දේශපාලන

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
කොහොමද අපේ කට්ටිය ?
අවුරුදු 77

අවුරුදු 79

අවුරුදු 85

අවුරුදු 78

අවුරුදු 73

අවුරුදු 78

අවුරුදු 75

අවුරුදු 81

බ්‍රෑන්ඩ් නිව් BMW එකේ
ඩෑෂ්බෝඩ් එක උඩ ඇබිත්තං බුදු පිළිමයක්
ගෙමිදුලෙත් සුපිරි බුදු කුටියක්
කිරි කොකෙක් වගේ අඳින්නෙම සුදුපාට
රෙද්දයි බැනියමයි
අත් දෙක පුරාලා පිරිත් නූල් (කඹ )
ඇල් වතුරත් පෙරාලා පානය කරන
සත්ගුණවත් දෑ හිතකාමී
අපේ අති ගරු තුමන්ලා
රාජ්‍ය සේවකයන් විශ්‍රාම යායුතු වයසක් තීරණය කර තිබෙනවා. ඒ 55.
55 වන විට මිනිසා ශාරීරිකව හා මානසිකව දුර්වල වෙනවා. මෙය 100% ක්ම නිවැරදි නැහැ. එහෙත් ලංකාවෙ සම්මතය ඒකයි. කන් ඇසීම අඩුවෙනවා. ඇස් පෙනීම දුබල වෙනවා. තීරණ ගැනීමේ වේගය බාල වෙනවා.
මගීන් 30 - 40 ක් බසයක පටවා ගෙන යන ලංගම  රියැදුරෙක් ගැන සිතන්න. ඔහුගේ වයස 55 ට වැඩි නම් මිනිස් ජීවිත රාශියක්  අන්තුරේ නේද ? 
ඒවගේද මිලියන 20 ක ජනතාවගේ ජීවිත. රටේ අනාගතය - ආර්තිකය ගැන මේ වයසේ ඉන්නා මිනිසුන් කෙසේද නිවැරදි තීරණ ගන්නේ.
මේ මහල්ලන් පක්ෂයක් නොබලා වහා ගෙදර යැවිය යුතුය. 
රජයේ සේවකයෙක් තම විශ්‍රාම වැටුපට හිමිකම් කීමට නම් අඩුම ගණනේ රජයට වසර 30 ක්වත් සේවය කළ යුතුය. 
ඒත් මේ මිනිසුන් අවුරුදු 5 ක් පාර්ලිමෙන්තුව තුළ සිටීම විශ්‍රාම වැටුප ලබා ගැනීමට ප්‍රමාණවත්.
අනේ මෙහෙම කාළකණ්ණි රටක්.? 
මෙතන ඉන්නේ ටික දෙනයි. තව සෙට් එකක්ම ඉන්නවා කල් ඉකුත් වූ.
*****************************
2500 වසරක ඉතිහාසයක් ඇතැයි පාරම්බාන හෙළයාගේ සහ පස්ස සෝදන්නෙ නැති සුද්දගේ වෙනස.

උසස් හමුදා නිලධාරියාගේ බිරිඳට කුඩය අල්ලන හමුදා පොඩ්ඩෙක්
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කුඩය අල්ලන්නේ සාමාන්‍ය කාන්තාවකට.
************

