කතා පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

රට ගිය ගොඩයාගෙ කතාව -5

ගොඩයා උදෙන්ම හැරියට් වැඩ කරන තැන හොයා ගෙන ගියා. වීදුරු කාමරයේ සිටි හැරියට් දුර තියාම ගොඩයා හැඳිනගෙන අතවනා නැවත බිම බලා ගෙන වැඩෙහි නිරත උනා. ගොඩයා නිය පිටින් ජනේලයට පොඩි තට්ටුවක් දැම්මා.
"Are you looking for me?" වගේ බැල්මකින් හැරියට් හිස ඔසවා බලා ප්‍රශ්නාර්තයක් සමඟ කාමරයෙන් එළියට ආවා.
"ගුඩ් මෝනින්ග් මිස් හැරියට්.. ඊයේ චෙක් කරල දාල ගිය ටිකට් එක මම නිකමට වගේ චෙක් කලා. ඉලක්කම් 5 න් 5 ම තියෙනවා. ඔයාට තමා ජැක්පොට් එක. මේකයි වෙලා තියෙන්නේ ස්කෑනර් එක හිර වෙලා.. මෙන්න ටිකට් එක"
හැරියට් මූණ කළු කර ගෙන ඉද්ද ගැහුවා වගේ එක එල්ලේ ගොඩයා දිහා බලා ගෙන හිටියා.
ඒ බැල්මේ තිබුණේ;
උඹ එහෙනම් මීට කලිනුත් මගේ ටිකට් චෙක් කරලා ඒවට දිනුම් තිබුණ නම් අර ගන්න ඇති, නැත්නම්,
චඃ.. තව ටිකෙන් මට ලැබෙන්න තිබුණු වාසනාව මේ යකා ගන්නව; නැත්නම්,
මූ වගේ ගොන් හරකෙක්; එහෙමත් නැත්නම් මේ මිනිහ නම් අදහන්න වටින මිනිහෙක් කියන එකද කියල හරි හැටි තේරුම් ගන්න බැරුව , ඒ බැල්මට හසු නොවී ගොඩයා බිම බලා ගත්තා. ගොඩයගේ දෙතොල් වෙවුලුවා.
" මම යනවා. මිස් හැරියට්. මට වැඩට යන්න තියෙනවා"
" පොඩ්ඩක් ඉන්න .. මම ගිහින් දාන්නම්"
හැරියට් , ගොඩයා වැඩ කරන 7 ඉලෙවන් එකට එයාගේ වාහනෙන්ම එක්ක ගියා. ගියා කෙළින්ම මැනේජර්ගෙ කාමරේට. මැනේජර් ජග්දීප් සින්ග් යම් වැඩක නිරත වෙලා හිටියා. මොනවාදෝ එයා එක්ක කුටු කුටු ගෑවා. යන්න ගියා.
ජග්දීප් සින්ග් ගොඩයාට කතා කලා.
" උඹ කළ වැඩේ හොඳයි. මෙතන වැඩ ටික හොඳට ඉගෙන ගනින්.. මම ළඟදී තව ස්ටෝර් එකක් ගන්නවා.
මම උඹව එතන මැනේජර් හැටියට දාන්නම්. මම උඹේ පඩියත් ඩොලර් එකකින් වැඩි කළා"
( ගොඩයට ලැබුණේ පැයකට ඩොලර් 6.00 යි. ඊ ළඟ පඩිය හැදෙන්නේ පැයකට 7.00 ගානේ )
****************************************
ගොඩයා ඕෆ් වෙන්නේ හවස 4.00 ට. ඒ වෙලාවටම හැරියට් ආවා. සමර් එක පටන් ගෙන... හතරටත් මද්දහන වගේ වගේ අව්ව සැර.
" මම උඹව ගිහිල්ල දාන්නම් ඉන්න තැනට. මේ අව්වේ කොහොම පයින් යන්නද ?"
ගොඩයා වාහනයට ගොඩ උනා. කවුරුවත් කතා කළේ නැහැ. වචන හිර වෙලා. ගොඩයා බලන් හිටියා හැරියට් දැන් කතා කරයි.. දැන් කතා කරයි කියල.. ගේ ළඟටත් ආවා.
