කවි පිටුව

කවි පිටුව  කතා පිටුව ගීත කතන්දරය රේඩියෝව පෙර කලාප
සාමයට තව එළියක්

දරදඬු කමින් වැටිලා සිටි
ලොව බලවතුන් දෙදෙනෙක් අද
රිදී ඉරක් දිලිසෙයි කලු
කවියක් නොලිය කොහොමද මේ

මුලාවේ
හිනාවේ
වලාවේ
වෙලාවේ

තම අදහසම හරි යයි සිතු
පරසිදු යැංකියගෙ පණ්ඩිත
න්යෂ්ටික ගසා මැඩලන්නට
තේරුම් ගැණීමයි හැමගෙම

කොරියාව
කිරියාව
බැරියාව
පිරියාව

වියලුන පොල් ඉරටු වාගේ මේ
දරදඬු කමට දෙපසේ නොනැමී
කිම් ජොං උන් පෙරට පැන තම අත
ඩොනල්ඩ් ට්රම්ප් සැකය හංගා පිලි

දෙන්නා
උන්නා
දුන්නා
ගන්නා

මහ බලවතුන් ගේ සියො ලඟ කිති
සෙල්ලම් වැඩ දමා - අය බය
හිටි පොඩි එකා - රතු පාටින් වැඩ
ඉතිහාසයට අද අලුතින් පිටු

කවලා
කරලා
දමලා
ලියලා

සිංගප්පූරු රජයේ මැදිහත්
මුන ගැස්වීම වෙනුවෙන් කල කැප
අමතක නොකර ඔවුනට තුති පුද
සාමය කැමති කොයි කාගෙත් වග

වීම
වීම
දීම
කීම

ජීවිත ලක් ගනණක් ගැන හිත
සාමය රකින්නයි හැම පෙරමුණ
සමහර කොටි නැවත යුද ගිණි අවු
නීතිය අපේ ඇයි ගැන නොබ

මින්නේ
ගන්නේ
ලන්නේ
ලන්නේ

සාමය පතා ලොව හැම දෙන කැප
ලක් වැසි දනා පඹ ගාලක පැට
නීතිය සමව නැත්තේ ඇයි විම
පාලක පිරිස් බිහිරන් සේ වැජ

වෙනවා
ලෙනවා
සනවා
ඹෙනවා

ගිවිසුම් ගසා සුලු ජාතික අය
චන් දය ගත් නිසා ලිච්චවි මහ
සිංහල පිරිස දංගෙඩි ලඟටම
මඩි තර කර ගනිති - දැන් කරමුද

එක්කා
ලොක්කා
දක්කා
මක්කා

බල ලෝභය නිසා රජයේ මහ
විලි බිය නැතිව උඩ පැන පැන බැණ
ඒවා නොදුටු නොඇසූ ලෙස අපි
රටටම මල් පිපෙන දවසක් ලඟ

දෙන්නා
ගන්නා
ඉන්නා
එන්නා
~ආනන්ද ගුණතිලක -මෙල්බර්න්~
*************************************************
අද
පිට රටවලට අතපාලා  ගනිති               ණය
බොරු සුරලොවක් මවමින් කර   මෝහනය
තැන් තැන්වල දනන් දෙසනා  වැදි     බණය
කකුලක්  අඩුව වැජඹෙයි             මූලාසනය

අමුඩය ගසයි   ඇති මිනිහට        පාචනය
තැනතැන මතුවෙමින් ඇත දැඩි    භීෂනය
කණ පිළිකුල් කරයි ඇසෙනා     භාෂණය
මේවගෙ වෙන්න කිම දෙවියනි  කාරණය

කෙටි කලකට පමණයි හෙල    ධාරණය
තුන්වේලටම ගුණයක් නැති  භෝජනය
හිස්වී තිබේ ගුණදම් පිරි          භාජනය
කපුටන් කරයි කෝකිලයගෙ   කූජනය

බාගෙන කන්නෙ නැත කන්නේ  ඉහගෙනය
රජයත්, නීතියත්, හොරු ටික      වහගෙනය
අමතක වෙලා ඇත කාටත්           කළගුණය
එදිරිව ගියොත්; ඉතිරිය උගෙ      මළකුණය

දරුවට, කතට නැත අඩුවී        හිංසනය
රට හැමතැනම, හැමදාමත්     වර්ජණය
දවසින් දවස වැඩිවෙනවා         දූෂණය
මට දුක හෙට උපදින දරුවන්     ගැනය

මුළු රට පුරා ලොක්කන්ගේ    ඝර්ජණය
මිනිහගෙ නිදහසට නිතරම      තර්ජණය
මාවත් අහුරමින් ඇත වැඩ       වර්ජණය
රබර් උණ්ඩ,ජල පහරින්         මර්ධණය

රැල්ලක්වෙලා ඇත පර පණ    ඝාතණය
ඉන්නේ මහ එවුන් වසුරින් නා   ගෙනය
පන්දම් කාරයොත් ඒවා ගා       ගෙනය
ළඟ ළඟ ඇසේ මට මළබෙර     වාදනය
~නිමල් පෙරේරා- ලාස් වේගාස්~
*********************************
 සිහළ දරුවකු වගේ
හැම විටම හැම දේම
අනුන්ගෙන් කොපි කරන
දරුවෙක් නොම වෙයන්
මගෙ පුතේ හැම දාම......!

මම දකින සොඳුරු වත
සිදුරු කර එල්ල ගත්
බහුබූත දකින්නට
මම කැමති නැහැ පුතේ

වැරහැලි ඇදුම් ඇඳ
පච්චයෙන් හම වසන
ඇමරිකන් මෝස්තර
අපට නොගැලපෙයි පුතේ

මේ රටේ කොපමනක්
දේ තිබෙද  දරුවන්ට
ලොකයේ හිනි පෙත්ත
දකින්නට,නගින්නට...!

නොසෙල්වෙන ජය ටැඹෙහි
දිරිය හැමවිටම වේ
නිහතමානිව සිතමු
සිහළ ගති සුරකින්ට.

අගරුවන කිසිවකුත්
නොම කරන්නට සිතුම
රටට ආදරෙ කරන
දරුවකුගේ යුතු කමයි.

අපි නැතත් මේ ලොවෙහි
ඔබට හැකි නැගිටින්ට,
උගත්කම බලය වී
ඔබ රැකෙයි හැමදාම...!
~සුමනා සත්කුමාර- කැලිෆෝනියාව~