දේශපාලන

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
POLITICS
ලෝකයටම තර්ජනයක්ව ඇති මුස්ලිම් ව්‍යාප්තිය පිළිබඳව කියැවෙන මේ වීඩියෝව බලන්න.
   
පසුගිය මාසයේ ඇති වූ කලබලයට එක් හේතුවක් වූයේ අම්පාරේ  හෝටලයක කෑම පිඟානක තිබී හමු වූවා යයි කියන ද්‍රව්‍යයකි. ආරංචි වල හැටියට ඒ වඳ බේත් පෙත්තකි.මා දන්නා තරමට එක් බේත් පෙත්තකින් වඳ බාවය ඇති කරන්නට සමත් පෙත්තක් තවම සොයා ගෙන නැත.
උපත් පාලනය කිරීම සඳහා කාන්තාවන්ට නොකඩවා ගැනීමට ලබා දෙන පෙති වලින් වුවද එකක් හෝ මග හැරුනොත් දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති ඉඩ කඩ වැඩිය. ඒ නිසා එම වඳ පෙති කතාව මුසාවකි.
ශ්‍රී ලංකාවේ ගැහැණුන්ගෙන් අරාබිකරයට ගොස් සිටින වැඩි දෙනා සිංහළ ගැහැණුන්ය.ඉබේටම සිංහළයන් බෝවීම ඇන හිටලාය. මොවුන් යන්නේද LRT සැත්කම හෙවත් වඳ සැත්කම කරගෙන ඕනෑම තත්වයකට මුහුණ දීමටය.

ඉස්සර කාලේ හැම පවුලකම දරුවන් පහක් හෝ ඊට වැඩිවිය. මගේ අසල්වැසි පවුලේ දරුවන් 11 දෙනෙක් වූ බැව් මට මතකය. ඉන් පසු ආවේ ස්ටයිල් එකට එක දරුවෙක් හෝ දෙදෙනෙක් සෑදීමය.
පුංචි පවුල රත්තරන් යයි කියා ගුවන් විදුලියෙන් අමරදේව උන්නැහේ ලවාද සිංදු කියෙව්වේ ඒ කාලයේ පැවති ආණ්ඩුවයි. ඒ ජනගහනය පාලනය කිරීමටය. වඳ සැත්කම් කර ගන්න අයට රජයෙන් රු 500 ක දීමනාවක්ද ගෙවන ලදී. එම දීමනාවට කෑදරකමින් අවිවාහකයන්ද සැත්කම කර ගත් බව නොරහසකි.
කළ යුත්තේ ආර්තිකයත් හැඩ ගස්වා ගෙන සිංහල දරුවන් බෝ කිරීමය.
************************************************************************
ශ්‍රී ලංකාවේ ජාතිවාදීන් කවුද ?
සිංහළයාද? දෙමළාද? මරක්කලයාද?
මොනම දෙයක් උනත් ඉස්සරහට  ගිහින් පපුව දෙන්නේ පහල පංතියේ කොල්ලො කෙල්ලො නැත්නම් අන්ත අසරණ අහිංසකයන්ය. මේ හැමෝටම ඉන්නෙ පොදු සතුරෙක්. ඒ කුසගින්න. එහෙව් එකේ මුන් එකිනෙකා ඇන කොටා ගනී කියල හිතනවද?
වෛර    ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ලය උණුසුමට
එකමුතුව            ජය පතා අනාගත පරපුරට
අවි    ගනිමු   එරෙහි  වී   දුගී     දුප්පත්කමට
ස්වභාවයෙන්ම සිංහලයා ආවේගශීලියි. එහෙත් මොහොතකින් නැවත යතා තත්වයට පත්වෙනව. විපතට පත් අයට ආධාර  උපකාර කරන්න ඉස්සෙලම පෙළ ගැහෙන්නෙත් ඒ සිංහළයාමයි.
ජාතිවාදය කියන්නේ නරක දෙයක් නොවේ. ඒ මේ සිංහළ භාෂාවේ තිබෙන  වචන වල පැටලිල්ලක්. ජාතිභේදයයි හොඳ නැත්තෙ..
පසුගියදා මහනුවරින් පටන් ගත් සිංහළ-මුස්ලිම් ජාතිවාදී කෝලාහලය පිටුපස ඉන්නේ කවුද?
2018 පෙබරවාරි පළාත් සභා ඡන්දයේ ප්‍රතිපල වලින් රජය බිංදුවටම බැස්ස. විවිධ තර්ක දමමින් තම පරාජයේ විලි ලැජ්ජාව වසා ගන්නට රජ වෑයම් කළේය.
වැඩිපුරම ඇඟිල්ල දික් වූයේ බය නැති-අගමැති දිහාවටය.
මහදවල් සිදු වූ මහ බැංකු කොල්ලය . එයට වැරදිකරුවන් අල්ලා නොදීම, ඒ වෙනුවට උන් වෙනුවෙන් පෙනී සිටීම.
30 වතාවක් පැරදුනත් නායකත්වය වෙන කෙනෙකුට නොදීම. පක්ෂය ඇතුලෙන්ම එළියට විසිවුනු විරෝධතාවය නිසා අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මහබැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරු වන රනිල්, කොමිසම හමුවට සාක්කි දීමට පැමිණීමෙන් පසු කොළඹ අවට තාප්ප සැරසූ පෝස්ටරයක්.
මෙය ලැජ්ජා බය නැති - අගමැති ලෙස වෙනස් විය යුතුය.
මේ සියල්ල යටපත් කිරීමටත් , පරාජයේ හෙළුව වසා ගැනීමටත් ආණ්ඩුව විසින් අසාර්තක ජාතිවාදයක් පැතිරවීමට උත්සාහ ගත්තේය.
අගමැති කිසිත් නොවුනා වාගේ රූපවාහිනිය ඉස්සරහ පෙනී සිටී. ජනාධිපති සුපුරුදු අලස කමෙන් රාජ්‍ය පාලනය කරයි. ප්‍රභාකරන් කී දේ සම්පූර්ණ ඇත්තය.
සිංහළයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සතියක් පමණය.
****************************************************************
ලෝකයේ ලොකුම කැබිනෙට්ටුව දැන් තවත් ලොකු කරලාය. ඒ ලංකාවේ ඇමති මණ්ඩල සංශෝධනයෙන්ය. ජම්බෝ කියන්නේ ලොකුම එකටය. ලංකාවේ දැන් තියෙන්නේ ජම්බෝ එකෙත් ලොකුම එකය.
ඉන්දියාවේ ජනගහනය කෝටි 100ක්ය. ඇමති මණ්ඩලය 33ක්ය.
පකිස්ථානයේ 19ක්ය.
ලංකාවේ කෝටි දෙකේ ජනගහනයට ඇමති මණ්ඩලය 95ක්ය. තවත් දෙකක් කැබිනටි නොවනය. ජනගහනයට සාපේක්ෂව ලෝකයේ විශාලම ඇමති මණ්ඩලය ලංකාවේ බව පැහැදිලිය.
ඇමති මණ්ඩලයක් රටකට අවශ්‍ය රටක් පාලනයට මිසෙක රටක් විසින් ඇමති මණ්ඩලයක් නඩත්තුවට නොවේය. දැන් ඔක්කොම කණපිට ලංකාවේ ඇමති මණ්ඩලයට වෙලා තියෙන්නෙත් ඒකමය. ජනාධිපතිට නම් පත්කරන ලේසිය. නමුත් නඩත්තු කරන්න වෙන්නේ ජනතාවටය. ඒක මාරම අමාරුය. අමාරුව නම් ඉවසිය හැකිය. අමාරුවටත් වඩා ලංකාවේ ඇමති මණ්ඩලය ජනතාවට මහ වදයක්ය.

