දේශපාලන

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
අද ඊයේ උපන් ශ්‍රී ලංකාවේ ගරු අගමැති

පළමු ලෝක යුද්ධය ඇසුරෙන් නිපද වූ බටහිර යුද චිත්‍රපටයක් මේ නොබෝදා බැලුව. යුද පෙරමුණට යන රුසියානු සෙබළුන්ට , ආයුද නිකුත් කරන්නා ලබා දුන්නේ දිනකට පතුරම් 10 යි.
බයිනෙත්තුව

තුවක්කුව කෙළවරට සවි කරන ලද උලක් තිබුණා. එය හැඳින්වුනේ බයිනෙත්තුව කියා. හැකි හැම විටකදීම සතුරාට ඇණ මරාපන්. පතුරම් ඉතිරි කර ගනිල්ලා. ඉහළින් අණ ලැබී තිබුණේ එහෙමයි.
ඒත් දැන් යුද්ධ ඊට වඩා භයානකයි. සංකීර්ණයි. සතුරා මරනවාට වඩා තමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටයි සෙබළුන් බලන්නේ.
අනෙක් කාරණාව යුද පිටියට යාමට පෙර පුහුණුවීම් කරන්න ඕන. ඒ සඳහාත් පතුරම් ඕන වෙනවා.
පතුරමක් කීයද? පාබල හමුදාවෙ විතරක් සක්‍රීය සෙබළුන් කී දෙනෙක් හිටියද? මහින්දගෙ පාලන කාලෙ අවුරුදු කීයද ? මේ ටික එකට වැඩි කරල, ඒ උත්තරය ඩොලර් වලට හරවල බැලුවම නම් හොඳයි ප්‍රසිද්ධියේ ගොන් කතා නොකිය.
ලංකාවේ තිබුණු ශාප ලත් යුද්ධය පටන්ගත්තේ මහින්ද නොවේ. ඒ ඩඩ්ලිලා-චෙල්වනායගම්ලා වැපිරූ බීජ. ඊට පස්සෙ JR ආර්ලා. ප්‍රේමදාසලා එලෙස හට ගත් පැළය දළුලා රූස්ස ගහක් වනතූරු වැඩෙන්නට ඉඩ හැරියා.
මහින්දට සිද්ධ උනේ අනුන්ගේ පවු ගෙවන්න.
පහු ගිය යුද්ධ කාලයේ රනිල් මොකද කළේ. හමුදාව අහිංසක මිනිසුන් මරනවා. ආධාර දෙන්න එපා කිය කියා ලෝකෙ වටේ ගියා.
ගමේ ගොඩේ කඩ පිල් වල පවා කතා උනේ කොටියාගේ සමර්තකම්. උන්ට අපට වඩා නවීන අවි තිබුනා.යුද්ධෙ නවත්වන්න නම් එක දෙයයි කරන්න තිබුණේ. ඒ උන් ඉල්ලපු ඊළම දෙන එකයි.
පොළිස් කාරයෝ 600ක් විතර එක පෙළට තියල වෙඩි තියල දැම්මේ මහින්දගෙ කාලෙ නොවේ. 1990 ජූනි 19 දා. ප්‍රේමදාසගෙ කාලෙ .
හමුදාවට පඩි ගෙවන්න ඕන. මැරෙන සෙබළුන්ට විතරක් නෙවි මැරෙන- තුවාල වෙන සිවිල් වැසියන්ට වන්දි ගෙවන්න ඕන.
යුද්ධ කාලෙ එක මිනිහෙක්වත් බඩගින්නෙ මැරුනද ? 

