ජීවිතය සුන්දරයි.

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ජීවිතය සුන්දරයි.

මහමෙවුනා අසපුවේ අනුග්‍රහයෙන් 03/04/18 දින University of West රඟහලේදී පෙන්වූ Love over fearful Samsara චිත්‍රපටය ඔබ නැරඹුවාද ?
(මහමෙවුනා අසපු සංකල්පය පිළිබඳව මගේ කිසිම පැහැදීමක් නැත. කාගේ හෝ උවමණාවකට ඉතා සෙමෙන් සූක්ෂ්ම ලෙස පිරිසිදු බුදු දහමට වෙනත් හැඩ තලයක්  මවා පෙන්වන බෞද්ධාගමික කල්ලියකි එය.)
අසපුවේ හිමිවරුන් අනෙක් පන්සල්වලට නොයයි. පාංශුකූල වලට නොයයි. කඨින පූජා නොපවත්වයි.( එහෙත් මෑතකදී මෙය පමණක් වෙනස් වී ඇත )
මෙම බුද්ධ ප්‍රතිමාව බලන්න. අප බුදුරදුන් ජීවමානව දැක නැතත් හැම තැනකම පාහේ දක්නට ලැබෙන බුදු පිළිම වලට වඩා වෙනසක් මෙහි ඇත. මේ මහමෙවුනා බුදු පිළිමයකි. දෑස් සහ දෑතේ ඇඟිලි කාන්තාවකගේ මෙන් හීනියට දිගටියට නෙලා ඇත. මුහුණද උතුරු ඉන්දියානු නිළියකගේ මෙන්ය.
මාගේ ශරීරයද මේ මල මෙන් පරවී යනවා නොවේද යන ධර්මතාවය සංකේතවත් කර ගනිමින් අපි බුදුන්ට මල් පූජා කරමු. එහෙත් අපි පළතුරු පූජා නොකරමු.
මේ මහමෙවුනා පළතුරු පූජාවක්.
මටද ඇරයුම් පතක් ලැබුනු නිසා එම චිත්‍රපටිය බැලීමට ගියෙමි. ඇරයුම්පතේ හෝ වෙනත් තැනක චිත්‍රපටයට වයස් සීමාවක් සඳහන් නොවුනි. එහෙත් එය ආරම්භවී මොහොතකින් අවුරුදු 15 න් පහල අයට නුසුදුසු බව තිරයේ සටහන් විය. 15 නොව 10 ට අඩු ළමයින්ද බුරුත්තක් ශාලාවේ විය..

චිත්‍රපටය 3D බැවින් එය නැරඹීමට කණ්ණාඩියක්ද සැපයිනි. එහෙත් එහි කිසිම 3D effect එකක් නොවීය. කතාවේ කිසිම කලාත්මක බවක්ද සිනමාරූපී බවක්ද නොවීය.
කතාව සැකෙවින්;
තරුණ පාසල් ශිෂ්‍යයෙක්. ඔහුගේ කඩවසම් පෙනුම ගැන පිස්සු හැදුනු කෙල්ලන් කීප දෙනෙක් ඔහුගේ ඇසුර පතයි. ඉන් එකියක හා ඇසුරක් පටන් ගන්නා තරුණ ශිෂ්‍යයා රාත්‍රී කාලයේ ඇගේ නිවසට යයි.  ඔවුන් දෙදෙනා සමීපව සිටිනා අයුරක් ජනේලයේ ඇඳුනු සෙවනැලි දෙකක් මගින් පෙන්නුම් කරයි. විදුලි බුබුළු නිවී යයි.