ගමට එනකොට ඇමති පිළිගන්න තොරන් ගැසිය යුතුය. බැනර් දැමිය යුතුය. පාරේ යනකොට ඇමති විතරක් නොවේය. පාරේ යනකොට ආරක්ෂක පැංචන්ගේ ගෑස් බැලිය යුතුය. ඇමති ලේකම්ලාගේ අලුගුත්තේරු වැඩ එමටය.ඇමති නම් පත්කරන්නේ ජනාධිපතිය. ඊළඟට ඉතිරි නඩයම පත්කරන්නේ ඇමතිය. ඔක්කෝගේම නඩත්තුවත් කරදරයත් ජනතාවටය. කරන්න දෙයක් නැතිය. 2/3කේ හැටි ඔහෝමය. හිත හදාගන්න තියෙන්නේ මේ ඔක්කෝම ජනතා පරමාධිපත්‍ය නිසා කියලාය.

ජනතාවට වටින්නේ ඇමතිකමය. ඇමතිලාට වටින්නේ ඇමතිකම නොවේය. ඇමතිකමට ලැබෙන දේවල්ය.
ඇමති කෙනෙකුගේ අවම වැටුප රුපියල් 65,000ක්ය.
නියෝජ්‍ය ඇමතියාට 63,500ක්ය.
ඊට අමතරව බස්නාහිරින් පිට නම් පෙට්‍රල් දීමනාව 75,000ක්ය.
ඞීසල් වාහනයකට 30,000ක්ය.
බස්නාහිර නම් පෙට්‍රල් දීමනාව 50,000ක්ය.
ඒ පඩියට අමතරවය. කාර්ය මණ්ඩලයට වාහන 05ක්ය. බොහෝ විට ඒවා පවුලේ පරිහරණයටය. ඇමති කාර්යාලයට දුරකතන දෙකක්ය. ගෙදරට දෙකක්ය. ජංගම එකක්ය. ඔක්කෝටම දුරකතන දීමනාව රුපියල් 34,000ක්ය. දුරකතන දීමනාව විතරක් රජයේ සේවකයින් දෙදෙනකුගේ අවම වැටුපට වඩා වැඩිය. ඇමතිට විතරක් නොවේය. ඇමති පෞද්ගලික ලේකම්ටත් සම්බන්ධීකරණ ලේකම්ටත් ඉන්ධන දීමනාය. කාර්ය මණ්ඩලයට 05ක් අයිතිය. ඔවුන්ටත් වාහනයක්ය. කාර්ය මණ්ඩලයටද ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතනය. ඡායාපිටපත්ය. රුපියල් 35,000ක උපකරණය. ලෙඩ වෙලා මිය ගියත් ඇමති මරණයට පවුලේ අයට ලක්ෂ 50ක්ය. ජීවත් වෙද්දී ඇස් කණ්ණාඩියටත් 5,000කි. ජීවිත රක්ෂණය ලක්ෂ 20ක්ය. ඇමතිකමට අමතරව මන්ත්‍රීවරයෙකු ලෙස ලබන ප්‍රසාද සියල්ලත් ඇමතිට හිමිය. මේ සියල්ල නිල වශයෙන් ලැබෙන ටික විතරය.

