දේශපාලන

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
POLY (වැඩි දෙනෙක්)+ TRICKS (රැවටිය හැකි) = POLITICS
අපේ රටේ ආර්තිකය හසුරුවන මර්මස්තානය මහ බැංකුවයි. අපේ රට විදෙස් රටවල් වලට කොයි තරම් ණයද ? විදෙස් රටවල් අපිට කොයි තරම් ණයද ? අපේ ආනයන- අපනයන තත්ත්වය.. වගේ රටක පැවැත්මට අදාල විවිධ දත්තයන් පාලනය කරන්නේ මහ බැංකුවයි.මහජනයාගේ ඉතුරුම් සහිත බැංකු සහ වෙනත් මූල්‍ය සමාගම් පාලනය කරන්නෙත් මහබැංකුවයි.
මහ බැංකුවේ ලොක්කා මහ බැංකුවේ අධිපති. මුදල් නෝට්ටුවල එහෙමත් අත්සන් කරන්නෙ එයා. එයා පත් කරන්නේ රටේ ජනාධිපතිවරයායි.
දැන් අවුරුද්දක කාලයක් තිස්සේ පත්තරවලයි හැම ජනමාධ්‍යකමයි කතා වෙනව මහ දවල් සිදු කළ බැංකු මංකොල්ලයක් ගැන. මංකොල්ලය කරල තියෙන මහ මොළකරු කොටි හිතවාදියෙකු වන අර්ජුන් මහේන්ද්‍රයි. ඔහු තමා මහ බැංකුවේ අධිපති. පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල මහත්තයමයි.
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ජාතිකයෙක්. කොහොමද විදේශිකයෙක් ලංකාවෙ මහබැංකුවේ අධිපති කළේ?. අන්න එතැනයි මූලික වරද  !

අපේ රටේ දේශපාලනය උඩු-යටි කුරුඤ්ඤං කරන්නේ ඔය කොළඹ 7 ඉන්න තරු පහේ කට්ටිය නොවේ. පහල මධ්‍යම පන්තියේ අය. කෙටියෙන් කියනවා නම් මාස් පඩි කාරයෝ. ගම්වල ඉන්නා බයියෝ.
ඡන්දෙ කිට්ටුවෙන කොට සිල් රෙදි ටිකක් බෙදුව නම්.. එහෙම නැත්නම් ඔය තායිලන්තය වගේ රටකින් මොනව හරි ගෙනල්ල බුදු හාමුදුරුවන්ගෙ ධාතු කියල ධාතු ප්‍රදර්ශනයක් තිබ්බ නම් උංගෙ දේශපාලන මතය  පට ගාන කොට කණ පිට හරවන්න පුළුවන්. ඒ වගේ උන් තමයි ඔය අරගල වලදී ඉස්සරහට එන්නේ. මැරයින්ගෙන් ගුටි කන්නේ. පොළිසියෙන් කඳුළු ගෑස් කන්නේ. වෙඩි උණ්ඩ වල්ට පපුව දෙන්නේ. උන්ම තමයි දේශපාලකයින් කරේ තියා ගෙන යන්නේ. මල් මාල දාල සිංදු හදල නැටුම් නටල පිලිගන්නේ. උන්ගේ ආශාවන්- බලාපොරොත්තු ඉතාම සීමා සහිතයි. බඩට දා ගන්න යමක් ලාබෙට. විළි වහගන්න වස්තරයක්, ලෙඩක් හැදුනම බෙහෙත් ටිකක්. පොඩි එකාට හොඳ ඉස්කෝලයක් ඊට පස්සෙ ඌ ලොකු උනාම රස්සාවක්..
උන්ට වැඩක් නෑ ඔය විදේශ විනිමය, විනිමය අනුපාතය, මිළ උච්චාවචනය, උද්දමණය, මිළ නම්‍යතාවය, භෞමික අඛණ්ඩතාවය , බැඳුම්කර..

බැඳුම්කර නාඩගමේ මුල් කොටස හමාරයි. හොරකම් කරපු උන්ම කියනවා හොරු අල්ලලා නඩු දානවා කියල. අර්ජුන් මහේන්ද්‍රන් රටෙන් පැන්නා. කොමිසමක් පත් කළා. ඔය කොමිසම් පත් කරන්නේ වෙන මොකටවත් නොවෙයි කල් අල්ල අල්ලා ඉඳල වැඩේ වහල දාන්නයි. බැඳුම්කර හොරකමෙන් උනාට වඩා මුදලක් වැය වෙලා ඇති ඔය කොමිසමට.
ඔන්න කොමිසමේ වාර්තාව පිටු 1500ක් විතර.
පාර්ලිමෙන්තුවෙ ඉන්න ඔය 225 දෙනා ගෙන් කීදෙනෙකුට ඔය වාර්තාව කියවල තේරුම් ගන්න පුළුවන් කියල හිතනවද? 
රටේ යුද්දයක් තිබුණද කියලවත් මතක නෑ සමහරුන්ට. යුද්දෙ පටන් ගත්තෙ මහින්ද රාජපක්ෂ නොවේ. ඒත් ඉවර කරන්ට උනේ මහින්දට. රට බේර ගත්තු වීරයා කීවා, අපේ රජ්ජුරුවො කීවා.. ඒත් අවුරුදු පහක් යන කොට ඒව අමතකයි. 
භෞමික අඛණ්ඩතාවයට වඩා බඩගින්න ලොකුයි. 
මහින්දට හොරා කීව. සුදු අශ්වයෝ. ලැම්බ්‍රොගිනි.  ඒවා මිනිසුන්ට අදාල නෑ. මිනිස්සු දන්නව මිනී මරා ගෙන ඔතනට එන්නෙ ගැහිල්ලට තමා කියල. ගැහිල්ල අපේ වාගේ රටවලට සුළු දෙයක්. අළුත් දෙයක් නොවේ. 
ඒකයි නැවතත් මහින්දම ඉල්ලන්නේ...
බැඳුම්කරෙන් මිලියන නොවේ ට්‍රිලියන ගාණක් ගැහුවත් අපට මොකෝ.. ඔන්න හාල්-පිටි-සීනි මිළ කීයක් හරි පහල දමනව නම්...
~එල්. අයි. බර්ටි චන්ද්‍රදාස~

මුල් පිටුවට