෙ කකුල් දෙකේ ලස්සන. එක මයිල් කළඳක් නෑ. කෙල්ලෙකුගෙ වගේ.. දුකේ බෑ ඒ දිහා බලා ඉන්ට. චිඃ.. මං හිතන ඒව. මූ නිකම් පොන්සියෙක් වගේ.
හා.. මට කලින් කියන්න බැරි උනානෙ. පුසුඹා මල්ලිගේ නියම නම තිස්ස. ඔහුගේ බිරිඳ ඔහු ඇමතුවේ "තිසා" යන හුරතල් නාමයෙනි.
 " ටී..ශා..." යමෙක් සැරෙන් කතා කරනවා ඇහුනා.
 " බොස් " ...."මම බලල එන්නම් මොකද කියල" .
බොස් කුස්සියට ඇවිල්ලා. අපි හිටපු කාමර දෙකයි බොසාගෙ ගෙදරයි අතර මැද තමා පොදු කුස්සිය තිබුනේ. බොසා මොනවද මහ හයියෙන් හයියෙන් කිව්වා. ඒ ඉංග්‍රීසි බව නම් ෂුවර්. ඒත් කිසි දෙයක් තේරුනේ නෑ. අන්තිමට ස්ටුපිඩ් කීවා... ඒක නම් තේරුනා.
මොහොතකින් පුසුඹා මල්ලී මූණ රතු කර ගෙන ආවා.
 " බොස්ට ටිකක් තරහ ගිහින්. මගෙ අතින් පොඩි ටයිපින් මිස්ටේක් වෙලා. තව ටිකකින් මගෙන් සමාව ගනී. මිනිහ එහෙම තමයි"
මා ඉස්සරහ පුසුඹ මල්ලිට වස ලජ්ජාව උනේ.
 " මල්ලි මිනිහගෙ ප්‍රයිවට් සෙකට්‍රි නෙවෙයිද ? ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙකුට ඔහොම කෑ ගහනවද ?"
 " මං එයා ගෙ පර්සනල් ඇසිස්ටන්ට් .. ඔය දෙකම එකයි"
 " හැබැයි මම නම් හිතන්නෙ හරි වචනය බට්ලර් කියන එක" ගොඩයට ඒ වචනෙ අහු උනේ පුසුඹා මල්ලිගේම කාමරයේ තිබුණු මලලසේකර ශබ්දකෝෂයෙන්.
 " කවුරු උනා මොකද ? ඔයාට එහෙම එකක්වත් තියෙනවද ? මගේ අනික් ජොබ් එකේ මම මැනේජර් කෙනෙක්" පුසුඹා මල්ලි කියා ගෙන කියා ගෙන ගියා. මිනිහට හොඳටම ලැජ්ජ හිතිල.(පුසුඹා මල්ලි රස්සාවල් දෙකක් කළා. එකක් රෑට. අනික දවාලට.)
පුසුඹා මල්ලි සෙල් එකත් අරන් බාත් රූම් එකට ගියා.කොමෝඩ් එකේ වාඩිවෙලා (වෙන්නැති) කාටදෝ විධාන වගයක් දුන්නා. (ගොඩයට ඇහෙන්ට) ඇනස්ටිනා, ඩු දිස් - ඩු දැට් කියල
"දැක්කද ? මැනේජර් කෙනෙක් උනාම ගෙදර ඉඳල උනත් මැනේජ් කරන්න පුළුවන් වෙන්න ඕන"
උගෙ අම්මගෙ රෙද්ද. ගොඩයා තමාටම කියා ගත්ත.ගොඩයා ඇවිල්ල තවම දවස් දෙකයි..
