කවි පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
පමා වී ආ මැයි දිනය
කැඳ   උගුරට      හඩනා මිනිසුන්නේ
මධු         බඳුනට බෙදනා නිරිඳුන්නේ
උන්ට නුවණ නොදෙනා දෙවිඳුන්නේ
දිවි මග අප ගෙවනා       කරුමන්නේ

සෙනෙහස   කැන්දූ දූ    පුත්තු
කැටුව ඇදෙති මතු බෝසත්තු
දිවි බර උර පටවා         ගත්තූ
මව්     පිය හදවත වෙයි පත්තූ

කළ කම්        නොවටින වැටුප් දිනේ
සොච්චම්     මිල අත මත       රැඳුනේ
වියදම් මහ මෙර      පර         ඇදුනේ
ඳුලක් නොනගිද දෙනෙත කොනේ

කරුමය කටු කොහුලකි ඇතිරූ
එමග            තවත් පීඩා පැතිරූ
කාලය පහු     කෙරෙනා නපුරූ
අටියෙන් සිහි  ගෙන යමු මිතුරූ
~වර්ෂ පවන් දිසාසේකර~
*************************************
ක්රිකට් ලොව මදාවියෝ

නෝ බෝල් කිය කියා - කුහක ලෙස ලෙඩ ඇදල
ලෝක පූජිත වෙච්ච - මුරලි ගැන පද           හදල
ඩැර්ල් හෙය රොස් එමර්සන් වගෙම   රැන්ඩල්ල
ගොඩ නගපු  කැංගරුවො - රෑනගෙම රෙදි ලිහිල

මතකයිනෙ අනූ පහ - අනූ හය වසර              වල
ෂේන් වොන් පහු කරන් - පෙරමුණට ගමන් කල
අහිංසක අපේ මුරලියා හරි නැහැ                කියල
හිනැහුනා   මේ පිරිස - ඇති තරම් උඩ       පැනල

අද මුරලි හිණිමගේ - මුදුන් තැනටම              වෙලා
මහත් හොරු පිරිසකගෙ - වෙස් මුහුණු      ගැලවිලා
රහසෙ කළ කපටි වැඩ -   ලෝකෙටම හෙලි වෙලා
විලි බියේ ඇඹරෙමින්  - හොරු රැලම ගොලු වෙලා

කෙරුවෙ උන් වංචාව - අලු බඳුන          තරඟෙදිත්
එතැන විතරක් නොවෙයි -  හැම රටෙත් ගෙදරදිත්
සීනි අර ගෙන යනව - මුලු ලොවම          දුටුවමුත්
දඬුවමක කතාවක්    - ඇහුනෙ නැහැ        තවමවත්

කිසි රටක් කැහැ මුන්ව - ආදරෙන්  පිලිගන්නෙ
උද්දච්චකම    නිසයි - හැම තැනම ඇන ගන්නෙ
මිල මුදලෙ සවිය මත - ක්රීඩාව නැහැ  යන්නෙ
පුහුණුකරු    තමයි මේ - වැරදි වල මුල   ඉන්නෙ

වැරදි වැඩ පිටිය තුල - දකිමු ඉඳ හිට        අපිත්
වැරැද්දක් තමයි එය - තනිව හිතලා         කලත්
හෙලි උනා  නායකය -  කරපු සැලසුම      බවත්
කැන්ගරුවො   බලු උනේ - ඒ නිසයි තව  තවත්

හෙළයො නැහැ   තුටු වෙන්නෙ - අමාරුවෙ වැටුනහම
මෙය අපෙත් රට   තමයි - දිවි ගෙවන            අනගිතම
ඒත් මුන් ගරහන්නෙ - අන් අයගෙ                 දිළිඳුකම
තත්වයෙන් නැහැ    පලක් - කපටි වැඩ       කෙරුවහම

හෙවනැල්ල එනව වගෙ  - තම තමන්  පිටිපස්සෙ
කරපු දේ දුව එනව - තමා යන එන           අස්සෙ
ජීවිතය පිණි බිඳක්  - තණ පතක          අග්ගිස්සෙ
හෙණ අකුණු වදිනවලු   - ඉඳ හිටල පොද වැස්සෙ

ආනන්ද ගුණතිලක  -  මෙල්බර්න්
*************************************

පාර්ලිමේන්තු ඇමති පියාගෙන්;
ප්‍රාදේශීය ඇමති පුතාට ....................
පුතේ උඹ දන්නවනෙ; මම ඉන්නෙ මැතිසබේ 
අද විඳින රාජ සැප මට ලැබුනෙ නෑ        ඉබේ
පුංචි මැති සබේ කට ,අල්ලගෙන මගෙ   කඹේ
ආපු උඹ දැනගනින් දිව්‍ය රස  මෙහි        තිබේ

කරන්නට එපා වැඩ, කියෝපන්      ඇතිතරන්
පරදිනව ඊළඟට, ගියොත් උඹ         වැඩකරන්
කට පුරා හිනාවී "පව්" දෑත              එක්කරන්
කොට්ටාසෙ ඇවිදපන්, එදිරි වෙන  උන් මරන්

