දේශපාලන

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
දේශපාලන
උතුර-දකුණ මාරු වූ අපේ ජනපතින්දා..
2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තංගල්ලට යාම සදහා හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ කියා සිටියේය.අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ගුන සමරුව අමතමින් සිදු කල දැඩි ආවේගකාරී කතාවේදී ඔහු මේ බව විමසීය.
නමුත් 2016 අපේ‍්‍රල් මස 09 වැනිදා මොණරාගලදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වූ පසු ගෙදර යාමට හෙලිකොප්ටර ලබා දුන්නේ නමන් විසින් බවයි.






පය බරවායට පිටිකර බේත් බැඳීම.
මෙය සද්ධර්මරත්නාවලියේ එන උපමා කතාවකි. මෙහි සරල අදහස කකුලේ අමාරුවට පිට කොන්දට බෙහෙත් කිරීම යන්නයි.
පසු ගියදාක ශ්‍රී ලංකා රජය ඉන්ධන මිළ ඉහළ දැම්මේය. අපට ඛණිජ සම්පත් පිළිබඳ ඇමතියෙක්ද සිටී. ඒත් අපට තෙල් නැත. තෙල් නැවක් එන්න පරක්කු උනොත් බාබර් සාප්පුවේ සිට දැඩි සත්කාර ඒකකය දක්වාම වැඩ කටයුතු ඇන හිටිනවාය. ඉදිකටුවේ සිට පාන් රාත්තල දක්වා මිළ ඉහළ යනවාය. ඇස්පිරින් පෙත්තේ සිට සිමෙන්ති කොට්ටය දක්වා මිළ නගිනවාය. මහ ඡන්දයක් කිට්ටු වෙනකොට නම් මන්නාරම පැත්තෙන් තෙල් හම්බ්වෙනවාය. තෙල් උනනවාය.
ඉන්ධන මිළ ඉහළ දැමීමෙන් පහර වදින්නේ නැති බැරි එකාටය. 
සිමෙන්ති කොට්ටා මෙන් මහත  බඩ තඩි සුදු රෙදි අඳින උන්ට නම් වගේ වගක් නැතුවාය. මොකේ මිළ ගියත් කියන්නේ මහින්දගෙ කාලෙට වඩා තවමත් ලාබෙට දෙන්නේ අපේ ආන්ඩුව කියා කියයි.

භූමිතෙල් මිළ රුපියල් 57 කින්ම වැඩිඋනේය. අපේ ආර්තික විජ්ජා පකීර්ලා කියන්නේ සමහර පුද්ගලික බස් හිමියන් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගන්න නිසා උන්ට යස පාඩමක් උගන්වන්නට මෙසේ මිළ ඉහල දැම්ම වගයි.

මෙහෙමත් ඇමතිකම් ලෝකයේ තවත් තිබේද ?
සමාජ සවිබල ගැන්වීමේ  ඇමති ?
තිරසර සහජීවන ඇමති ? මොක්කුද මේ ?
මේවා අල්ලස් ඇමතිකම්ය. තම පක්ෂයේ රඳවා තබා ගැනීමට මේ වගේ කිසි තේරුමක් නැති තනතුරු නිර්මාණය කරයි. මේ ඇමතියන්ගේ විෂය පතය කුමක්දැයි උන්වත් නොදන්නවා වන්නට පුළුවන්.

විටෙක එජාප මැති-ඇමතියන් ජනාධිපති සමඟ සාකච්ඡාවක්. තවත් විටෙක ආණ්ඩු පක්ෂයේ මැති ඇමතියන් ජනාධිපති සමඟ සාකච්ඡාවක්. මේ එක සාකච්ඡාවක්වත් උන්ගේ පැවැත්ම වෙනුවෙන් විනා, රටේ දැවෙන ප්‍රශ්නවලට හේතු හොයන ඒවා නොවේයි. අර පැත්තෙන් කී දෙනෙක් කඩා ගන්නවාද? මේ පැත්තෙන් කී දෙනෙක් කඩා ගෙන යාවිද වගේ ප්‍රශ්න තමා කතා කරන්නේ. උද්දමණය, විරැකියාව , බඩු මිළ ගැන කිසි කෙනෙක් කතා නොකරයි. 
ඉස්සරහින් සහ පිටු පස්සෙන් විවිධ හැඩගත් වෛවාරණ ආයුධ රැගත් ආරක්ෂක බටයන් වට කර ගෙන අති නවීන BMW, Benz රත අරා ගෙන පිම්මේ දිව යයි. TV කැමරා කරුවන් අහන ගොන් ප්‍රශ්න වලට හරක් උත්තර දෙයි. 
දැන් යුද්දෙත් හමාර කොට මෙතරම් ආරක්ෂාවක් මේ මුග්දයන්ට කුමකටද ?

~එල්.අයි.බර්ටි චන්ද්‍රදාස~



මුල් පිටුවට