කවි පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

සමරණ දිනය






පුපුරා බෝම්බය - රට බය කල
තිස් වසරක් පුරා සිටි ත්රස්තයො
නිදහස සැමරුවේ අපි කිරි බත
දෙදහස් නවයෙ මැයි මස දහ නව


පෙරදා
පරදා
වළඳා
වෙනිදා

විසිහත් දහක් පිරිසට අපෙ හමු
ආපසු ගෙදර එන්නට නැහැ හැකි
තව පිරිසකගෙ ඇස් - අත - පය නැති
කැප කිරීමෙනි අපෙ රට ගොඩ

දාවේ
වූවේ
වූවේ
ආවේ

පිය සෙනෙහසක් නැහැ සමහර
දරුවන් අහිමි විය මව් පිය
යෞවන අම්මලට සිදු උනි
හැම කැප උනේ යුද්දය

දරුවන්ට
දෙගුරුන්ට
තනි වෙන්ට
ජය ගන්ට

වීරෝදාර පිරිසට දිවි පිදු
සහ කැපවීම් කල අය ගැන සිත
හැම වසරකම මැයි මස දහ නව
සිංහල පිරිස් සමරති සැක බිය

පෙරදා
පහදා
වෙනිදා
හැරදා

යුද බිය රටේ නැති කෙරුනා - එය
ත්රස්තයො රැලක් මියැදුනි - ඒකත්
උන්ටත් දෙමවුපියො සහ අඹු දරු
ඉන්නට ඇති - එයයි මතකෙට ගත

ඇත්ත
ඇත්ත
රොත්ත
යුත්ත

මියගිය අය මතක් වෙන එක අපට
ත්රස්තයො උනත් උන් ගෙත් හදවතට
එයටත් ගරු කරන් රට යන ගමන
සමගිව යන්න හැකිනම් කෙතරම්ද

වගේ
නැඟේ
දිගේ
අගේ

දුටුවද විශ්වමඩු වල උන් අඬපු
අපෙ පවුලෙ අය - කමු බොමු එකට
සුමන්තිරන් විගියා වැනි අයගෙ
ගැලවී තිබේ සාමය හා සමග

හැටී
වැටී
පටී
ගැටී

කරලා ඇත නොදැන හෝ දැන ගෙන
දඬුවම ගෙවා - විඳවති උන් කල
ගිය දේ ගියා - පිලිගමු හැම සිප
වරදක් නොවෙන මිනිසුන් මෙදියත

වරද
පවද
වැළඳ
කොහිද

වෛරය වෛරයෙන් නොම සන්සිඳෙන
උත්තම බුදු වදනෙ ඇති බව නිතර
මිනිසත් කමට සලකා සමගියම
උන්ටත්  දිනක් දෙන්නට අපි කරමු

කතා
සිතා
පතා
කතා

දහවෙනි වරට සමරණ දා එන
සාමයෙ දෑත් දිගු කොට සැම දෙන
නැවතත් මෙවන් දේ නොම වන්නට
කරමුද යමක් සමගිව මිතුරියෙ
වසරේ
අතරේ
සසරේ
මිතුරේ

ආනන්ද ගුණතිලක -මෙල්බර්න්



**************************************************************
හෙවනැලි
ඉරත්, හඳත්   අමුතු රටා අඳිනා
දුකට, සැපට   ඉහට උඩින් වැටෙනා
ලාම්පු එළියෙන්  බිත්තියෙ හෙළවෙන
රට බිළි ගන්නට  වැටෙනා එරොප්පෙ

හෙවනැලි
හෙවනැලි
හෙවනැලි
හෙවනැලි

හඳ එළියට  මිදුළපුරා වැටෙනා
ගොම්මනේදි ලාමක හිත් ගස්සන
දුකට, සැපට ඉහට උඩින් වැටෙනා
අත ඇරෙනා දීගෙදි වගෙ ඇදවෙන

හෙවනැලි
හෙවනැලි
හෙවනැලි
හෙවනැලි
යුවතියන්ගෙ දෑස්වලට නොපෙනෙන
යක්ෂයන්ට,භූතයින්ට හිමි නැති
තිර මත්තේ, එහෙට මෙහෙට හෙලවෙන
මියගිය පසු අපත් සමග මියැදෙන
හෙවනැලි
හෙවනැලි
හෙවනැලි
හෙවනැලි

නිමල් පෙරේරා-ලාස් වේගාස්








****************************************
අම්මා නැති කල..
ජූජකගෙ කුණු කාණු 
ඉතිරිලා යන වතුර.....
බෝකරයි මැසි මදුරු 
බෝ සෙයින් හැම තැනම...
දල්වාපු දගර දුම 
විස නැහෙන්ටත් එක්ක....
උරාපන් සිගරට්ටු
පෙනහැල්ල පිරෙන්නට......
ආලවක වාහනෙන් 
පිට කරපු දුම් රොට්ට...
හොරකරා සහතිකේ
ගන්න දා අල්ලසට.....
මහා වන කප කපා
සුසුම් පොද ඔක්සිජන්.....
අඩු කරල තියෙද්දිත්
මේ දුමත් විස වෙත්ද........
මන්ද්‍රි දේවිය ගීය
ඒරොප්පෙ සිට ගැයෙන.....
ගෙන එද්දි ඩිනාර් කැටි
අපේ තනිකම නසන.....
එරෙන් නැති දෙතන් කිරි
පිටි කිරෙන් සපිරෙන්නෙ......
මේ විසත් කජ්ජක්ද
අපෙ ඇගට ලෙඩ ගෙනෙන........
වර්ෂ පවන් දිසාසේකර
***********
ළය පැලී මිය නොගිය යශෝදරා
----------------------------
පුංචි රාහුල හොරින් බලලා
යන්න ගිය පෙම් මැදුර හැරදා
කන්තකගෙ වගෙ පපුව පැලිලා
ගියා නම් මගෙ හුස්ම හිඳිලා

"පුතා නොරැකුව වදක යේලිය"
"මැදුරු දෙස කෙළ හැලුව ලේලිය"
"කස්තිරම් පැන නටන වේසිය"
වචන උල් පිහි වැරෙන් විසි විණ

දැසි දසුන් නොම පිරිවරාගෙන
කිරි සුවඳ දෝතින් දරාගෙන
නුඹට සිත් ලෙස දිවි ගෙවාගෙන
ඉන්න ඉඩ දුන් යශොදරාවත

නැවුම් මාවත් යළි සොයාගෙන
ළය නොපැලී නුඹ එතෙර වෙද්දිම
හුස්ම නොනැවති ඉකි දරාගෙන
හිටිය මොහොතයි වරදකාරිම


පූර්ණිමා කුලතුංග


මුල් පිටුවට