" මොනවා..හ් මේකද උඹේ ගේ ?"
ඇන්ඩෲ සහ පුසුඹා මල්ලි මිදුලේ කාර් එක හෝදනවා. ඇන්ඩෲ ඇඳල හිටියේ රතු ලොකු මල් තියෙන බාච්චු කොට කළිසමක්. එයා ගේ ලය පේශි වයසක කාන්තාවකගේ වගේ එල්ලා වැටුනා. පුසුඹා මල්ලි හිරට හිරේ කෙටි ජංගියක් වගේ එකක් ඇඳන් රබර් හෝස් එකෙන් වතුර විද්දා. ඇන්ඩෲ ගෙ ඇඟට. එයා ලොඹු හිනාවක් දැම්මා
හා... හා. හා.. කියල. හරියට අළුත බැඳපු ජෝඩුවක් වගේ. නොදකින් විතරක්.
" ඇන්ඩෲ මහත්තය බලා ගන්නේ මගෙ ඥාතියෙක්. අපි දෙන්න මේ ගේ පිටි පස්සෙ කාමරේක ඉන්නේ"
හැරියට් ගොඩයට ලොකු හග් එකක් දීල... " මම හරියට හවස 7.00 ට එනවා. හොඳට ලෑස්ති වෙලා හිටපන්.. අපි හොඳ රෙස්ටොරන්ට් එකකට ඩිනර් එකට යනවා" කියා ගෙන යන්න ගියා.
පුසුඹ මල්ලි මේ සේරම බලා ගෙන.
" අම්මට සිරි.. කවුද යකෝ ඒ ? නෑකි ගෑනියෙක් නේද ?"
" නාකි උනත් ගෑණියක්නේ මල්ලී.." ගොඩයා එයාගෙ ප්‍රතම ප්‍රහාරය එල්ල කළා.
යුද්ධ කරන්න සල්ලි ඕන. දැන් ගොඩයට සල්ලි තියෙනව.
"මිස් හැරියට් කැමති දෙයක් ඕඩර් කරන්න." ගොඩයා කියන්නේ අමුම අමු ගොඩයෙක්. නොදන්න කෑම ඕඩර් කරල කා ගන්න බැරුව බඩගින්නේ ඉන්නෙ මොකටද.. මම එයා කන විදිය බලා ගෙන කනව..ගොඩය හිතුව.
" මම හෙට ටිකට් එක එක්ස්ප්‍රස් මේල් එකේ යවනව. සති දෙකකින් මට චෙක් එක ලැබෙයි. මේක ලොකු ගණනක්. මගෙ පොඩි පොඩි ණය වගයක් තියෙනවා. ඒ ටික ගෙවල දාන්න ඕන. පල්ලියට ටිකක් දෙනවා. මම ඔයාට ඩොලර් 5000 ක් දෙනවා"
" 5000 ක් ...?"
"ඇයි මදිද ?"
" නෑ.. මට සතයක්වත් එපා. මේ මිස් හැරියට්ගෙ වාසනාව. අනුන්ගෙ සල්ලි වලට ආස වෙන්න එපා කියල අපේ ආගමේ කියල තියෙනවා"
මිස් හැරියට් ඇස් පිල්ලන් ගහන්නෙ නැතුව බලන් හිටියා. ගොඩයට හොඳටම උවමණාව තිබුණා අර " අටුවේ වී " ගැන මෙයාට කියල දෙන්න. ඒත් ගොඩයට ඒක කියල දෙන්න තරම් හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. ඇරත් මේ ගෑණි අටුවක් දැල ඇති එකක්යැ. අටුවට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ හැබෑටම ?
"මගේ මැනේජර් මට පඩි වැඩි කළා. මට ඒ ඇති."
" උඹ නම් පුදුම මිනිහෙක්"
" මිස් හැරියට්...."
" ඇයි මොකද ?"