අයියට බඩගිනි නම් කෑම තියෙනවා ෆ්‍රිජ් එකේ. බොස් නැති වෙලාවක් බලල බතක් උයා ගත්තත් කමක් නෑ. බත් ගඳට බොස් කැමති නෑ. මම නම් එළියෙන් කන්නේ. කුස්සියේ කවුන්ටරේ උඩ ඇබිත්තං සයිස් රයිස් කුකර් එකක් තිබුනා. ෆ්‍රිජ් එකෙත් ඇති ලබ්බක් නෑ. සලාද කොළ පැකට් කීපයක් මිස. මල් පාත්තියක් වගේ ඕවා කන්න පුළුවන්ද ?
" ටී... ශා..." බොස් කතා කලා. ලෝගුවක් වගේ එකක් ඇඳ ගත් බොස් තඩි උස මහත නාකි සුද්දෙක්. ඌ කුස්සියට ඇවිත් වාඩි උනා. පුසුඹා මල්ලී පිඟානකට සැලඩ් කොළ ටිකක් බෙදුවා. බොසා ගෑරුප්පුවෙන් ඇන ඇන ඒව කටේ දා ගන්නා ගමන් තැපෑලෙන් ඇවිත් තිබුනු ලියුම් වගයක් කැඩුවා. පුසුඹා මල්ලි හිටියේ බොසාට ටිකක් පිටුපස්සෙන් දකුණු අත පැත්තෙන්. බොස් දකුණු අත ටී..ශා ගේ වම් කලවය දිගේ ජංගියක් වගේ කොට කලිසම අස්සට අරන් ගියා.
ගොඩයා ඒ දර්ශනය බලා ඉන්න අප්පිරියාවේ කාමරේට ගිහින් දොර වහ ගත්තා.
"පුසුඹ මල්ලි මොකද්ද ඒ වැඩේ ? මිනිහ කොලු කාරයෙක්ද ?"
 " මේක මගේ තැන මට ඕන දෙයක් කරන්න පුළුවන්. ලැජ්ජ නැද්ද අනුන්ගෙ පර්සනල් දේවල් හොරෙන් බලා ඉන්න ?"
 " මට කමක් නෑ.. මල්ලි මොනව කළත්. ඒත් ඇයි අර අසරණ කෙල්ල කසාද බැන්දෙ ?"
 ( තාම රෙජිස්ටර් කරල විතරයි )
මෙහේ ඉන්න කෙනෙක් අපේ ගෙදරට ලියුමක් යවල මම gay කියල. මට ඒක බොරු කරන්නයි ඕන උනේ. නැත්තං වෙන මොනවටවත් නෙවේ. ඕව හොඳය් ගෑණු දැකල නැති අයට.
අපි අද හවස යමු නියම පොට් එකකට. අයියට හාර්ට් ප්‍රොබ්ලම් එහෙම නෑ නේද ?
ගොඩයගෙ වයිෆ් මගින් මගට කිව්වේ කොහේ යන්නත් කලින් පන්සලකට ගොඩ වෙන්න කියල
************************************************
අද තමා ගොඩයයි පුසුඹ මල්ලියි ලස්සන ගෑණු බලන්න යන දවස.
පුසුඹ මල්ලි කාර් එක එලෙව්වා. ගොඩයා දකුණු පැත්තේ ආසනේ. ඇමරිකාවේ වාහන වල රියැදුරු අසුන තියෙන්නේ වම් පැත්තේ බව සියල්ලන් දත යුතුය.
පුසුඹා මල්ලී ඉස් ඉසෙල්ලම කතාව පටන් ගත්ත. " අර මාතරයා ඉන්නව නේද ලෝකයා. ඌට ඉංග්‍රීසි බෑ. උගෙ ගෑණිටත් බෑ. අනික උගේ ගෑණි ෆාස්ට් නම්බර් එකක්"
ගොඩයා කතාව වෙනස් කළා. "අපි අපේ දෙයක් කතා කරමු."
 " ඇයි මල්ලි අර සුද්දත් එක්ක එකට ඉන්නෙ ? ලංකාවෙ ඉන්න කොටත් ඔහොම පුරුදු තිබුණද ?" ගොඩයගේ කුතුහලය වැඩියි.
