ගොසිප්

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප


තිරිසන්නු

දිවියා අලංකාර එමෙන්ම වඳවී ගෙන යන තර්ජනයට මුහුණ පා ඇති සතෙක්.
 

උන්ගේ ගොදුරු බිම් මිනිස් පරිභෝජනයට යොදා ගැනීම නිසා ගොදුරු අහිමි වීමෙන් උන් කෑම සොයා ගම් වදිති.
ගමට වැදී කීප දෙනෙකු සපා කෑ දිවියා අල්ලා ගැනීම වන ජීවී නිලධාරින්ගේ රාජකාරියයි. නිලධාරීන් හැම දාම එන්නේ පරක්කු වෙලාය. පරක්කු වෙලා ආ නිසා කෝප වූ ගම්මු දිවියාට පහර දී මරා දමයි.
පාරක් දෙකක් ගහල අල්ලල බැඳල වන ජීවියට හෝ පොළිසියට භාර දෙන්න තිබුණා නේද ?
මේ හැම තර්කයක්ම ඉදිරිපත් වන්නේ මේ ප්‍රශ්නය අපේ නොවන නිසාය.
මිනිස් - අලි ගැටුමටද හේතුව එයයි.
මේ ප්‍රශ්නය මගේ පුද්ගලික එකක් නොවන තාක් කල් ඕනෑම අයෙකුට විවිධ දාර්ශනික අදහස් පළ කල හැකිය. 
මේ සුන්දර සත්වයා විනාශ කරන්න එපා. පෙරහැරේ අරන් ගිහින් දස වද දෙන්න එපා.
අලි-මිනිස් ගැටුම මෑතක සිට වැඩි වෙමින් පවතී. අලියා ජීවත් වූ වනාන්තරය උන්ට අහිමිවෙමින් තිබේ. වනාන්තරය නාගරීකරණය වෙයි. ඉඩම් කට්ටි බෙදා ගෙවල් හැදෙයි. විශාල ව්‍යාපෘති සඳහා වනය එළි පෙහෙළි වෙයි. අලියා වතුර සොයා-කෑම සොයා ගමන් කළ  අලි මං කඩවල් වෙනස් වෙයි. අලියා කෑම සොයා ගම් වදී.
තිරිසන් මිනිසුන් දළ කපා ගැනීමට අලියා කෲර ලෙස මරා දමයි.
අලියා ගම් වැදීම වැලැක්වීමට අදිබල යෙදූ විදුලි වැට ඉදිවෙයි. අලියා දුම් රියේ හැපී මියයයි. අලියා විදුලි සැර වැදී මිය යයි. 
අලියා මෙල්ල කොට දෙහිවල සතුන් වත්තට ගෙනැත් මිනිසාට අලි සෙල්ලම් පෙන්වයි.
අලියා වේගයෙන් වාන්ද වී ගෙන යන සතෙක්. අලියා රැක ගත යුතු සතෙක්.අලියා වනයට අලංකාරයක් ගෙන දෙන සතෙක්
*************
කතා තුනක්.
(පාලිත රංගෙ බණ්ඩාරට කියවන්න ලස්සන කතා තුනක්)
නිධාන කතාව, අතීත කතාව සහ වර්තමාන කතාව
ඕනෑම රට වැසියෙකුට තවත් කෙනෙකුගෙන් යම් අවැඩක්,අසාධාරණයක්,ගැහැටක්,හිරිහැරයක් වී නම්, එය ඕනෑම මොහොතක රටේ රජුට පැමිණිළි කිරීමට හැකියාවක් තිබුණු සාධාරණ රජෙක් හිටියා. රජවාසළ දොරටුවේ බැඳි සීනුවක් නාද කිරීම පමණයි අවශ්‍ය වනුයේ. සාධාරණය මොහොතකින් ඉටු උනා.
එදා රජ ගෙදර සීනුව නාද උනා. කාගෙන් හෝ පැමිණිල්ලක්.
මෙවර සීනුව නාද කර තිබුණේ ගව දෙනක්.
පැමිණිල්ල: යමෙකු විසින් පදවන ලද අශ්ව කරත්තයට අසු වී තම අළුත  උපන් පැටවා මිය යාම;
විත්තිකරු: අඳෝමැයි.. රථය පදවා ඇත්තේ රජතුමාගේ පුත් කුමරා.
දඬුවම: එම අශ්ව කරත්තයටම යට කර තම පුතා මරා දමන්නට රජතුමා අණ කළා;

උසාවියක නඩුවක් විභාග වෙමින් තිබුණා. වරද : සොරකමක්.
චුදිතයා විසි වසරකට හිර ගෙට නියම උනා;
චුදිතයා , විනිසුරු අමතා අවසන් වරට තම මව සිප ගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියා.
සොර පුතා තම මව ගේ කණ සපා ඉරා දැම්මා.
මා කුඩා කල සුළු සුළු හොරකම් කළා. එදා මට උඹ අවවාද දී දඬුවම් කළා නම අද මේ ඉරණම මට අත්වන්නේ නැහැ.
සොර පුතා කියා සිටියා.

මීට කලකට පෙර හදිසි අනතුරක් සිදු කොට මුළු පවුලක්ම අවාසනාවට පත් කළ රන්ගෙ බණ්ඩාර ගරු රාජ්‍ය ඇමතිතුමාගේ පුතා මෙවරත් රිය අනතුරක් කළා.
පොළිසිය කියන්නේ වාහනයේ කඩුවක් සහ වොඩ්කා බෝතලයක් තිබූ බවත් එම අවස්තාවේ රන්ගේ බණඩාර ගරු ඇමතිතුමාගේ පුත් කුමරා බීමත්ව සිටි බවත්ය.
ගරු ඇමතිතුමා කියන්නේ බෝතලයේ තිබුණේ වතුර කියලාය.
අනේ ! අපි වගේ ගොන්නු.
 
~නිවීර~