කවි පිටුව

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
www.nishadibridalcreations.com
***********************************

නිදහස
ලොකු ඉතිහාසයකි සිංහල රටට        අපේ
ආඩම්බර කමට හිත් මල් පොකුරු       පිපේ
පර ගැති පාලනෙන් මිදිලා ලබපු         ඔපේ
වනසා දමපු හොරු - අද එක පෙලට   හැපේ

හතලිස් අටේ සිට නිදහස             සමරනවා
හැත්තෑවක් එවැනි දින පසුවී            යනවා
නැණවත්  කමින් අප හැම පෙරටම   එනවා
එනමුත් උපන් රට - ටික ටික   වැලලෙනවා

බටහිර රටක අප ජීවත් වෙන               හින්දා
පිරිසිදු නිදහසක් කවුරුත් අත්               වින්දා
මව් බිම එහෙම නැති බව හිත යට          රන්දා
දුක් වෙමු අපි සැවොම නෙත කඳුලැලි  කැන්දා

මඩ විසි කර ගැනීමෙන් කර කර                     යුද්ද    
අපි පිල් බෙදුනෙ ඇයි වැඩි කර ගෙන              සද්ද   
හොරු රැල රටම කති - ඒ බව               බොරුවක්ද
ඇත්තට අපට විලි ලජ්ජාවක්                       නැද්ද

මහ බැංකුවට දීලා මුලදිම                        සුද්දේ
මතකද පටන් ගත් හැටි ඒ යම                  යුද්දේ
අදටත් අපේ සමහරු දාගෙන                    සද්දේ
විලිබිය නැතිව පුදුමයි යන හැටි                බැද්දේ

ජාතික කොඩිය නැහැ උතුරෙදි  එසවෙන්නේ
මුස්ලිම් පිරිස් විල්පත්තුව           වනසන්නේ
බූරුවො කැරට් අල බල බල     රැවටෙන්නේ
මොල ගෙඩි වලට වස් වැදිලද     සිහලුන්නේ

රට වැසි දිළිඳු අය නෙක බදු වල             ගිල්ලා
සුර සැප විඳින හොරු රැල දෙස          බලපල්ලා
නීතිය නවන පිරිවර උගුරෙන්                 අල්ලා
හැකි විගසකින් එලියට ඇද                දමපල්ලා

කිරි වල සේදුවත් කලු අඟුරෙහි                  වෙනස
ගොඩ ගනු නොහැක - නැවතත් දිස් වෙයි     එලෙස
හොර තක්කඩි රෑන පන්නා ගනු                   පිණිස
දැනුවත් කළ යුතුය චන්දය දෙන                   පිරිස
~ආනන්ද ගුණතිලක- මෙල්බර්න්-ඔස්ට්‍රේලියාව~
***************************************
ජීවිතය



පාලුව තනිකම 
සිනාවත් කදුලුත්
අතරතුරේ
කාලෙට​ ඉඩ දී බලා සිටිනවා
නොනවතින ජීවිතය​
දුර පාවෙන දෙස​
කරදර හිරිහැර​
බාදක අවහිර​
දැනුනද නොදැනුන ලෙස
ඔහේ ගලනවා ජීවිතය​
රැලි  නොනගින​
මහා ගඟක් විලස​
දැන් ඇති ...
දැන් නම් හොඳටම  ඇති යැයි
කොපමන සිතුවද​
මොහොතකට මායිම් නොකරන​
හිතුවක්කාර ජීවිතය​
ගඟ සේම නොදනී ඉතින්
කවදා කෙලෙසින් නවතින්න
නියමවි ඇති දැයි වග​
~නටාෂා කන්නන්ගර- කැලිෆෝර්නියාව~
*****************************************************
සංහිඳියාව
~තාරුකා කුලතුංග~
**************************************************************************



උදවු පදවු පරිස්සමෙන්

ඉත්තෑවාගෙ ගෙට කබැල්ලාව රිංගුව වාගෙයි.
ඉස්සර කථාවක් තිබුනා අප ජන වහරේ
කෙනෙකුට උදවුවක් කලාම දුරදිග හිතලා
පසුවට ඒ අයම ඔලුවට අත හෝදයිලු...!

      කල හොඳ පස්සෙන් එන බව කියනා
      ගැමි කථාවකුත් ඇහුවා මා ළපටි වියේ
      කොටි හපුවකු හිටියත්  උගුලක පැටලී 
      දෙවරක්  සිතිය යුතුමය  ඌ බේරන්ට....

මූසිල ගියා ගුත්තිල පඬි හමුවන්ට
බැල මෙහෙවර කලා කපටිවු සිත් ඇතිව
ශිල්ප ඉගෙන ගත් පසුවයි මතුවූයේ
කුහක, අමන ගති පඬි තුම පරදන්ට..

       උදවු කල යුතුයි අප එකිනෙකා හට
       ඔබ ලෙඩ කරයි නම් අන්තිම ප්‍රතිපලය
       සිත් රිදවා නොගෙන සිදු වූ දේ සිතලා
       කලදේ හිතා තුටුවෙමු සත් පුරුෂයින් ලෙස...!

සුමනා සත්කුමාර -නෝර්ත් හිල්ස්
************************************************
WEAPONS ARE KIND..

This kindly request is
to all mankind
Who are cursing us
For destroying mankind
We are not evil, But
We are kind
We are innocent
We like Peace
We like to protect you
Not like to destroy you
But you are using me to 
Kill your very own
Please don't  make me or
Use me anymore
to hurt mankind
Because I have a heart

~Vindya Wimalasoma~