පුසුඹා මල්ලි දිග කතාවකට මුල පිරුව.
 " මං ඉස්සර ආසයි අපේ අක්කලාගේ ගවුම් අඳින්න. නිය පොතු පාට කරන්න. දවසක් මම අපෙ පොඩි අක්කගෙ බොඩිය ( බ්‍රා එක ) ඇඳල බැලුව. මාර ගති. යටට ලන්කට් එක. මාර ලස්සනයි. කෙල්ලො කොච්චර ලස්සනට අඳිනවද පළඳිනවද ? උන්ට යන යන තැන සැලකිලි හම්බ වෙනව. අපිට මේ ලබ්බක් දීල ...
ඒ ආසාවල් එහෙම්ම යට ගියා. ඒත් මගේ යටි හිතේ තිබුණෙම ගෑණියක් වෙලා උපන්න නම් කොච්චර හොඳද කියන එක. ගෑණුන්ට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකෙ. ඕනම බලවතෙක් ගෑනිට යටයි. ගෑණු කොච්චර ලස්සනට ඇවිදිනවද ? ... මම ආස ගෑනියක් වෙලා පිරිමින්ට රිද්දන්න. ඒත් මෙහේ ආවට පස්සෙ ඒ ආසාවල් යට ගියා.
 " ඇන්ඩෲ මට ආදරෙයි. මිනිහට කාත් කවුරුවත් නෑ. මිනිහ මට පොරොන්දු උනා මිනිහගේ සේරම දෙපළ මට ලියන්න. ඉතින් ඔන්න ඔහොමයි.... මිනිහ මට සළකනව. මාත් මිනිහට සළකන්න එපායැ .. නැද්ද ?"
මං ගෑණුත් එක්ක එකට ඉඳල තියෙනව. ඇමරිකන්.. මෙක්සිකන්.. ඒත් ගෑණියෙකුගේ හෙළු ඇඟට හේත්තු වෙනකොට තියෙන සැපයට වඩා මාර අමුතු ජොලියක් තියෙන්නෙ පිරිමියෙක් බදා ගත්තම.. ඒක අමුතු සැපක්"
 " සමහර විට ඒක විකෘති ආසාවක් වෙන්න ඇති. ඒත් ඔය ජාතක කතාවකත් තියෙනව මිනිහා විකෘති දෙවල් කරන්න ආසයි කියල. ගෑනු උනත් එහෙමයි"
කතා කරන ගමන් පුසුඹා මල්ලි දෙපැත්තෙ වීදුරු දෙකම පාත් කළා. එළියෙ මාර සීතලයි. ජැකට් එකක් ඇඳන් හිටියත් ගොඩයට ඒ හීතල දරා ගන්න බැහැ.
 " ඇයි මල්ලි වීදුරුව ඇරියෙ ? සීතල නැද්ද ? "
 " අයිය ළඟින් මොකද්ද ස්මෙල් එකක් එනව.. ඒකයි වීදුරුව ඇරියෙ"
 " මල්ලි මෙහෙමයි... මට ලංකාවෙ වාහන තිබුණෙ නෑ. මම ආවෙ ගිය බස් වල. සමහරදාට හොඳටම හිර වෙල. මිනිස්සුන්ගෙන් එක එක ගඳ එනව. බෙහෙත් තෙල් ගඳ.. පීනස් ගඳ - සුරුට්ටු ගඳ - දාඩිය ගඳ සමහර විට පඩ ගඳ.. අපි කවදාවත් කෙනෙකුගෙ මූණට කියන්නෙ නෑ උඹ ගඳයි කියල.. ඉවසගෙන ඉන්නව මිසක.."
 " මම නං මූණට කියනව"
 " ඒ ඉතින් එක එක් එකෙනාගේ උගත්කමේ හැටියට.."
 " අයිය කියන්නෙ මම උගත් නෑ කියන එකද ?"