මුහුණට මුහුණ ලා කරන යුද්ධ වගේ නොවේ. ගරිල්ලා සටන්. ත්‍රස්තවාදියා අඳුරගන්න අමාරුයි. ඉන්දියන් සාම හමුදාවෙ උසස් නිලධාරියෙක් කීවේ.. ත්‍රසතවාදීන් සහ අහිංසක ද්‍රවිඩයන් වෙන් කර අඳුරගන්න අමාරුයි. ඒ නිසා ටිකක් ඇඟ පත තියෙන හැම දෙමළ තරුණයෙකුටම වෙඩි තියන්න සිදු උනා කියල.
අද කාලෙ යුද්ධ සංකීර්ණයි. 
සාමාන්‍ය සිවිල් වැසියන්ට විතරක් නෙවි කොටින්ටත් කන්න දීලයි ගැහුවේ. දැන් ඔය කතා කරන අය එදා මොනවද කිව්වෙ කියල දැන් මතක නැහැ.
හරිට ඊයෙ පෙරේදා උපන් ගානට කතා කරන්නේ .
අද නුඹලා හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ නිසා බව තේරුම් ගනිල්ලා.
*************************************************
ලණු
හාවෙක් උදේම කඩේකට ගියා. කඩේ ඇරියා විතරයි.
"මුදලාලි කැරට් තියෙනවද?" හාවා ඇහුවා.මුදලාලි කරුණාවන්ත මිනිසෙක්.
"අනේ හාවෝ.. මේක හාඩ්වෙයාර් එකක් නේ. අපි ළඟ තියෙන්නේ යකඩ බඩු විතරයි. එළවළු කඩේකට යන්න"
"හොඳයි" හාවා යන්න ගියා.
පසුවදාත් කඩේ අරින කොටම කැලයෙන් මතු වූ හාවා "මුදලාලි කැරට් තියෙනවාද?" කියා ඇසීය. ටිකක් කේන්ති ගිය මුදලාලි.. "අනේ මෝඩ හාවෝ..මම ඊයේ කිව්වනේ.. මේක යකඩ බඩු කඩයක්..එළවළු කඩේකට පලයන්"
හාවා යන්න ගියේය.
තුන්වන දිනයේත් හාඩ්වෙයාර් එක අරින කොටම ආ හාවා.."මුදලාලි කැරට් තියෙනවාද?" කියා ඇසීය.
දැඩි කෝපයට පත් මුදලාලි" දුවපිය යන්න.. තෝ හෙටත් ආවොත් ලණුවක් දාල අර බාල්කෙ එල්ලනවා"
හාවා යන්නට ගියේය.
සිව්වන දිනයටත්  උදෙන්ම ආ හාවා" මුදලාලි කොහු ලණු තියෙනවද ?" කියා ඇසීය.
"අනේ.. හාවෝ. කොහු ලණු ඉවර වෙලානෙ  "
"එහෙනම් මුදලාලි කැරට් තියෙනවාද?"
එල්ලන්නට ලණු ඕනෑය. එල්ලෙන්නටත් ලණු ඕනෑ වෙනවාය.
දිරච්ච ලණු වැඩක් නැති ඒවාය. ඒවායින් එල්ලෙන්නටවත් එල්ලන්නටවත් බැරිය.
පහු ගිය යුද්ධ කාලයේ සරත් ෆොන්සේකා අපේ හමුදාපතිය. හමුදාවන්ට අණ දෙන්නේ හමුදාපතිය. යුද්ධයෙන් පසු රටේ සමහර පළාත්වල සරත් ෆොන්සේකාගේ දැවැන්ත පින්තූර එල්ලා අපේ රජතුමාට ජයවේවා යයි ,බෝම්බ බියෙන් ජීවත් වූ ලක්වැසියන් ලියා තිබුණේය. සමහර තැන්වල රට බේරා ගත් අපේ රජතුමාට ජයවේවා කියා මහින්ද රාජපක්ෂගේ දැවැන්ත පින්තූර එල්ලා තිබුණේය.
වීරයා, දුෂ්ටයා කිරීමටද; රජ, බලු කිරීමටද ලණු වලට පුළුවන.
මේ ඉන්නේ රාජකීය දෛවඥයාය. මහින්ද රාජපක්ෂට සුබ නැකැත් සාදා දුන්නේ එතුමාය. ඊට පඬුරු පාක්කුඩම් වශයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් 5 ක පමණක් සමත් මොහු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක කෙනෙක් කළේය.
එහෙත් ඊ ළඟට මෙතුමා  මහින්ද රාජපක්ෂට දුන්නේ දිරච්චි ලණුවක්ය.
රජා බලු විය. මේ 21 වන සියවසේ නැකැත් තරු විශ්වාස කරන අමන දේශපාලකයන්ට හොඳ පාඩමකි.
මහජනයාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සාමකාමීව ජීවිතයේ සැඳෑ සමය ගෙවීමට නියමිතව තිබූ මහින්දට ඒ දිරච්චි ලණුව දුන් රාජකීය දෛවඥයා නමින් සුමනදාසය.

