කවි පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
               නිවාඩුවට ගමට ගියෙමි

හිරි ගඩු පිපෙයි සීතල මඳ නළ
සියොතුන් ගී ගයති සැවුලන් හා
කඳුපෙල සිනාසෙයි රන් පැහැ ගත්
දිණිසුරු එබෙයි මුලු ගමටම ශුභ
ඇවිදින්
සමගින්
උවනින්
පතමින්

හපමින් බුලත් විට කට වට
හිස වට තුවා බැඳ ගෙන පිණි
අරගෙන උදලු, දවසේ වැඩ
අදටත් ගොවියො යති කුඹුරට -
රතුවෙන්න
නොවැටෙන්න
අරඹන්න
එලිවෙන්න

සුන්දර ලමා විය අප ගත කරන     කොට
වස්තුව තමයි කජු ඇට සහ රබර්       ඇට
දමමින් ඔට්ටු කල සෙල්ලම් කෙළි කවට
හරි සුන්දරයි මතකය දිග හැරෙන      විට


චට පට ගගා ගිණි කෙළි වල හඬ
තවමත් රබර් ගෙඩි පිපිරෙයි නද
අරගෙන පියලි පත් දෙක එකිනෙක
මතකයි හුලං පෙති හැදු හැටි,
ගෙනෙනා
දෙමිනා
අමුනා
කරකැවෙනා

එල්ලේ ක්රිකට් තව දවසක පා
සෙල්ලම් කරපු තැන් නැත - මතකය
පිට්ටනි මෙන් ගෙවතු - අප පොරයට
උස් ගොඩනැගිලි වී ඇත, ඉහලට
පන්දූ
රැන්දූ
කැන්දූ
බැන්දූ

ගිංගඟ ගලයි නිහඬව වෙනදා
පිරිසිදු මදි වගෙයි එහෙමයි අද
දිය නෑමට ගොසින් පීනන කොලු
ගහගෙන ගිහින් මෙනි, අද පාලුවෙ
වගෙම
පෙනුම
රැලම
තරම

මහ ගෙය තිබුනු තැන දැකගෙන එන්න
අවුරුදු ගනණකින් මම ගම වෙතට
නිහඬයි එතන අපි අටදෙන නටපු
සතුටයි දුකයි මුසු සුසුමක් පිටව
කියා
ගියා
ගයා
ගියා

~ආනන්ද ගුණතිලක Melbourne - Australia~
*****************************************************************************
නූතන ගුත්තිල කාව්‍යය
"නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා"
නොමැති වෙණ මිහිරී
ඇතිව වෙන වෙන මනට සුමිහිරී....
ඇකය ඉඩ ඇහිරී
ඇතිරු පළසේ.. බිළිඳු වැතිරී....

උසවා ඔබා බොත්තම්
සිනාසී පෙන්වලා විස්කම්
යවා ජාලය පුරා කළකම්
තුටුව පාමින් සිනා සරදම්......

කුටුම්බය ගෙයි මුල්ලේ
පසුම්බිය කැළඹිලා අල්ලේ
චිත්ත බිය නැති කෙල්ලේ
ගනුව ළදරුව, ඔබව් මල්ලේ......

~වර්ෂ පවන් දිසාසේකර~
********************
"මියගිය ඇත්තෝ.."
පුංචි කාලෙ මං-හරි බයයි දකින්නට
මළ කෙනෙකුගෙ මූණ තියන
"අනිච්චාවත සංඛාරා..."
කියා ලියූ දැන්වීමක්  වත් දකින්ට
යන්න මළ ගෙදරකට තියා
පසු කරන්නට සොහොන් පලක්
කලුවර මැදියම් රැයේදි
මෝහිනී ඒලු සුදු වතකින්
සැරසිලා දරුවකුත් අරගෙන
ඈ හා ගිය කිසිම කෙනෙක්
නො එයිලු ආපසු කිසි දින....!

මගේ හිතට මනස්ඝාත
කවුදෝ මේවා දැමුවේ...?
මම දැන් හොඳටම විය පත්
සත්‍ය විමසුමට විවරවු
සිතින් බලමි ලෝකය දෙස

බුදු හිමි දෙසු දහමට නැති
පිරිහුනු මනසින් බැලුවම
බිය වුව මල මිනිසුන් හට
ඔවුනට කල හැකි කිසිවක්
නැත්තේමය එයයි ඇත්ත

ජීවත් වන දුදන දනෝ
ගෙනයති ගින්දරත් දියේ
උගුල් අටවමින් සැම තැන
වැටෙනා  මිනිසුන්  බලමින්
තුටුවෙති අමතක කරමින්
මිනිසත් ගුණ  මියෙන තුරා.

හෙට මැරුනත් වෙනස් නොවන
මේ වැනි දුදනන් අතරේ
මිය ගියවුන් කෙතරම් නම්
ආදරණීයද අපහට...?

සුමනා සත්කුමාර
නෝර්ත් හිල්ස්
********************************
*************************************

අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ

අටේ පන්තියෙ ඉන්නකොට අපි ගත්ත පින්තූරේ
උඹට මතකද සිරිමෙවන්?දැන් ඉන්නෙ රැසියාවේ
පාලිතත් දැන් දොස්තරෙකි ඌ ඉන්නෙ ජර්මනියේ
අමෙරිකාවෙයි ඉන්නෙ රාජා නාස ආයතනේ

සිවිල් සේවට ගියා ඉන්දික,ඒජන්ත පුටුවේ
මහා රෝහලෙ ලොකුම දොස්තර වීරසේකරවේ
අජිත් ''ප්‍රොෆෙසර්'' ඉන්නෙ ලන්ඩන් ලොකුම සරසවියේ
ධර්මසේකර විණිසුරා දැන් මහා අධිකරනේ

අපේ ජාතික ඇඳුම ඇඳලා මැද්දෙ ඔය ඉන්නේ
උඹට මතකද අපට සිප් දුන් ඇදුරැ දෙවි වැන්නේ
අපේ මෙන්ඩිස් සර් නම් දැන් ඉන්නෙ ලෙඩගානේ
අටේ පන්තියෙ උගන්නනවා තාම ඉස්කෝලේ!!!!

නිමල් පෙරේරා ( ඇ එ ජ )

මුල් පිටුවට