මේ නාස්තිය අඩු කරන ක්‍රම දෙකක් ඇත. ඒ දෙකම හරිම ප්‍රායෝගිකයි. සර්ව සාධාරණයි. ඒත් කිසිම කෙනෙක් එයට "කැමති" නොවන බවත් සිකුරුයි.
1 ක්‍රමය:
පාර්ලිමෙන්තු මන්ත්‍රී තනතුර සඳහා වයස අවුරුදු 50-55 ත් අතර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් බඳවා ගැනීම.
මැති-ඇමැති තනතුරු වැටුප්-විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් බැවින් , ඔවුන්ට සේවය කරන්න ලැබෙනුයේ වසර 5 ක් පමණයි. අනිවාර්යයෙන්ම ඔවුන් අනෙක් රජයේ සේවකයන් මෙන්ම ගෙදර යායුතුයි. පාර්ලිමෙන්තුවේ කාලයද වසර 5 යි . බලන්න මේ දෙක කොපමණ හොඳින් ගැලපෙනවාද කියා.
ඒ වගේම ඡන්දයෙන් තේරෙන එවන් කෙනෙකුට හිමිවන්නේ අවසන් වරට ඔහුගේ රැකියාවෙන් ලැබුණු වැටුප පමණයි. විශ්‍රාම වැටුපද එහෙමමයි.
මන්ත්‍රී තනතුර නිසා අමතර වරප්‍රසාද හිමි නොවිය යුතුය.
මේ නිසා එකිනෙකා මරා ගෙන ගෙවල් ගිනි තියාගෙන මැතිවරණ කටයුතු කරන එකක් නැහැ. ඒ නිසාම හතුරන් අඩුයි. ඒ නිසා ඔය බොඩිගාඩ් පිරිවර අවශ්‍ය වෙන එකකුත් නැහැ.
පැරදුනොත් ආපහු පැරණ රැකියාවටම යා හැකිය.
මොවුන් විධායක ශ්‍රේණිවල නිලධාරීන් නිසා උගත් වාද විවාද දැක බලා ගත හැකි වනු ඇත. පාර්ලිමෙන්තුවේ කුණුහරප නොකියනු ඇත. සෙංකෝලය උස්සා ගෙන නොදුවනු ඇත.
2 ක්‍රමය.
අපට පාර්ලිමෙන්තුවක් තියෙනවා. එහි ඇමතිවරු ඉන්නවා. ඊට අමතරව පළාත්සභාත් තියෙනවා. ඒවයෙත් අර ජාතියේම ඇමතිවරු ඉන්නවා.
අපට මෙහෙම කරන්න පුළුවන්. පළාත්සභා අහෝසි කරන්නත් බැරි නම්;
පළාත් සභාවේ මහ ඇමතිට කියන්න පුළුවන් පාර්ලිමෙන්තුව නියෝජනය කරන්න කියල. එතකොට දැන් ඉන්නා 225 වෙනුවට ඉන්නේ පළාත් 9 න් නියෝජිතයන් 9 යි. බ්‍රෑන්ඩ් නිව් BMW ආනයනය කළත් 9 යි අවශ්‍ය වන්නේ.
බලන්න මිලියන් කීයක් ඉතුරුද කියල.
මේ ක්‍රම දෙකම ප්‍රායෝගිකයි.
අද පාර්ලිමෙන්තුවේ දිනක වියදම ලක්ෂ 40 ක්ලු. එක දිනකට...
ඒ වගේම වාර්ෂික වැටුප්  රුපියල් ලක්ෂ 6840
ඔවුන්ට ආහාර සඳහා                    ලක්ෂ 1240
සෙවක වැටුප්                              ලක්ෂ  9300
විදුලිය සහ ජලය                            ලක්ෂ  950
නඩත්තු/ලිපි ලේඛණ                    ලක්ෂ 5670
වියදම් වෙනවලු. ඇත්තටම අපට පිස්සුද ?

සකස් කළේ:  ~නිවීර~

මුල් පිටුවට Flag Counter