" පුළුවන් නම් මට මේ උදව්ව කරන්න. ඒකට යන වියදම් මම ගෙවන්නම්.. මට පේපර්ස් නැහැ. මට මෙහේ දිගටම ඉන්න විදිහක් හදල දෙන්න"
" හරි ලබන සතියේ දවසක වරෙන් යන්න මාත් එක්ක. මම දන්න immigration lawyer කෙනෙක් ඉන්නවා.. හැබැයි ප්‍රොසෙස් එකට අවුරුද්දක් විතර යයි"
" බොහොම ස්තූතියි.. ඒ හොඳටම ඇති" හැරියට් රෑ 10.00 ට විතර ගොඩයා ගෙනත් ගේ ළඟ බැස්සුවා.
********************************************
ගොඩයා ඇවිද ගියේ යුද්ධයක් දිනූ සෙන්පතියෙක් වගේ.. සුදු අසුන් යෙදූ රතයක. වෙනදා හෙමින් සීරුවේ දොර අරින ගොඩයා " ක්‍රාස්" කියල දොර ඇරල " දඩාස්" ගාල දොර වහල ගෙට ගියා.
" මිහිරැති වසන්ත කාලේ - ඇයි ඔබ මෙතෙක් නො ආවේ .." ගීතයද මුමුණමින් ඒ ඇඳුම් පිටින්ම ඇඳට වැටුනා.
පුසුඹා මල්ලී නිතරම බැලුවේ කොහොම හරි ගොඩයට රිද්දවන්න. ඒ එයාගෙ අඩු පාඩු වහගන්න.
මෙහේ තියෙනවා සිස්ටම් එකක් ..තමන්ට කැමති ඕනෑම ෆිල්ම් එකක් ගෙදර ඉඳන්ම TV එකෙන් බලන්න. ඒකට කියන්නෙ PPV - Pay Per View
කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක්. දුරකතන අංකයක් තියෙනවා .. ඒක ඩයල් කරන්න විතරයි අවශ්‍ය. නියම වෙලාවට ෆිල්ම් එක ප්ලේ වෙනව එක දිගටම.. අතර මැදින් ප්‍රවෘත්ති - වෙළඳ දැන්වීම් නෑ. එකක් ඩොලර් 7 ක් 8 ක්. මාසෙ අන්තිමට තමා බිල ගෙදරට එන්නේ.
" ගොඩය අයිය පෝර්නො බලල තියෙනවද ? ලංකාවෙ කියන්නෙ බ්ලූ ෆිල්ම් කියල ?"
" මම කීපයක් බලල තියෙනව"
" අපි අද එකක් බලමු"
පුසුඹා මල්ලි බිත්තර 5 ක් විතර කඩල දාල ඒකටම අමු මිරිස් , උම්බලකඩ, චීස් , බේකන් කෑලි කීපයක් දාල මරු ඔම්ලට් එකක් හැදුව. නිකම් හෙල්මට් එකක් වගේ. ඒකත් අරන් බියර් බෝතල් දෙකකුත් කඩාන දෙන්න සෙට් උනා.
ඒක Gay බ්ලූ එකක්. ගොඩයා හිතන් උන්නෙ gay කියන්නෙ ගෑණු පෙනුම තියෙන ගෑණු වගේ කතා කරන ඇවිදින පිරිමි කියල. එහෙම එකක් නෑ මේකෙ ඉන්නෙ නියම හැඩි දැඩි පිරිමි.
බුදු අප්පේ... ගොඩයා කියන්නේ නිකම්ම නිකම් ළිං මැඩියෙක්. ගොඩයා නොදන්න දේ තව කොච්චර තියෙනවද මේ ලෝකේ ?
සංසාරෙ හැටි. මෙච්චර ලස්සන ඉටි රූප වගේ ගෑණු ඉන්නා රටේ. ඔන්න එකෙක් අනෙකා ළඟ දණ ගැහුවා.
" බෑ.. මට බෑ. මේ දහ ජරාව බලන්න. නැද්ද ගෑණු ඉන්න එකක්?"
" අයියට බලන්න බැරි නම් කාමරේට යන්න. මම තව ටිකක් බලන්නම්"
" මල්ලි දන්නවද අර දූරියන් කියන ෆෘට් එක. කොස් ගෙඩිය වගේ ඊට වඩා උල් කටු තියෙන?"