රටම හෙල්ලූ , කාටවත්ම නොතේරුනු මහ බැංකු කොල්ලයට මොකද වුනේ. ?
අපි හැමෝටම අමතකයි නේද? රනිල් විශ්වාස භංගයෙන් දිනුවා තමයි. ඒත් අර මහ බැංකු චෝදනාවට මොකද උනේ? ඕව මේ නිකම්ම නිකම් මැජික් විතරයි. උන් හැමෝම එකයි. අපිට ඒක නොතේරෙන එකයි පුදුමේ. ඒකනේ නැවතත් මහින්දම ඉල්ලන්නේ...
විශ්වාස භංග ඡන්ද විමසීමේදී ද්‍රවිඩ සන්ධානය රනිල්ට පක්ෂව ඡන්දය දුන්නේ නිකම්ම නිකම් නොවේ.
මෙන්න ඒ සඳහා ඉදිරිපත් කළ කොන්දේසි.
*ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණඩුක්‍රම ව්‍යවස්ථාව 2/3 බහුතරයකින් පාර්ලිමෙන්තුවේ සම්මත කළ යුතුය.
*හමුදාව සතුව ඇති උතුරු නැගෙනහිර සියළු ඉඩම් ජනතාව වෙත ලබා  දිය යුතුය.
*සිරභාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දිය යුතුය.
*අතුරුදන් වූවන්ට හිමිව ඇත්තේ අතුරුදන්වූවන්ගේ කොමිසම පමණය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එම පවුල් වලට සාධාරණය ඉෂ්ට කළ යුතුය.
*උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම.
*උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දිය යුතුය.
*උතුරු නැගෙනහිර පළාත් සඳහා දකුණෙන් රැකියා පත්වීම් ලබා දීම වහා නතර කළ යුතුය.
*උතුරු නැගෙනහිරට අයත් දිස්ත්‍රික්ක 8 සඳහා දෙමළ ලේකම්වරුන් පත් කළ යුතුය.
*උතුරු නැගෙනහිර සංවර්ධනයේදී අදාළ පළාත්සභා වල මතයට ගරු කළ යුතු අතර පළාත්සභා වල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.
*දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබා දිය යුතුය.
nethnews.lk
******************************
අපට තිබුණේ අන්තර්ජාතික තත්වයේ එකම එක ගුවන් තොටපළකි. හදිසි අළුත්වැඩියා හෝ වෙනත් හදිසි තත්වයකදි අප කලේ කටුනායකට එන ගුවන් යානා ඉන්දියාවේ චෙන්නායි  ගුවන් තොටට හරවා යැවීමය.
එයින් මගීන්ටද කාර්ය මණ්ඩලයටද නොයෙකු අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. වෙනත් රටක ගුවන්තොටපළක දින ගණනක් නවතා තැබීම වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමටද සිදුවේ.
හම්බන්තොට ප්‍රදේශය සංවර්ධනය කිරීමේ හෝ වෙනත් යම් අරමුණකින් හම්බන්තොට වරායත් මත්තල දෙවෙනි අන්තර්ජාතික ගුවන්තොටුපළත් අධික මුදලක් වැය කොට නිමා කරන ලදී.
කොහේ හෝ යම් වරදක් සිදුවිය. ඒ සඳහා වැය වූයේ රාජපක්ෂ බූදලය නොව මහජන මුදල්ය.දෙවෙනි ගුවන් තොටක් අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ රත්මලාන ධාවන පතය විශාල කිරීමය.
ආණ්ඩුව වෙනස් විය. මත්තල විහිළුවකට ලක්විය. එහි සහල් ගබඩා කෙරිණි.අපට වැරදුනු තැන එතනය. වැරදි නිවැරදි කිරීම වෙනුව ඊ ළඟට බලයට ආණ්ඩුව කළේ ඊ ළඟ මැතිවරණයට අවශ්‍ය කරන සටන් පාට එකතු කිරීමය.
මේ දැවැන්ත ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපළට ළඟාවන ආකාරය.

නොබෝදා ඇමරිකාව සිරියාවට දැවැන්ත මිසයිල් ප්‍රහාරයක් එල්ල කළේය. ඇමරිකාවේද විපක්ෂයක් ඇත. විපක්ෂය එම පහරදීමට විරුද්ධවූයේ නැත. හේතුව ඇමරිකාවේ ඇත්තේ විපක්ෂයක් මිස විරුද්ධ පක්ෂයක් නොවීමය.
අපට ඇත්තේ විරුද්ධ පක්ෂයකි. එනම් හැම මගුලකටම විරුද්ධවීමය. මෙය තේරුම් ගන්නා තාක් කල් අපට අනාගතයක් නැත. 
~සරත් චන්ද්‍රසිරි-ඕමානය~


මුල් පිටුවට