ඊ ළඟ දර්ශනය:
තරුණ ශිෂ්‍යාව වැසිකිළියේ බිම වැතිරී සිටී. බිම පුරාද , වැසිකිළි  කොමෝඩ් එකේද ලේ. ඇගේ ඇඳුමේද යටි භාගයේ ලේ පැල්ලම් ඇත. ඇය දරු ගැබක් නැසීමට යම් බෙහෙතක් බී ඇත. අධික රුධිර වහනය නිසා මිය යන ඇය අපායේ උපදී.
යමපල්ලන් අපායට පැමිණි අයට දෙන දඬුවම් ඇනිමේෂන් මගින් පෙන්වයි.හිස කඳින් වෙන් කිරීම, කියතකින් සිරුර දෙකඩ කිරීම, කටු ඉඹුලේ නැංවීම වැනි දඬුවම් පෙන්නුම් කරයි.
යම රජු තරුණියගේ නඩුව අසයි. මුලින් ඇය මිනිස් ලෝකයේදී කරන ලද හොඳ වැඩ ගැන අසයි. ඉන් පසුව දඬුවම් නියම කරයි.
අපායේ ස්තර තුනකදී ඉහත කියන ලද දඬුවම් විඳීමෙන් පසු ඇය , කලින් කරන ලද හොඳ වැඩ නිසා නැවත මිනිස් ලොව  ඉපදෙන බවත් , එහි ආත්ම පන්සියයක් ගබ්සා වලට ලක් වෙන බවත් යමරජු කියයි.

චිත්‍රපටියේ කලාත්මක බව, සිනමාරූපී බව කෙසේ වෙතත් එමගින් සමාජයට වැරදි අර්තකතන කීපයක් ලබා දෙයි.
අපාය යයි ලෝකයක් ඇති බව
පෙම් සබඳතා පැවැත්වීම පාපයක් බව
අනිසි ගැබ් ගැනීමකට ඇති එකම විසඳුම ගබ්සාව බව
බිය වැද්දීමෙන් මිනිසා පාපයෙන් මුදවා ගත නොහැකිය.
අසපු බණ අසා තක්කු-මුක්කු වී ඉන්නා තරුණ පිරිස්
ඉගෙනීම අවසන් කිරීමට පෙර දරුවන් හැදීමෙන් යහපත් ආර්තිකයක් ලබා ගැනීමට නොහැකිවීම.ඉගෙන ගන්නා වයසේ  තරුණියක් ශාරිරිකව සහ මානසිකව එවන් වගකීමක් දැරීමට සුදුසු නැති බව යතාරූපීව ළමුන්ට අවබෝධ කර දීම වෙනුවට ළමුන් තුළ අනවශ්‍ය බියක් ඇති කිරීම අසාධාරණයකි. ලෝකයේ ජීවත් වූ ඩයිනෝසරයන් මෙන්ම මිනිස් සංහතියද තවත් අවරුදු 500 කින් පෘතුවියෙන් අතු ගෑවී යනු ඇත.

නිසි කලට අධ්‍යාපන කටයුතු කිරීම, සුදුසු රැකියාවක් කිරීම , නිසි කලට  ආවාහ-විවාහ වීම , නිසි කල දරුවන් ලැබීම,දරුවන්ගේ කටයුතු කිරීම , ඉන් ඉක්බිතිව දරුවන්ගේ දරුවන් රැක බලා ගැනීම අපගේ සංස්කෘතියේ කොටසක්ය.
මහමෙවුනා බණ ඇසීමෙන් සමහරු විවාහ නොවී සිටීමටද , විවාහකයින් දරුවන් නොහදා සිටීමටද තීරණය කර ඇති බව  දැන ගන්නට ඇත. එසේම මෑතකදී විවාහ වූ අයෙක් තම තරුණ බිරිඳ අත හැර දමා ඇති බවද අසන්නට ලැබුණි.
බොහෝ බෞද්ධයන් මස් මාංශ නොකයි. කන අය ආදීනව දැන දැනම කයි. එහෙත් මහමෙවුනාව කියන්නේ "ඔබේ පිඟානේ ඇත්තේ යම් මාංශමය කොටසක් විනා පණ ඇති සතෙකු නොවන නිසා මස් කෑවාට කමක් නැත කියාය.
" මෙච්චර දවස් බයෙන් බයෙන් මස් කෑවා - මහමෙවුනාවට පින් සිද්ධ වෙන්ට දැන් බයක් නැතුවම කන්න පුළුවන්" මේ කෙනෙක් කළ ප්‍රකාශයකි.
ජීවිතය සුන්දරයි. ජිවිතය විඳින්න.
~රසික හෙට්ටිආරච්චි-~

මුල් පිටුවට Flag Counter