" ඉතින් ?"
" දූරියන් මදුලු දෙකක් ,වරකා මදුලු දෙකක්, මුදවපු කිරි ටිකක්, ඉදුනු කෙහෙල් ගෙඩියක් , කිතුල් පැණි ටිකක්, ගස්ලබු කෑල්ලක් ,රට ඉඳි කීපයක් සේරම බ්ලෙන්ඩරයක දාල ජූස් හදල මුන්ට බොන්න දෙන්න ඕන දෙවේලක්"
"එතකොට?"
" එතකොට මතක් වෙයි පුක තියෙන්නෙ මොකටද කියල"
*****************************************
දැන් ගොඩයටත් යාළුවො ඉන්නවා. ලංකාවෙ අය. කෙනෙක් සංගීත සංදර්ශනයක් සංවිධානය කරල. ටිකක් ඈත තියෙන්නේ. හැතැක්ම 50 ක් විතර ඈත. ගොඩයට යන්න විදියක් නෑ. පාලිත සිල්වා එහෙම එනවලු තව නැටුම් කණ්ඩායමක් එක්ක.
යාළුවෙක් ඇවිත් ගොඩයා එක්ක ගියා. ඒක ඉවර වෙන කොට රෑ 10.00 විතර උනා. ඊට පස්සෙ තව යාළුවෙකුගෙ ගෙදර ඩිනර් එක. ඒකටත් ගිහිල්ල ගොඩයා ගෙදර ආවෙ පහුවදා පාන්දර 5.00 ට විතර.
එදා ඉරිදාවක්. ගොඩයත් ගෙදර. පුසුඹ මල්ලිත් ගෙදර. එයා මොනවද බිල් වගයක් චෙක් කරනව.
" ඔයා මං ගෙදර නැති වෙලාවට ෆිල්ම් බලනවද ඕඩර් කරල?" මේං ලොකු බිලක් ඇවිල්ල තියෙනව. ඩොලර් 80 ක්. ගෙවන්න වෙයි"
" නෑ ඒක වෙන්න බෑ. වැරදීමක් වෙන්න ඇති"
" වරදින්න. ඇමරිකාවෙ එහෙම වැරදීම් වෙන්නෙ නැහැ"
" කෝ දෙන්න බලන්න"
" මේ දැක්කද.. මේ දවසෙ මම ගෙදර ආවෙ පාන්දර 5.00 ට. මේ පාන්දර 2.00 ටත් එකක් බලල තියෙනව. මේක වැරදීමක්. මම ඕන නම් දිවුරන්නම්"
" හරි.. හරී.. ඕක බිග් ඩීල් එකක් කර ගන්න එපා. මම බිල ගෙවල දාන්නම්"
" මම ළඟදි මෙහෙන් යනවා"
පුසුඹා මල්ලී ඇස් ලොකු කර ගෙන ගොඩයා දිහා බැලුවා.
ගොඩයා කුලියට ගත්තා ස්ටූඩියො එකක්. ඒ කියන්නේ කුඩා 12 x 10 සයිස් එකේ කාමරයක්. වෙන් කරපු කාමරයක් නෑ. ඒ උනාට කුස්සියක් , බාත්රූම් එකක් තියෙනවා. කුස්සියට අවශ්‍ය කරන ශීතකරණයක්, ගෑස් උදුනක් තියෙනවා. 1 බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක් ගන්නවාට වඩා ලාබයි.
**************************************
" මල්ලි මම studio එකක් ගත්ත කුලියට. මට ඇඳක්.. මේසයක් පුටුවක් වගේ දේවල් ටිකක් ගන්න ඕන"
" හරි අපි යමු. සැල්වේෂන් ආමි එකෙන් අඩුවට ගත්තෑකි"
දෙන්නම සැලවේෂන් ආමි එකට ගියා. පාවිච්චි කළ බඩු. ඒත් හොඳ තත්වයෙන් තියෙනවා.