මේ ඉන්නේ තවත් ලණු කාරයෙකි. එල්ලෙන්නට ලණුවක්වත් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට කාගේ හෝ කර පිටින් ගොස් රටේ බලය අල්ලා ගැනීමට ඕනෑ විය. හොඳම කෙනා මහජන ප්‍රසාදය දිනූ හමුදාපති සරත් ෆොන්සේකාය. රනිල් ලණුව දුන්නේය. ෆොන්සේකා ලණුව ගිල්ලේය.
රජෙක් වගේ ජීවිතයේ සැඳෑ සුවය විඳීමට තිබුණු ෆොන්සේකාට වැලිකඩ යන්නට සිදුවිය.

මේ ඉන්නේ තවත් ලණු කාරයෙකි. මෙයා දන්නේ ලණු දෙන්නට නොව ලණු ගිලින්නටය. රනිල්ගේ ලණුව ගිල්ල මෙතුමා දැන් එය දිරවා ගැනීමට නොහැකිව ලත වෙයි. අද කියන දේ හෙට වෙනස් කරයි. කියන්නේ මොනවාද කියා එතුමාවත් නොදනී.
අසරණ ඡන්ද දායකයා මේ හැමෝගේම ලණු කයි. ගිලියි. වමාරමින් කයි. ලබන පාර දෙනව බැටේ කියයි. මෙදා පාර දුන්න බැටේ කියයි. ආයෙමත් එහෙම කියයි.
NGO කාක්කෝ

ලෝකයේ ස්වෛරී විශාල රටවල් පවතිනවාට අවි ආයුධ වෙළඳාමෙන් ජීවත් වන ඇමරිකාව වැනි විශාල රටවල් කැමති නැහැ. කුඩා කුඩා රටවල් තිබුණාම අල්ලේ නටවන්න පහසුයි.විවිධ NGO හරහා ලෝකයේ සාමාකාමී රටවල කුමක් හෝ අරගලයක් නිර්මාණය කර එයට දේශපාලනික හැඩතලයක් ලබා දෙනවා.
ඉන්පසු එය සිවිල් අරගලයක් හෝ යුද්ධයක් තරමට පිම්බීමට අවශ්‍ය පහසුකම් හැම පාර්ශවයටම ලබා දෙනවා.
තුවාල වෙලීමට ගන්නා බැන්ඩේජ් පටියේ සිට යුද්ධ ටැංකිය දක්වා උන් ඒ රටවලට අලෙවි කරනවා. මෙය අද ඊයේ සිදු වූවක් නොවේ. රට තුලට විවිධ වේශයෙන් ඇතුළුවෙන විදේශිකයන් ගැන රජයක් අවධාරණයෙන් සිටිය යුතුය.
මේ NGO කාරයෝ කියන්නේ කුණු ගොඩවල් අවුස්සන කාක්කන් බඳුය.
කොහේ හෝ රටක ප්‍රශ්නයක් ඇත්නම් මොවුන්ට් එය අගනා නිධානයකි.
දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම්ද බැදුම්කර කොමිෂන් වාර්තාවේ දැනට පාර්ලිමෙන්තුවට ඉදරිපත් කර නැති කොටස්වල සදහන්ව ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද  ප්‍රසිද්ද කල විට මොවුනගේ සැබෑ තත්වය හෙලි වනු ඇති බවත් මන්ත්‍රීවරයා කියයි.
සමනලී ෆොන්සේකා 
මෙම තොරතුරු සගවාගෙන සිටීම ගැටළුවක් බවත් කී ඔහු ජනතාවට සත්‍ය දැනගැනීම සදහා ඒවා ප්‍රසිද්ද කල යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමෙන්තුවේදීය.පසුගිය කාලය පුරාම බැදුම්කර මංකොල්ලය සාදාරනය කරමින් රට වටා ගිය මෙම පිරිස් මිලියන ගණන් මුදල් ලබාගෙන ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී සිසිර ජයකෝඩි මහතාද පාර්ලිමෙන්තුවේදී කියා සිටියේය.
අප මහත් සේ ගරු කරන නිළි රැජින වන මාලිනි ෆොන්සේකා මැයගේ නැන්දාය. සමනළීට ආර්තිකමය වශයෙන් අඩුපාඩුවක් නැත. ඇය රූමත් දක්ෂ උගත් කාන්තාවක්. ඇය වන් චරිත මේ දාඩිය ගඳ ගහන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කහින්නෙත් කාගේ හෝ ලණුවක් කාලා නිසා නේද ?

~සරත් චන්ද්‍රසිරි~