ඉඳල හිටලා ගමේ බෝක්කුව      හදාපන්
ඒකෙ කොන්තරත් එක යාළුවට පවරපන්
එය විවර කරන දින උත්සවේ     තියාපන්
පුරාජේරුව පුතෝ, මහ හඬින්    කියාපන්

මගෙ පුතේ, උඹේ හැටි මං හොඳට            දන්නවා
නොයෙක් කොම්පැණි වලින් මමත් පැණි ගන්නවා
අහු නොවී කරන හැටි මගෙ පුතා              දන්නවා
මගෙ ලෙයින් හැදුන උන් රට පුරා            ඉන්නවා

නගරෙ පොඩි "ක්ලබ්" එකක් නිළ නිවස කරාපන්
එන අයට මත් වතුර, කුඩු එහෙම         පොවාපන්
මගේ අඩි පාරෙ යන ,මගෙ පුතේ           හිතාපන්
මනාපෙන් පොරෝජන් ගන්න හැටි       මවාපන්
~නිමල් පෙරේරා- ලාස් වේගාස්~

(කැමරාව දැක තුවක්කුවකැයි බිය වූ සිරියානු දැරිය)
මිට මොලවමින් සිඟිති අතැඟිලි
ඔසවයි දෑත් ඉහලට ම
අල්ලන්ට නොව නිල් අඹර
සඟවන්නට නොව රත් හඳුන්
රැකගන්නට තම පන නල
ජීවිතය ම නො අඩුව ඉල්ලන
වැඳ වැටෙයි කැමරාව අභියස
යටත් වී ගෙන මුලුමනින්ම
ඇයි ද මේ සා වැරැද්දක්
මුව පැංචියක සේ භීතියෙන්
කෙලි දෙලෙන් කල් යවනට
කාලය නො ම ඇයි
රන් කිරි කට ගාන්නට
කවදා ලැබේවි ද ඉඩක්
කිරි කැටි ලමා විය
පලවා හැර ඇත බලෙන් ම
අනාගතයේ බලාපොරොත්තු
මේ යයි සැම අසා ඇත
ඉඩක් නැත ඇල දොල ගිලෙන්නට
හැකි කමක් නැත ගස් බඩ ගාන්නට
කඩතොලු බිත්ති සැම තැන ඇත පිරෙන්නට
සරන කඳවුරේ හැටි මේ යයි කියන්නට
පරිසරය ශෝභාමත්ය
රන් පැහැය පැතිරෙයි දසතම
දවා හලු කරමින් සියලු දැය
ගිගුම් දෙයි රන ගිනි
මේ ද ‘ප්‍රජාතත්ත්‍රවාදය’
වැලඳ ගත යුතු යයි පවසන

~කෝමල රේඛා· ~
******************
අලුත් මිස් - කළමනාකරණ සහකාර

අරක්කැමි මම වෙමි-පහළ බිම කැන්ටිමේ
උස තට්ටු පහක් ඇති-නව රජයෙ බිල්ඩිමේ

ඈත පිටිසර පළාතක-ගමේ මන්ත්‍රිගෙ විදානෙට
උපාධියකට මෙහි ආවඅලුත් මිස්-කළමනාකරණ සහකාර

දසන් විහිදන මුතු සිනා හඩ-නිතර තෙපලන පෙම් කතා රස
සැමට ඉඟිදෙන නෙත් කෙවෙනි යුග-සොරා ගන්නට හිතෙනවා මට

පුළුලුකුල හැඩ නඟන තාලෙට-රඟයි හස,දිය සුළිය ළඟ හිද
ඉපල්ලන වැටකෙයිය මහ බට-දළු දමා පන ලබයි ඒ දැක

මිස් රෑට බෝඩිමේ තනියෙන්ද දන්නෙ නෑ-වෙනදාට වගෙ ඇදට වෙන මිස්ල ගන්නෙ නෑ
අද ඇන්ද හැට්ටයට මට නින්ද යන්නෙ නෑ-මිස් හින්ද මේ සසරෙ මට නිවන් යන්න නෑ

~කෝමල රේඛා· ~
*****************************
ජීවිතය පුරාවට

මගේ රත්තරන් පුතේ
ඔබ ජීව්තුන් අතර බව
මගේ හිත ඉඳුරා කියයි
එපා කිසිවෙකුත්ම
මගේ මේ හිත බිඳිනට...!

ඔබේ මුදු සිනහව
මගේ හිත රඳන්නේ
ඔබේ සුවඳයි මගේ
ගතේ නිති දැවටෙන්නේ
ඔබමයි මගේ හිත
සදා සුවපත් කරන්නේ
ඒ සිහිනෙන්ද, සැබවින්ද
ඇයි මා නොදන්නේ..?

මෙලොව කොහි සිටියත්
ඔබ ජීවත් වේ මැයි
ඔබ ගැන සිතුම මට
සතුටකි, සැපකි සැම විට
අසරණ ගත මගේ
කැප කරමි මහ පොලවට

එකම එක මොහොතකට
එන්න පුතුනේ මා අභියසට..!
දහසකුත් මව්වරු
හඬද්දී සිය පුතුනට
මම හඬමි, වෙහෙසෙමි
පුතුනි ඔබ සොයනට...!

සුමනා සත්කුමාර
නෝර්ත් හිල්ස්.


මුල් පිටුවට