ප්‍රශ්නෙ වුනේ ගෙවන්න ගියාම. ක්‍රෙඩිට් කාඩ් මැෂිම වැඩ කරන්නෙ නෑ. කෑෂ් විතරයි. පුසුඹා මල්ලි ගෙව්වා.
දෙන්නා දැන් ඔන්න බඩුත් පටවගෙන එනවා. පුසුඹා යමක් හදිසියෙන් මතක් වූ කලෙක මෙන් වාහනය අයිනට කර නැවැත්තුවා. සාක්කුවට අත දමා ..
" මෙන්න බිල.. පොඩි පොඩි බිල් නම් කමක් නෑ, මේජර් බිල් හරියට ගෙවන්න ඕන"
" හරි මම පැනල යන්නෙ නෑ. ඔය ATM එකක් ගාව නවත්තන්න. මම සල්ලි අරන් දෙන්නම්"
පුසුඹා ඒ ජාතියේ දසයෙක්.
ගොඩයා දැන් දවස ගෙවන්නේ හරිම ප්‍රබෝධයකින්. වැඩ කරන්නෙත් එහෙමයි. ගොඩයා හැමදාම අළුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඒවා ජීවිතයේ අත්දැකීම් වලට එකතු කර ගන්නවා.
දවසක් ගොඩයට ලංකාවෙන් කෝල් එකක් ආවා. ගොඩයගෙ බිරිඳ කතා කළේ.
" ඇත්තද ඔයා කවුද ගෑණියක් එක්ක රවුම් ගහනව කියන්නේ ?"
පුසුඹා ගින්න පත්තු කරල.
" ඔයා ඕන එකක් හිතා ගන්න. මම ඒ ගෑණිත් එක්ක කීප වතාවක් එහෙ මෙහෙ ගියා තමයි. හේතුව මම දැන්ම ඔයාට කියන්නෙ නැහැ. මට වඩා අවුරුදු 15 ක් වයස කළු කැත ගෑණියක්.
මම ඔයාට කියල තියෙනවනේ මම යතොත් යන්නෙ ඔයාට වඩා ලස්සන ගෑණියක් එක්ක විතරයි කියල."
(එයා ඒ පැත්තෙ ඉඳන් ටෙලිෆෝන් එක ළඟ තියෙන ප්ලාස්ටික් බිගෝනියා පැළේ නියපොතු ගගහ කෝමළ හිනාවක් ගුලි කර ගන්න ඇති )
ගොඩයාගෙ බිරිඳ ගොඩයා කිවූ දේවල් විශ්වාස කළා.
ගෑනියෙකුට ලස්සනයි කියල කීවොත් ගෝණි නැතුව කරේ යන්න පුළුවන්.
ගොඩයා බලා ගෙන හිටියා පුසුඹා එනකන්. හොඳට කට එහෙම මුවහත් කරගෙන. හොඳවයින් දෙකක් කතා කරන්න. බලු වැඩ කරන්න එපා මිනිහෝ කියල කියන්න. වැඩක් නැහැ, ඌ මිනිහෙක්යැ. පුසුඹා එන්න පරක්කු උනා. ගොඩයගේ කේන්තිය දියාරු වෙලා ගියා.
************************************
" මල්ලි දැන් මෙහේ සිටිසන්ද?"
" තාම නෑ"
" එහෙනම් ග්‍රීන්කාඩ්ද?"
" තාම නෑ. බොස් ස්පොන්සර් කරල තියෙන්නේ. දැන් පේපර්ස් ප්‍රොසෙස් වෙනව. තව ටික කලක් යයි."
" අයිය හෙට මෙහෙන් යනවනේ... අද අපි එළියට යමු. රෑ කෑමට. ඔය හිතේ තියෙන කහට යන්නත් එක්ක."
එහෙම කියල පුසුඹා මල්ලි ගොඩයගෙ අතින් ඇල්ලුවා. ගොඩයට වස අප්පිරියාවක් දැනුනා. හරියට ගැරඬියෙක් අත ගෑ උනා වගේ.

( මතු සම්බන්ධයි )
~යතාර්තවාදියා~

මුල් පිටුවට Flag Counter