 " නෑ .. උගත්කම කියන්නෙ උපාධි - සහතික නෙවේ .. සමහරදාට මල්ලි ළඟත් ගඳක් තියෙනව.. මම ගෙදරමයි ඉන්නෙ. වැඩක් නැති නිසා සමහරදා මම දවසට දෙපාරක් නානව. මල්ලි දීල තියෙන බොඩි වොෂ් ගානව"
" හරි.. හරී.. ඕක බිග් ඩීල් එකක් කර ගන්න එපා" අර මං දීල තියෙන cologne පාවිච්චි කරන්න. රස්සාවක් කරන කොට තමන් කැමති දෙයක් ගන්න බැරියැ"
" මම කවද්ද රස්සාවක් කරන්නේ. මං ඇවිල්ල මාසෙකටත් වැඩියි.. මට බැරිද මල්ලි වැඩ කරන තැන මොකක් හරි කරන්න. ඔයා මැනේජර් කෙනෙක් කිව්ව නේද ?"
" ඔයාගෙ ඉංග්‍රීසි හරි මදිනෙ එතෙන්ට දාන්න. "
 " මට තියෙන්නෙ ඉංග්‍රීසි ප්‍රශ්නයක් නෙවෙයි. මුන්ගෙ ඇක්සන්ට් එක නොතේරෙන එකනේ"
 " එහෙනම් ඉතින් රෙසමි එකක් හදා ගෙන කොම්පනිවලට දීගෙන දීගෙන යන්න. ගොඩක් අයට එහෙම තමා රස්සාවල් හරියන්නෙ"
ගොඩයට resume කියන වචනය මැජික් වගේ. ලංකාවෙ bio data කියන එකට මෙහේ කියන්නෙ රෙසමි කියල.
දවසක් ගොඩයා පුසුඹ මල්ලීට කියල රෙසමියක් හදා ගත්ත.
 " ෂා.. ඔයාගෙ රෙසමි එක මරුනේ.කොහොමද ඔච්චර විභාග ගොඩක් පාස් කර ගත්තේ?"
ගොඩයා රෙසමියක් අරන් vacancy කියල ගහල තිබුණු තැනකට ගියා. ඒක මොටෙල් එකක්. ඒ vacancy වෙන ජාතියක්. මොටෙල් එකේ හිස් වූ කාමර තියෙනවා කියන අර්තයයි ඒ.
 " කොහාට හරි ගිහින් අහන්න ඕන openings තියෙනවද කියල" පුසුඹා මල්ලි පැහැදිලි කළා.
සේරම කණ පිට. ඉංග්‍රීසි වලට අමතරව මේ අළුත් වචනත් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යයි. ගොඩයා බය උනා.
ඊළඟ සතියේ දවසක් ගොඩයා පුසුඹ මල්ලිත් එක්ක පන්සලට ගියා. ලොකු හාමුදුරුවෝ උඩරට කෙනෙක්. උන් වහන්සේ ගොඩයාගෙන් ගමේ විස්තර අසන්නට පටන් ගත් සේක.
"මහත්තයලගෙ ගමේ පන්සලේ හාමුදුරුවෝ දෙවුරම වහනවද? නැත්නම් එක උරයද ?"
ඔන්න ඔහොමයි. පොරට ඕන උනේ ගොඩයගෙ කුලේ දැන ගන්න.
ගොඩයා උගෙ මෑණියන්ට පින් දෙමින් ඉන්න අතරේ උන්වහන්සේ ගොඩයාගේ සුරතේ පිරිත් නූල් වහන්සේ නමක් බැඳි සේක.
දෙවුරම වහන එක හොඳයිනේ. උරිස්ස ඇරල කිහිල්ලෙ මයිල් බූසිය ලෝකෙට පෙන්වන්නෙ නැතුව.
මතු සම්බන්ධයි.
(මෙහි 1 සහ 2 කොටස් සඳහා ශ්‍රී ලංකා-විත්ති පසුගිය කලාප බලන්න.)

~යතාර්තවාදියා~